වසර 25 කට පසු යාපනය අර්ධද්වීපය ජාතික විදුලිබල පද්ධතිය  සමඟ එක්කිරීම, ලබන 25 වනදා ජනපති සුරතින්
24 0

Posted by  in Latest News

  • එදිනට කිලිනොච්චි ග්‍රිඩ් උපපොලද බලගැන්වේ.

    • 1987 න් පසු විදුලිබල පද්ධතියේ උතුර-දකුණ යා කෙරෙන පළමු අවස්ථාව

    • මාස 05 ක් ඇතුළත උතුරට නව විදුලි බලාගාරයක්

    ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුමෙන් පසු කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා 1987 ඔක්තෝබර් 06 වන දින ඉන්දීය හමුදා ශ්‍රී ලංකාව තුළ දියත් කළ “පවන්” මෙහෙයුම ආරම්භ කොට දින 03 කට පසු උතුරේ සම්පූර්ණ විදුලිබල පද්ධතියම අඩපණ කිරීමට කොටි ත්‍රස්තවාදීහු කටයුතු කළහ. එදා සිට මේ දක්වා කාලය තුළ යාපනය අර්ධද්වීපය ජාතික විදුලිබල පද්ධතිය හා සම්බන්ධ කිරීමට නොහැකි විය.

    වසර 02 ක කාලයක් තුළ නිමකළ වවුනියා කිලිනොච්චි අධි සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය සහ කිලිනොච්චි ග්‍රිඩ් උපපොල හේතුවෙන් නැවතත් උතුර-දකුණ යා කරමින් යාපනය අර්ධද්වීපය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට හැකිවන බව අමාත්‍ය චම්පික රණවක මහතා අද (21) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අනාවරණය කළේය. මේ යටතේ වවුනියාවේ සිට කිලිනොච්චි දක්වා සම්ප්‍රේෂණ කුළුණු 238 ක්, ඉතා දුෂ්කර මාර්ග ඔස්සේ ඉදිකර ඇති අතර ඒ සඳහා වන වියදම රු. මිලියන 3200 කි. ඒ සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය ^JICA&  විසින් සහන පොළී මත ණය ලබාදී ඇත. මේ වනවිට වැඩ නිමකර ඇති සම්ප්‍රේෂණ මාර්ගය සහ කිලිනොච්චි ග්‍රිඩ් උපපොල විවෘතකිරීම, ලබන 25 වන අඟහරුවාදා අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් එම භූමියේදී සිදුකෙරේ.

    මෙහි දෙවන අදියර, කිලිනොච්චි සිට චුන්නාකම් දක්වා කිලෝ වෝල්ට් 132 අධි සැර මාර්ගය ස්ථාපිත කිරීමයි. එහි ඉදිකිරීම් ලංවිම විසින් ආරම්භ කර ඇති අතර ලබන වසරේ මැද වනවිට එයත් බලගන්වා සමස්ත උතුරම ස්ථාවර විදුලිබල පද්ධතියක් දක්වා සංවර්ධනය කරන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුන්නේය. එහිදී චුන්නාකම් හි තවත් ග්‍රිඩ් උපපොලක් ඉදිවේ. එදා 40% ක්ව පැවති යාපනයේ විදුලියනය අද වනවිට 95% ක් දක්වා වර්ධනය කිරීමට හැකිවී තිබේ. දැනට විදුලි පාරිභෝගිකයින් 121,000 ක් සිටින යාපනයේ ඉදිරි විදුලිබල අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ලංවිම සතු තාප විදුලි බලාගාරයක් ඉදිකෙරෙමින් පවතී. මෙගාවොට් 24 ක ධාරිතාවකින් යුතු මෙම බලාගාරය දැවි තෙල් ආශ්‍රයෙන් විදුලි උත්පාදනය කිරීම, තවත් මාස 05 කින් අරඹන බව අමාත්‍ය රණවක මහතා මෙහිදී කියා සිටියේය. ඒ තත්ත්වය මත ඇග්‍රිකෝ සහ නොද(ර්)න් පවර් පෞද්ගලික තාප විදුලි බලාගාර සම්පූර්ණයෙන්ම බල පද්ධතියෙන් ඉවත්කෙරේ. මේ තීන්දුවත් සමඟ දැනට මෙම බලාගාර ආශ්‍රයෙන් යාපනයට විදුලිය උත්පාදය කිරීම හේතුවෙන් වසරකට මිලියන 2800 ක් ලෙස ලබන පාඩුව මිලියන 1500 කින් පමණ අඩුකරගත හැකි බවද අමාත්‍යවරාය සඳහන් කළෙය.

    ඉදිරියේදී අවශ්‍යතාවය මත පදනම් වූ බල පද්ධතීන් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කෙරේ. අතීතයේදී කිලෝ වෝල්ට් 33 බල පද්ධති ඉදිකළත්, අද වනවිට කිලෝ වෝල්ට් 66, 132 සහ 220 දක්වා ඒවා දියුණු වීී ඇත. ඉදිරියේදී රටේ පවතින සංවර්ධනය අනුව කිලෝ වෝල්ට් 400 දක්වා සම්ප්‍රේෂණ පද්ධති වැඩිදියුණූ කිරීමේ අවස්ථාවක්ද පවතින බව අමාත්‍යවරයා සඳහන් කරයි.