ජල විදුලියේ පියා “ඩී.ජ්. විමලසුරේන්ද්‍ර” ශ්‍රීමතාණන්ගේ 138 වන ජන්ම දිනය සැමරේ
20 0

Posted by  in Latest News

විමලසුරේන්ද්‍ර ශ්‍රීමතාණන් වැනි රට ගැන සිතන, ක්ෂේත්‍රයට ගරු කළ සහ අලූත් දේ කළ

ඉංජිනේරුවන් බිහි නොවීම රටට ලොකු පාඩුවක්.

•        තම අයිතිවාසිකම් ගැන පමණක්ම නොසිතා ආයතනය සහ රට ගැන සිතා අද සිට වැඩ කරන්නට අදිටන්  කරගන්නා ලෙස සියළුම ලංවිම සේවකයන්ට ඇමති චම්පිකගෙන් ඉල්ලීමක්.

1874 උපන් ඩී.ජ්. විමලසුරේන්ද්‍ර මහතාගේ 138 වන ජන්ම දින සැමරුම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන ලංවිම ප්‍රධාන කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණ. 1914 වර්ෂයේදී ජල විදුලිය හරහා ශ්‍රී ලංකා ආර්ථීකය ශක්තිමත් කළ හැකි අන්දම ගැන එවක සුදු අධිරාජ්‍යවාදීන් සහ ඉංජිනේරු ආයතනය දැනුවත් කළ විමලසුරේන්ද්‍ර මහතා, ලක්ෂපාන සංකීර්ණය ඉදිකිරීමේ පුරෝගාමියා වේ. එදා සිට මේ දක්වා කාලයේ එතරම්ම උදාරතර සේවාවක් ශ්‍රී ලාංකේය විදුලිබල ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකළ තවත් කෙනෙකු හඳුුනාගෙන නැතැයි ලංකා විදුලිබල මණ්ඩල උප සභාපති අනුර විෙජ්පාල මහතා පෙන්වාදුන්නේය. එදා ජල සම්පත සුදු ගල් අඟ=රු ලෙස හඳුුනාගැනීමට තරම් විිමලසුරේන්ද්‍ර ශ්‍රීමතාණන් කාලෝචිත විද්වතෙක් විය. අද සුදු ගල් අඟ=රු වෙනුවට විදුලිබලයේ අනාගතය තීරණය කරන්නේ කළු ගල් අඟ=රු බව අනුර විජ්පාල මහතා පෙන්වාදුනි.

ගුණ සමරු වැඩසටහනේ ප්‍රධාන දේශනය සිදුකළ අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කර සිටියේ, විිමලසුරේන්ද්‍ර ශ්‍රිමතාණන් එක් ක්ෂේත්‍රයකට පමණක් නිපුණතාවය දැක්වූ විද්වතෙක් නොවන බවයි. මහාමාර්ග, දුම්රිය මාර්ග සහ අපේ පෞරාණික ආගමික ස්ථාන සංවර්ධනයේදී තාක්ෂණික දැනුම ලබාදුන්, එදා මෙදා තුර ශ්‍රි ලංකාවේ බිහිවූ, අති විිශිෂ්ට ප්‍රබුද්ධ චරිතයක් ලෙස විිමලසුරේන්ද්‍ර මහතා හැඳින්විය හැකි බවයි.

අද දිනය බලශක්ති ක්ෂේත්‍රයේ අනාගතය ගැන සිහිපත් කළ යුතු දිනයක් ලෙස හඳුන්වාදුන් අමාත්‍යවරයා අවධාරණය කළෙ, ලංවිම සතු සැලැස්මෙහි කෙටිකාලීන වැඩපිළිවෙල සාර්ථක කරගැනීම දේශපාලනිකව මගේත්, නිලධාරීන් වශයෙන් ලංවිමට බද්ධව කටයුතු කරන ඔබ සැමගේත් ප්‍රධානතම වගකීමක් බවයි. එමඟින් 2014 මුල් භාගයේදී රටේ විදුලිබල පද්ධතිය ස්ථාවර කරගැනීමට අපට හැකිවේවි. ඊට සාපේක්ෂව අප වාර්ෂිකව ලබන මූල්‍ය පාඩුව අඩුකරගැනීමට අපට හැකියාව ලැබේවිි යැයි අමාත්‍යවරයා පෙන්වාදුනි. සැමදා පාරට බැස කතාකරන ඔබේ අයිතිවාසිකම් වෙනුවට මහජනතාවට යුතුකම් ඉටුකිරීමට එකතුවන ලෙස සියළුම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

2002 සිට මේ දක්වා වසර 10 ක කාලය තුළ පවුල් ලක්ෂ 11 කට විදුලිය ලබාදීමට ලංවිමට හැකිවී තිබේ. එහිදී ලක්ෂ 05 කටම විිදුලිය ලබාදී ඇත්තේ පසුගිය වසර 02 ක කාලය තුළයි. එයිනුත් ලක්ෂ 03 ක් සම්පූර්ණයෙන්ම භූමිතෙල් ආලෝකයෙන් මුදාගෙන, ස්ථාවර විිදුලි ආලෝකය හිමිකරගැනීම සුවිශේෂි කරුණක් බව අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කළේය. රටේ මහජනතාව සැමවිටම අපේ ක්‍රියාකාරකම් බුද්ධිමත්ව විමර්ශනය කරන අතර ඉදිරි ගමන් මඟ තීරණය කිරීමේ අයිතියද මහජනතාව සතු බව අමා්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද දවස විිමලසුරේන්ද්‍ර ශ්‍රිමතාණන් උපන් දිිනය මෙන්ම අනගාරික ධර්මපාලතුමන් සහ දේශපාලන ලොව හොඳ සහ නරක දෙකටම වැඩ කළ ෙජ්.ආර්. ජයවර්ධන මහතාගේද උපන් දිනය බව අමාත්‍ය චම්පික රණවක මහතා මෙහිදී සිහිපත් කළෙය.