න්‍යෂ්ටික විකිරණශීලී කන්ටේනරයක් රේගු අත්අඩංගුවට
18 0

Posted by  in Latest News

පරමාණුක ශක්ති අධිකාරිය පරීක්ෂණ අරඹයි   කොබෝල්ටි 60 කෘතිම විකිරණශීලී ද්‍රව්‍ය ඇති බවට තහවුරු වේ  භාණ්ඩ දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීම තහනම් කෙරේ

පසුගිය 13වන බ‍්‍රහස්පතින්දා ඉන්දියාවේ සිට ශී‍්‍ර ලංකාවට පැමිණි නෞකාවකින් ගොඩ බෑ අඩි 40 ප‍්‍රමාණයේ කන්ටේනරයක අධි විකිරණශීලිතාවක් ඇති බවට හඳුනාගෙන ඇත. ගෘහස්ත පරිහරණයට ගනු ලබන සුදු යකඩ සහ ඇළුමිනියම් භාණ්ඩ කට්ටල 125ක් පමණ මෙම කන්ටේනරයේ ඇති බවට ශී‍්‍ර ලංකා රේගුව තහවුරු කරයි. ශී‍්‍ර ලංකා පරමාණුක ශක්ති අධිකාරියේ අධීක්ෂණය යටතේ වරාය පරිශ‍්‍රයේ සවිකර ඇති විකිරණ හඳුනාගැනීමේ උපකරණ ආශ‍්‍රයෙන් මෙම කන්ටේනරයේ විකිරණ ද්‍රව්‍ය අඩංගු බවට මූලික හඳුනා ගැනීම සිදු කර ඇත 

ඊයේ 14 දහවල් පරමාණුක ශක්ති අධිකාරයේ විකිරණ ආරක්ෂණ හා රෙගුලාසි අංශයේ කණ්ඩයමක් විසින් අදාළ කන්ටේනරය විශේෂ පරීක්ෂාවකට ලක් කොට ඇත. එහි විකිරණශීලී ද්‍රව්‍ය අඩංගුයැයි හඳුනාගත් සාම්පල කිහිපයක් ඊයේ සවස එම අධිකාරයේ රසායනාගාර තුළදී පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී තහවුරු වී ඇත්තේ පිළිකා මර්ධනයට භාවිත කරන කොබෝලට් 60 නැමැති කෘතිම විකිරණය වැඩි වශයෙන් එම භාණ්ඩවල පවතින බවයි

මේ වන විට අදාළ කන්ටේනරය ශ‍්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරියේ අධීක්ෂණය යටතේ වරාය අධිකාරියට අයත් විශේෂ ස්ථානයක රඳවා ඇත. මෙහි අඩංගු සියලූම භාණ්ඩ කට්ටලවල විකිරණශීලී ද්‍රව්‍ය අඩංගුද යන්න සොයා බැලීම පරමාණුක ශක්ති අධිකාරිය විසින් සිදු කරනු ලබයි. කෙසේ වෙතත් අදාළ භාණ්ඩ වෙළඳපොළට නිකුත්කිරීම තහනම් කරමින් ශී‍්‍ර ලංකා පරමාණුුක ශක්ති අධිකාරිය විසින් ශී‍්‍ර ලංකා වරාය රේගුවට විශේෂ දැනුම්දීමක් කර ඇත. භාණ්ඩ නිෂ්පාදනය කළ සහ බෙදාහැරීම් සිදු කළ ඉන්දීය සමාගම පිළිබඳව තම අධිකාරිය දැනුවත් කරන ලෙසටද ශී‍්‍ර ලංකා රේගුවට දන්නා ඇති බව පාරමාණුක ශක්ති අධිකාරයේ සභාපති අචාර්ය රංජිත් විජේවර්ධන මහතා පවසයි

මේ පිළිබඳව ඉන්දීය සහ ජ්‍යාත්‍යන්තර පාරමාණු ශක්ති ඒජන්සය දැනුවත් කර මෙම භාණ්ඩ සහිත කන්ටේනරය නැවත ඉන්දියාවට යැවීමට කටයුතු කරන බව එම අධිකාරියේ විකිරණ ආරක්ෂණ හා රෙගුලාසි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනිල් රංජිත් මහතා අවධාරණය කරයි. මහජන සෞඛ්‍යයට සහ පරිසරයට හානිකරන කිසි¥ හෝ විකිරණයක් අඩංගු ද්‍රව්‍යයක් ශී‍්‍ර ලංකාව තුළට ඇතුල්වීම වලක්වමින් සියළුම පූර්ව අරක්ෂණ පද්ධති සවිමත් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි