Posted by in Latest News
බලශක්තිය තුළින් ජීවය පෝෂණය කිරීමේ අරමුණ පෙරදැරි කොටගෙන, ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍ය තුමන් ගෙන යන වැඩපිළිවෙලට අනුව වර්තමානයේ විකල්ප පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත අවධානය යොමුවීමේ වැදගත්කම පිළිබඳව චෙකොස්ලෝවැකියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය තෝමස් ඩබ් (Thomas Dub) මහතා සහ පාඨලී චම්පික රණවක මැතිතුමා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (2011.06.02) දින විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි.
එහිදී උතුරු නැගෙනහිර සම්ප්‍රේෂණ පද්ධතිය සංවර්ධනය කිරීම වෙනුවෙන් යුරෝ මිලියන 30ක ණය ආධාර ලබාදීමට චෙකොස්ලෝවැකියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් එකඟතාවය පලකර ඇත. මොණරාගල, පොළොන්නරුව සහ පත්තිරිප්පුව යන ප්‍රදේශවල නව ග්‍රිඩ් උප පොළවල් ඉදිකර, ස සම්ප්‍රේෂණ පද්ධතිය වැඩිදියුණූ කිරීම, එමඟින් සිදුකිරීමට නියමිතය.
අර්බුදයකින් තොරව 2012 වර්ෂය වන විට සැමට විදුලිය සැපයීම සඳහා විවිධ වූ ක්රමෝපායන් කෙරෙහි යොමුවෙමින් පවතින මෙම වකවානුවේදී, තෝරාගත් තරුණ ඉංජිනේරුවරුන් 30කින් යුත් විශේෂ කණ්ඩායමකට නියෂ්ටික තාක්ෂණය පිළිබඳ පුහුණුවක් ලබාදීමටද අපේක්ෂා කෙරේ. මිල අධික බලශක්ති ප්රබවයන්ගෙන් බැහැරව, මිල අවම පුනර්ජනනීය බලශක්ති ප්රබවයන් හා ජීව ඉන්ධන, ස්වාභාවික ද්‍රව ඉන්ධන වැනි විකල්ප බලශක්ති ක්‍රමවේදයක් පිළිබඳව දෙරට අතර සහයෝගිතා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී සාකච්ඡා කොට ඇත.
මෙම අවස්ථාව සඳහා චෙකොස්ලෝවැකියානු ජනරජයේ තානාපති මිලෝස්ලැව් ස්ටැසෙක් (Miloslav Stasek) මහතා චෙකොස්ලෝවැකියානු ජනරජයේ ශ්‍රී ලාංකේය මෙහෙයුම් නියෝජ්‍ය ප්‍රධානී ඇන්ඩ්රීයා කුසෙරොවා (Andrea Kucerova) මහත්මිය, අමාත්‍යාංශයීය අතිරේක ලේකම් (තාක්ෂණ) ටී.එම්. හේරත් මහතා, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක මහතා, පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා සහ අමාත්‍යාංශයීය අධ්යක්ෂ (තාක්ෂණ) එම්.ජී. ගුණතිලක මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |