Posted by in Latest News
නැවත වරක් රට අඳුරේ තියන්න අපි ඉඩ තියන්නේ නැහැ පවතින ආර්ථීක අපහසුතා මධ්‍යයේ අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ විදුලිය වෙනුවෙන් අඩු මිලක් ගෙවන්නයි. අද පවතින ආර්ථීක තත්ත්වය අනුව විදුලි බිල ගෙවීම අසීරු කරුණක් බවට පත් වෙලා තිඛෙනවා. නමුත් මෙම බිල අවම කරගන්න හැකියාව ඇත්තෙත් පාරිභෝගික ජනතාවටම තමයි. තමා පරිහරණය කරන විදුලි ඒකක සංඛ්‍යාව සුරක්ෂිතතාවයකින් යුතුව අවබෝධයෙන් භාවිතා කිරීම තුළින් තමාගේ පසුම්බියට විශාල වාසියක් අත්කරගැනීමට තමන්ට හැකියාව ලැඛෙනවා. ඒ තුළින් තම ආර්ථීකයට වගේම රටේ ආර්ථීකයටත් බලශක්ති ඬේත්‍රයේ ප්‍රගමනයටත් මහත් රුකුලක් වනවායැයි පැවසීය. ඒ මහතා එම අදහස් පළ කලේ අද (23) හෝමාගම මහ රෝහල් සේවක සේවිකාවන් සහභාගීවූ බලශක්ති සංරක්ෂණ වැඩමුළුවකට සහභාගී වෙමිනි.
බලශක්ති සංරක්ෂණ ක්‍රමෝපායන් සහ එම ක්‍රමයන් අනුගමනය කිරීම තුළින් බලශක්ති ඬේත්‍රයට සහ පුද්ගලිකව තමතමන්ට අත්වන වාසි සහගත තත්ත්වයන් පිළිබඳව කරුණු පැහැදිළී කිරීම සඳහා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් මෙම දැනුවත් කිරීමේ වැඩමුළුව සංවිධාන කර තිබේ. රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් ඉලක්ක කරගනිමින් සංවිධාන කරන ලද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව මීට ප්‍රථම ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සේවක පිරිස්, ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ, ලේ බැංකුවේ. සම්පත් බැංකුවේ සහ ලංකා බැංකු සේවක පිරිස් ඉලක්ක කරගනිමින් මෙම දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වා තිබේ.
මෙම දැනුවත් කිරීමේ අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය රණවක මහතා …,
බලශක්ති ඬේත්‍රයේ බොහෝ කරුණු සම්බන්ධයෙන් අතීතයේ සිටි පාලනාධිකාරීන් විසින් ගතයුතු තීන්දු තීරණ නිසි කලට වේලාවට ගෙන ක්‍රියාත්මක වීනම්, අද බලශක්ති ඬේත්‍රය මුහුණපා සිටින අර්බුදකාරී තත්ත්වයන් බොහෝ දුරට නිරාකරණය කරගන්නට තිබුණා. ඒ මොන ගැටළු තිබුණත් ආසියානු කලාපීය රටවල් අතරින් පැය 24ම අඛණ්ඩව විදුලිය සපයන එකම රට ශ්‍රී ලංකාව. ඒ අතින් අපේ රට විදුලිබල සැපයීම අතින් ප්‍රමුඛස්ථානයේ සිටිනවා. හීන වන බලශක්ති ප්‍රභවයන් වෙනුවෙන් මිල අවම විකල්ප බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවිය යුතු කාලය දැන් එළඹිලා. සාම්ප්‍රදායික ක්‍රමයන්ගෙන් මිදී මිල අවම විකල්ප බලශක්ති ප්‍රභවයන් වෙත පිවිසීමත්, බලශක්ති සංරක්ෂණයත් තුළින් රට අඳුරේ තිබූ කාලය මුළුමනින් ඉවත් කිරීමට දායක වන්නයැයි පැමිණ සිටි පිරිස අමතමින් පැවසීය.
මෙම අවස්ථාවට හෝමාගම මහ රෝහල් අධ්‍යක්ෂ කරුණාරත්න සමරසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ පුෂ්පා ගම්ලත්, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු රෝහලේ කාර්ය මණ්ඩලය 250ක පමණ පිරිසක් සහභාගී වූහ.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |