Posted by in Latest News
විදුලි පාරිභෝගිකයිනි, ජාතික දේපල ආරක්ෂා කරන්න.
පාඨලී චම්පික රණවක විදුලිබල හා බලශක්ති අමාත්‍ය,
දිනෙන් දින ශීඝ්‍රයෙන් ඉහළ යන විදුලි ඉල්ලූම හමුවේ සෑම වසරකම අමතර ගිගා වොට් පැය 700කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කිරීමට සිදුවෙලා තියෙනවා. ඒ වෙනුවෙන් තවත් මෙගා වොට් 150ක පමණ බලාගාර වල අවශ්‍යතාවයක් පවතිනවා. නියඟයත් සමඟම උද්ගත වූ තත්ත්වය හමුවේ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් සුළු සුළු අර්බුදයන් ඇතිවුවත්, සියල්ල යහපත් අයුරින් විසඳන්න අපිට පුළුවන් වුණා. පසුගිය වසර වල මෙවැනි කාලගුණික තත්ත්වයන් හමුවේ පැය 10ක පමණ විදුලිය කප්පාදුවක් සිදුකළත්, මේ වසරේදී අපි එහෙම කළේ නෑ. හැකි උපරිම අයුරින් අපි ඔබලාට විදුලියේ අයිතිය ලබාදුන්නා. ලංවිමත්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයත් ගමේත්, නගරයේත් සැමට සැමවිට විිදුලිය ලබාදීමේ ජාතික කර්තව්‍යය වෙනුවෙන් ඇපකැප වී කටයුතු කරනවා. නමුත් ගමකට විදුලිය ලබාදෙන්න සවිකරලා තිඛෙන භූගත කම්බි (ෑ්රඑය උසරු) කපනවා. ඊට අයත් තඹ කම්බි කපනවා. පොදු දේපල වලට හානි සිදුකරනවා. ඉතින් කොහොමද කාර්යක්ෂම විදුලි සේවාවක් සපයන්නේ? විදුලි පාරිභෝගිකයන් වශයෙන් ඔබ සැම මේ අවස්ථාවේදී අපට සහාය දෙන්න ඕන. මේ අපේ පොදු දේපල, අපි ඒවා ආරක්ෂා කරන්න ඕන. ලංවිම සතු දේපල, විදුලි පාරිභෝගික ඔබ අප හැමෝටම අයත් පොදු දේපල කියලා හිතලා ඒවා ආරක්ෂා කරන්න ඕන. එතකොට අපිට පුළුවන් ගමයි නගරයයි බලශක්තියෙන් සවිමත් කරන්න යනුවෙන් විෂයබාර අමාත්‍යවරයා, ලංවිම වයඹ පළාත් සංචාරයකට සහභාගි වෙමින්, ආණමඩුව ප්‍රදේශයේ නව විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් විවෘත කරමින් පැවති
උත්සවයකදී මෙම අදහස් පලකළේය.
වංචනික ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ට්‍රාන්ස්ෆෝමර වලට හානි සිදුකිරීම, ඒ හා සම්බන්ධ තඹ කම්බි සහ භූගත කම්බි කැපීම හේතුවෙන් විශාල මූල්‍ය පාඩුවක් මෙන්ම විදුලිය සැපයීමේදී විවිධ ප්‍රමාද දෝෂයන්ට මුහුණපෑමටද සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි. මෙවැනි නීති විරෝධි කටයුතු සිදුකරන්නන් නීතිය ඉදිරියට පැමිණවීම සඳහා දීප ව්‍යාප්තව විවිධ වැටලීම් ඉදිරියේදී සිදුකරන ලෙසත්, ඔවුනට දැඩි දඬුවම් පැමිණවීමට කටයුතු කරන ලෙසත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය චම්පික රණවක මහතා අදාල අංශ වෙත උපදෙස් ලබාදී ඇත.
මෙම අවස්ථාව සඳහා සිවිල් හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර රත්නායක, වයඹ පළාත් විදුලිබල අමාත්‍ය ලලිත් නිශාන්ත, ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරී ගැමුණු අබේසේකර සහ ලංවිම වයඹ පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.පී.එස්. කරුණාරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි විය.