Posted by in Latest News
ශ්‍රී ලංකාවේ පළමු සූර්යබල උද්‍යානයේ විදුලිය ජාතික පද්ධතියට.
දෛනිකව වැඩිවන විදුලි ඉල්ලූමට සාපේක්ෂව විදුලිය උත්පාදන හැකියාව සංවර්ධනය කිරීමේ අරමුණෙන් කොරියානු රජයේ ආධාර මත හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොන්නෝරුව ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාල සම්බන්ධිත සූර්යබල ව්‍යාපෘතිය, අද ( 2011.08.08 ) දින පෙ.ව.10.30ට විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක සහ විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය ගරු ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන්ගේ ආරාධනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් විය.
කිලෝවොට් 500ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිත මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය රු. මිලියන 412ක කොරියානු රජයේ ආධාර මත හම්බන්තොට ගොන්නෝරුවේ ස්ථාපිත කර තිබේ. සැමට සැමවිට විදුලිය සංකල්පය යටතේ පුනර්ජනනිය බලශක්ති ප්‍රභවයන් වෙත
අවතීර්ණවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් මෙම සූර්යබලශක්ති ව්‍යාපෘතිය මෙහෙයවනු ලැබේ.
මෙම අවස්ථාවට සහභාගී වූ විෂයබාර අමාත්‍ය රණවක මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදුලි උත්පාදකය වන ජල ප්‍රභවයේ හිගබව හේතුවෙන් ජල විදුලියට අමතරව මේ වනවිට ප්‍රධාන උත්පාදක මාධ්‍යය වී ඇත්තේ ඉන්ධනයි. ඉන්ධන විදුලිය මිල අධික බැවින් විකල්ප බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමට දැන් කාලය එලඹිලා. ඒ අනුව මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ස්ථාපිත කිරීම තුළින් දිනකට කිලෝවොට් පැය 2300ක් විදුලිය ජනනය කළ හැකි අතර වාර්ෂිකව මෙම අගය අටලක්ෂ තිස්නවදහස් පන්සියයක්. මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම තුළින් ඉන්ධන විදුලි උත්පාදනය සීමා කළහැකි අතර ඒ තුළින් වසරකට ඩීසල් ලීටර් ලක්ෂ දෙකක් ඉතිරි කළ හැකියි.
එසේම ඉන්ධන දහනය තුළින් සිදුවන්නාවූ පරිසර දූෂණ තත්ත්වයන්ද අවම වන අතර ඉන්ධන දහනය තුළින් මුදාහරිනු ලබන කාබන් ටොන් 300ක් පමණ නිකුත්වීම වළක්වා ගතහැකිවනු ඇතැයි පැවසීය.
වැඩිදුරටත් සිය අදහස් දැක්වූ අමාත්‍යවරයා, ලංවිම සාඩම්බරකාර, මහජන සේවයක් සපයන ආයතනයක් බවට පත්කිරීමට මම මේ අමාත්‍යධූරය භාරගත් අවස්ථාවේ දුන් පොරොන්දු ඉටු කිරීමට අද හැකි වෙලා තිඛෙනවා. 2012දී සැමට විදුලිය යථාර්තයක් වනබව නොඅනුමානයි. මේ වනවිට හම්බන්තොට විදුලියනය 100% බවට පත්වෙලා.
හම්බන්තොට වගේම දිවයිනේ සෙසු දිස්ත්රික්කයන්හිත් විදුලියනය 100%ක් වන දිනය වැඩි ඈතක නෙමෙයි. ප්‍රධාන ජාලයෙන් විදුලිය ලබාදිය නොහැකි අති දුෂ්කර ප්‍රදේශ වලට සූර්යබල කට්ටල සහන මිලට ලබාදෙන්න අපි අදහස් කරනවා. මේ වනවිට සුනර්ජනනීය බලශක්ති ප්රභයවන්ගෙන් අපි
6%ක දායකත්වයක් ලබාගන්නවා. වසර 2020 වනවිට මෙම දායකත්වය 20%ක් දක්වා වර්ධනය කිරීමට පියවර ගන්නේයැයි පැවසිය.
උත්සව අවස්ථාවට සහභාගීවූ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, සූර්යබල විදුලි ව්‍යාපාති වර්ධනය කිරීම තුළින් හම්බන්තොට දිස්ත්‍රික්කය පරිසර දූෂණයෙන් තොර අලංකාර දිස්ත්‍රික්කයක් බවට පත්කිරීමට තමා පියවර ගන්නා බවත්, ඒ සඳහා ඉදිරියේදී හම්බන්තොට
දිස්ත්‍රික්කයේ තවත් අක්කර 600ක භූමි ප්‍රමාණයක් ලබාදෙන බවත් පැවසීය.
මෙම විවෘත කිරීමේ අවස්ථාවට කොරියානු ජනරජයේ තානාපති චොයි ජොන්ග් මූන් මහතා, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක යන මහත්වරු ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික් දේශාපලනාධිකාරිය සහභාගී වූහ.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |