Posted by in Latest News
විදුල්කා බලශක්ති ප්‍රදර්ශනය ඇරඹේ.
බලශක්ති කාර්යක්ෂමතා සම්මානලාභීන්ට රන්, රිදී සහ ලෝකඩ සම්මාන.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සුනත්‍ය බලශක්ති අධිකාරිය මගින් සංවිධානය කළ විදුල්කා බලශක්ති ප්‍රදර්ශනය සහ ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙල ඊයේ 2011.08.11 දින පස්වරුවේ බන්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ගරු අගමැති දි.මු. ජයරත්න
මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ශ්‍රී ලංකා සුනත්‍ය බලශක්ති අධිකාරිය මගින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන විදුල්කා බලශක්ති ප්‍රදර්ශනයේදී දිවයිනේ සැම ක්ෂේත්‍රයකම බලශක්ති පාරිභෝගිකයින්ගේ නව නිර්මාණ හඳුනවාදීම, ඔවුන් වෙනුවෙන් තාක්ෂණික ඥාණය ලබාදීම, විදුලිබල සංරක්ෂණ ක්‍රමෝපායන් පිළිබඳව දැනුවත්
කිරීම, පුනර්ජනනීය බලශක්ති ප්‍රභේදයන් දියුණු කිරීම සිදු කෙරෙන අතර ඒ වෙනුවෙන් දිරිමත් කිරීමේ අරමුණෙන් බලශක්ති කාර්යක්ෂමතා සම්මාන පිරිනැමීම ගරු අග්‍රාමාත්‍යතුමන් අතින් සිදු කෙරිණි.
මෙම සම්මාන උළෙලේදී බලශක්ති කාර්යක්ෂමතා රන් සම්මාන හිමකරගැනීමට සමත්වූයේ හෝටල් අංශයෙන් කන්ඩලම හෙරිටන්ස, සීශෙල්ස් හෝටෙල් පුද්ගලික සමාගම සහ ඉදිකිරීම් අංශයෙන් ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයයි. රිදී සම්මානලාභීන් ලෙස නිෂ්පාදන අංශයෙන් රත්මලාන බ්‍රැන්ඩික්ස්
ආයතනයත්, හෝටල් අංශයෙන් තේ කර්මාන්තශාලා හෝටලයත්, ව්‍යාපාරික ගොඩනැගිලි අංශයන් හැටන් නැෂනල් බැංකුවත් නිකිනි ඔටෝමේශන් සිසටම් පුද්ගලික සමාගමත් තෝරාගෙන තිබේ. මීට අමතරව නිෂ්පාදන අංශයෙන් ෆීනක්ස් සමාගමද හොටල් අංශයෙන් අහුංගල්ල හෙරිටන්ස්
ආයතනයද බලශක්ති කාර්යක්ෂමතා ලෝකඩ සම්මාන හිමිකරගැනීමට සමත් විය. මෙම සම්මාන ප්‍රදානයේදී මහාපරිමාණ නිෂ්පාදන අංශයෙන් ඒකල ලෝඩ්ස්ටාර් පුද්ගලික සමාගමටද සේවා අංශයෙන් (හෝටල්) ජෙට්වින් සමාගමටද, ඉදිකිරීම් අංශයෙන් ශ්‍රී ජයවර්ධනපුර ප්‍රාදේශීය ලේකම්
කාර්යාලයටද බලශක්ති කාර්යක්ෂමතා කුසලතා සම්මාන හිමිවිය.
ඊයේ ආරම්භවූ විදුල්කා බලශක්ති ප්‍රදර්ශනය, මේ මස 14 දින දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිඛෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |