“හෙට මුළු රට එළියයි”
15 0

Posted by  in Latest News

විදුල්කා බලශක්ති ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන විශේෂ වැඩමුළු මාලාවේ අද දින (11) වෙන්ව තිබූයේ අනාගත බලශක්ති කළමනාකරුවන් වෙනුවෙනි. සමස්ත ප්‍රදර්ශන භූමියේ මෙන්ම සංවිධායක මෙහෙයවීමද පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මූලික කරගනිමින් සිදුවීම අද දවසේ විශේෂත්වයකි. බලශක්තියේ අනාගතය, ෆොසිල ඉන්ධන නොමැති අනාගත ලෝකය සහ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව හැෙඟන රචනා සහ චිත්‍ර තරඟාවලියක්ද පැවැත්විණ.

අද සුවිශේෂීම කාරණය වූයේ විෂයබාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පාසල් ළමුන් මූලික කරගනිමින් රචිත, “හෙට මුළු රට එළියයි” ග්‍රන්ථයද දොරට වැඩීමයි. එමෙන්ම පාසල් කේන්ද්‍ර කරගනිමින් බලශක්ති කව ආරම්භයද සංකේතාත්මකව සිදුවිය.
මෙම ප්‍රදර්ශනයට හා වැඩමුළුවට සමගාමමීව පැවැත්වූ තරාවලියන්හි ජයග්‍රාහී ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ත්‍යාග සහ ජය සංකේත ප්‍රදානයද විෂයබාර අමාත්‍යවරයා අතින් සිදුවිය.
මෙම වැඩමුළුව සඳහා බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල, බලශක්ති උපදේශක මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්.පෙරේරා, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක, අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තුසිත සුගතපාල සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ශ්‍රි ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි විය.