විදුලිය කියන්නේ ජනතා අයිතියක්.
18 0

Posted by  in Latest News

විදුලමු ලංකා යටතේ විදුලිය ගමට ගෙනයන ගමන අපි කඩිනම් කරනවා.

අපේ අතිගරු ජනාධිපතිතුමන් කිව්වා 2012 දෙසැම්බර් වෙද්දි මුළු දිවයිනම ආවරණය වන පරිද්දෙන් විදුලිය ලබාදෙනවා කියලා. ඒ කතාව සත්‍යයක් බවට පත්කරන්න අද අපි සූදානම් වෙනවා. අතීතයේදී විදුලිය සු ඛෝපභෝගී සේ වාවක්. නමුත් අද විදුලිය කියන්නේ අපේ අයිතියක්. ඉස්සර වගේ විදුලිය කොළඹ 07ට විතරක් සීමා වෙලා නෑ අද. ඒ අයිතිය ග‍්‍රාමීය ජනතාවටත් හැකි ඉක්මනින් ලබාදෙන් න අතිදුෂ්කර ග‍්‍රාමීය ප‍්‍රදේශයන් කරාද අද විදුලිය ව්‍යාප්ත කිරීමට පියවර ගනිමින් සිටින් නේයැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා එම  අදහස් පළ කළේ අද 2011.08.15 කෑගල්ල දිස්ත‍්‍ර ික්කයේ අරනායක කැලවගම ග‍්‍රාමීය විදුලි යෝජනා ක‍්‍රමය ජනතා අයිතියට පත්කි රීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.රු. මිලියන 16.5ක මූල්‍ය ප‍්‍රතිපාදන මත නිම කළ මෙම විදුලි ව්‍යාපෘතිය මගින් ප‍්‍රදේශයේ පවුල් 200කට පමණ සෙත සැලසෙන බව විදුලිබල හා බලශක්ති අමත්‍යාංශය පවසයි.
විෂයභාර අමාත්‍යවරයා විදුලි ව්‍යාපෘතියට ජනතා අයිතියට පත් කරමින්. මීට දශක කිහිපයකට ඉහත දවස් වල හවස 6 -7 වෙද්දි මිනිස් සු නිදාගත් තා. නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. තාක් ෂණික වශයෙන් අද විශාල දියුණුවක් ලබලා. ග‍්‍රාමීය මට්ටමෙන් පවා කර්මාන්ත පවත්වාගෙන යනවා. එම කර්මාන්ත දියුණු කරන්න, අපේ අනාගත  පරපුර වන දරුදැරියන් ගේ කුසලතාවන් වර්ධනය කරන්න අද විදුලිය අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත් වෙලා. ඉස්සර වගේ ගේ ලඟ තියෙන කණුව දිහා බලාගෙන කවදා අපිට එළියක් ලැබෙයිද කියලා අද හූල්ලන්න  ඕන නෑ. දැන් ඒ පසුතැවුන යුගය අවසන්. ප‍්‍රධාන ජාලයෙන් විදුලිය ලබාදෙන්න අපහසුම ස්ථාන වල ජීවත් වන ජනතාවට පවා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සූර්යබල කට්ටල ලබාදීමටත්, අඩු ආදායම්ලාභීන් වෙත සහන ණය යටතේ විදුලිය ලබාදීමටත් පෙළඹුනේ උස් පහත් භේදයකි න් තොරව සැමට විදුලිය ලබාදීමට යැයි පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා, විශේෂයෙන්ම අපි විදුලි පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින් නේ ගෘහස්ත පරිභෝජනයේදී විදුලි සංරක්ෂණය කෙරෙහි සැලකිලිමත් වෙන්න කියලා. විදුලි උපකරණ මිලදී ගැනීමේදීත් තමාට සරිලන දේ් පමණක් ගත යුතුයි.  අද කාලගුණික විපර්යාසයන් ඇතිවෙලා. ලොකු පෑවිල්ලක් ඇවිත්. එදා මෙහෙම විපර්යාසයන් ඇති වුන අවස්ථා වලදි විදුලි කප්පාදු ඇති උනා. නමුත් අද තාප විදුලිය නිසා එසේ කරන්න වෙන් නේ නැහැ. ආලෝකය ලබාදීම දෙනෙත් ලබාදීමක් හා සමානයි කියලා බුදු බණෙත් ති යෙනවා. ගමට විදුලිය ලබාදීමෙන් අප ප‍්‍රධාන වශයෙන්ම අපේක්ෂා කරන්නේ අපේ අනාගත පරපුරේ ඇස් පාදන්නයි. අපි ඉගෙන ගත්තේ කුප්පි ලාම්පු එළි යෙන්. ඒත් අපේ දරුවො  අපි වින්ද දුක් විඳින්න අවශ්‍ය නැහැ. කුප් පි ලාම්පුවට සමුදීලා විදුලි එළියෙන් අධ්‍යපන කටයතු කරගෙන යන අපේ ගැමි දරුවෝ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක් වෙලා ගමට එන දවසට දෙමව්පියන්ට වගේම විදුලි ය දුන්න අපටත් සතුටු විය
හැකියැයි පැවසීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලි ත් දිසානායක මහතා ඇතුළු ලංවිම ජේ්‍යෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ. මෙම විදුලි යෝජනා ක‍්‍රමය ජනතා  අයිතියට පත්කිරීමෙන් අනතුරුව විෂයබාර අමාත්‍යවරයා රු. මිලියන 54ක වියදමකි න් ඉදිකළ මලවිට ග‍්‍රාමීය විදුලි යෝජනා ක‍්‍රමය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවටද එක්විය. පවුල් 100කට පමණ විදුලිය පහසුකම් ලබාදියහැකි මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක යන මහත්වරුද සහභගී වූහ