කඳුරට  විදුලියෙන්  ඒකාලෝක වූ වගයි.
18 0

Posted by  in Food

2009 වසරේදී ත‍්‍රස්තවාදය පරාජය කිරීම දක්වා වූ වසර 30 ක දීර්ඝ ගමන් මඟ වෙනු වෙන් ජාතික බලවේග විසින් ඉටුකළ දැවැන්ත කාර්යභාරය ආදර්ශයට ගනිමින් 2012 වසර වන විට මුළු රට අඳුරෙන් මුදාගැනීමේ ජාතික වගකීම උදෙසා ඇපකැප වන විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ප‍්‍රමුඛ අමාත්‍යාංශ සහ ලංවිම නිලධාරීන්

කණ්ඩායම විසින් පසුගිය අගෝස්තු මස 14,15 සහ 16 යන තෙදින තුළ මධ්‍යම පළාත මූලික කරගනිමින් විදුලමු ලංකා ජාතික වැඩසටහන යටතේ සිදුකරනු ලබන විදුලි විවෘතයන්,  ග‍්‍රාමීය විදුලි ව්‍යාපෘතීන් පි ළිබඳ ප‍්‍රගති සමාලෝචනයන් ඇතුළු ප‍්‍රජා සත්කාර සේවාවන් රාශියක් ඉටුකරනු ලැබීය.
දඹුල්ල නගරයේ ස්ථාපිත කළ  ලංවිම විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, විෂයබාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කිරීමත් සමඟ මාතලේ දිස්ත‍්‍ර ික්කයේ විදුලි පාරිභෝගිකයන් මුහුණදෙනු ලබන විදුලි බිල්පත් සම්බන්ධ ගැටළු, විදුලි මීටර් දෝෂ, අඩු වෝල්ටීයතා ගැටළු හා විදුලි බිඳවැටීම් පිළිබඳ ගැටළු වලට විසඳුම් ලබාදීමට ඇමතිතුමන් ප‍්‍රමුඛ ලංවිම නිලධාරීන්ට හැකිවුණේ එහි පැවති විදුලි ජංගම සේවය හා විදුලි පාරිභෝගික සමිති හමුවේදීය.
මාතලේ දිස්ත‍්‍රික්කයේ කළුදෑවල, කින්දකට්ටි දේ වාල විදුලි දිගුවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම, විෂයබාර අමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් සහ ප‍්‍රවාහන නියෝ ජ්‍ය අමාත්‍ය  රෝහණ දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් සිදුවූ අතර ඒ සඳහා රුපියල් මිලියන 3.26ක මුදලක් ආයොජනය කෙරිණි. මෙහි ප‍්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 65කි. පවුල් 72ක් විදුලි යෙන් ස්වයංපෝෂිත කරමින්, ඉරාන ආධාර  යටතේ රුපියල් මිලියන 7.38ක වියදමකින් නිමකෙරුණු පහළ ඇරැුව්වල සහ මැදපිහිල්ල විදුලි යෝජනා ක‍්‍රම ජනතා අයිතියට පැවරීම විදුලිබල අමාත්‍යවරයා අතින් සිදුකෙරුණු අතර මේ සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍ර ි ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ඇතුළු ලංවිම නිලධාරීන් පිරිසක් සහභාගී විය.
සීඩා අරමුදල් යටතේ, රුපියල් මිලියන 16.5ක වියදමකින් නිමකළ කෑගල්ල දිිස්ත‍්‍රික්කයේ අරනායක, සැලවගම විදුලි යෝජනා ක‍්‍රමය, විදුලිබල අමාත්‍යවරයාගේ ප‍්‍ර ධානත්වයෙන් ජනතා අයිතියට පත්වූයේ ප‍්‍ර තිලාභී පවුල් 175කට ආලෝකය ලබාදෙමිනි. මේ අවස්ථාවට සෞඛ්‍ය නි යෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා ඇතුළු පළාතේ මැති ඇමතිවරු පිරිසක් සහභාගී විය.
විදුලියනය 96%ක්ව පවති න මහනුවර දිස්ත‍්‍රික්කයේ අඩු වෝල්ටීයතා ගැටළුවට විසඳුමක් වශයෙන්, දැනට පවතින විදුලි පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 6.3ක වියදමකින්, මොරන්කන්ද සහ නාරන්ගස් පිටිය විදුලි යෝජනා ක‍්‍රම විවෘත කිරීම සිදුවූ අතර මෙයින් ප‍්‍ර තිලාභ ලැබූ පවුල් සංඛ්‍යාව 151කි. කෑගල්ල, වෑවලදෙණිය විහාරස්ථානයේදී පැවති විදුලි ජංගම සේවය, කෑගල්ල දිස්ත‍්‍රික් ජනතාවගේ විදුලි ගැටළු වලට මහඟු අස්වැසිල්ලක් විය.
කෑගල්ල දිස්ත‍්‍රික්කය තුළ පවතින විදුලි සේවය සම්බන්ධ ගැටළු පිළිබඳව හා කාර්යක්ෂම පාරිභෝගික සේවාවක් පවත්වාගෙන යාම වෙනුවෙන් පළාතේ දේශපාලන අධිකාරිය සමඟ විශේෂ සාකඡුාවක් කෑගල්ල දිස් ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. එම සාකච්ඡුාවේදී, විදුලි පාරිභෝගික  ගැටළු නිරාකරණය සම්බන්ධයෙන් ශ‍්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සතු බලතල පළාත් මට්ටමින්  ක‍්‍රියාත්මක කිරීම සඳහා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට හැකියාව පවතින බවත්, ඒ සඳහා සෘජුව සම්බන්ධ වී කාර්යක්ෂම සේවාවක් ලබාදෙන ලෙසත් විෂයබාර අමාත්‍යවරයා සඳහන් කළේය. එම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ පළාතේ පාලිමේන්තු මන්ත‍්‍ර ිවරු, ප‍්‍රාදේශීය සභා සභාපතිවරු හා ලේකම්වරු, ලංවිම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ පාරිභෝගික නියෝජිතයන් පිරිසක් සහභාගී විය.
ඉන් අනතුරුව විදුලිබල අමාත්‍යවරයාගේ අවධානය යොමුවූ යේ,  මධ්‍යම පළාතේ විදුලියනය 100%ක් බවට පත්කිරීමේ කටයුතු මෙහෙයවීම සඳහා ස්ථාපිත කළ විදුලමු ලංකා  ව්‍යාපෘති කාර්යාලය විවෘතකිරීම සඳහායි.
මහනුවර දිස්ත‍්‍ර ික්කයේ විදුලි පාරිභෝගික ජනතාවගේ ගැටළු දැනහැඳිනගෙන, ඒවාට විසඳුම් ලබාදීමට මෙහිදී අමාත්‍යවරයාට හැකිවිය. ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රංජිත් ගුණවර්ධන මහතාගේ උපදේශකත්වයත්, මධ්‍යම පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බන්දුල පෙරේරා මහතාගේ මඟපෙන්වීමත්. සමස්ත ලංවිම කාර්ය මණ්ඩලයේ දැඩි උත්සාහය හා කැපවීමත් මෙම තෙදින සංචාරය සාර්ථක කරගැනීමට මහඟු පිටිවහලක් විය.
මධ්‍යම පළාත ඒකාලෝක කරමින් සිදුකෙරුනු අමාත්‍යතුමාගේ තෙදින සංචාරය මෙසේ නිමාවුයේ, 2012 වන විට මුළු රට එළිය කිරීමේ උදාර කර්තව්‍යයට දළදා සමිඳුන්ගේ ආශිර්වාදයද පතමිනි. ඒ ආශිර්වාදයත් සමඟ මීළඟ සංචාරයෙන් සබරගමු හා ඌව පළාත් ඒකාලෝක වනු ඇත.