Posted by in Latest News
ඌව පළාතේ බදුල්ල 84%ක් විදුලුලියෙන් ආවරණිතිතයි
බදුල්ලට ඌව උදාන ව්‍යාපෘති කාර්යාලයක් – අඳුරු යුගයට තිතක්. සාම්පරධායික කරමයන්ගෙන් මිදුන විදුලිබල ක්ෂේතරයක් බදුල්ල විදුලි පාරිභෝගික ජනතාවගේ සුබසාධනය උදෙසා බදුල්ලේදී අභිනවයෙන් ස්ථාපිත කළ ඌව උදාන ව්‍යාපෘති කාර්යාලය පසුගියදා (2011.10.16) ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනතා සේවයට කැපවිය.
බදුල්ලේ ස්ථාපිත කෙරුන මෙම ඌව උදාන ව්‍යාපාති කාර්යාලය මගින් දිස්ත‍්‍රික්කයේ මෙතෙක් විදුලිය පහසුකම් නොලැබූ කොටස් හඳුනාගනිමින් ඔවුන්ට විදුලි සබඳතා ලබාදීම, පවතින විදුලි ගැටළු වලට කඩිනම් පිළියම් ලබාදීම ආදිය මෙන්ම කාර්යක්ෂම සහ ආරක්ෂාකාරී ලෙස විදුලිය පරිහරණය කිරීම පිළිබඳ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීම ආදී විවිධාකාරයේ විදුලිය සමිබන්ධ සේවාවන් ලබාගැනීමේ අවස්ථාව උදාකර දී ඇත. මෙම කාර්යාලයේ විශේෂත්වය වන්නේ සෑම උපදේශන කටයුත්තක් හා සේවාවක්ම කාර්යක්ෂමව අවශ්‍යවූ සැනින් ඉටුකරගැනීෙමි හැකියාව බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
මෙම වැඩසටහන් වලට සමගාමීව රු. මිලියන 89.17ක මූල්‍ය පරතිපාදන මත ඉදි කළ ට‍්‍රාන්ස්ෆෝමර්
8කින් සමන්විත මහියංගන මොරාණ කඳුබැද්ද විදුලි යෝජනා ක‍්‍රමය ජනතා අයිතියට පැවරීම, ඌව පලාත් විධායක නිලධාරීන් හමුවක් මෙන්ම බදුල්ල විදුලි සංවර්ධන කටයුතු සම්බන්ධව බදුල්ල ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡුාවකටද අමාත්‍යවරයා සහභාගී විය.
ඌව උදාන ව්‍යාපෘති කාර්යාලය විවෘත කරමින් පැවති උත්සව සභාව ඇමතූ අමාත්‍ය රණවක මහතා.
අපේ රජය කලින් සැලසුම් කළේ වසර 2016දී මුළු දිවයිනම ආවරණය වන පරිද්දෙන් විදුලිය ලබාදීමටයි. නමුත් මේ වනවිට එම කාර්යය කඩිනම් කරලා වසර 2012 වනවිට මුළු දිවයින ආවරණය වන පරිද්දෙන් විදුලියනය 100%ක් බවට පත් කරන්න අපි සැලසුම් කරනවා. විදුලමු ලංකා වැඩසටහන යටතේ සැමට විදුලිය කියන්නේ සැම නිවසකටම විදුලිය දීම නොවෙයි. සැම ගමකටම විදුලිය සැපයීමයි. දෛනිකව ගෙවල් බිහි වෙනවා. ඒ නිසා සෑම නිවසකටම විදුලිය සැපයීම නිමක් දකින්න බැරි කාර්යයක්. දීපව්‍යාප්තව ආර්ථික සහ පාරිසරික හේතුන් මත පරධාන ජාලයෙන් විදුලිය ලබාගන්න බැරි ජනතාව 50,000ක් පමණ මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. රත්නපුර, බදුල්ල, මහුනවර, මාතලේ සහ කයිට්ස් වැනි ප‍්‍රේදශ වල තමයි වැඩි වශයෙන් මෙවැනි නිවාස පවතින්නේ. මොවුන්ට කුඩා ජාලයන්ගෙන් විදුලිය සපයන්න පුළුවන්නම් ඒ විදිහට කරනවා. නැතිනම් විකල්ප කරම යොදා ගන්නවා. ලංකාව මුහුණදී තිබෙන බලශක්ති අර්බුදයෙන් ගොඩගන්න නම් පුනර්ජනනීය බලශක්ති පරභවයන් වෙත යොමුවිය යුතුමයි. ඒකට පරධානතම හේතුව තමයි ගල්අගුරු වැනි පොසිල ඉන්ධන ක්ෂයවෙමින් පැවතීමයි. වසර 2020 වනවිට පුනර්ජනනීය බලශක්තියෙන් ජාතික පද්ධතියට 20%ක දායකත්වයක් බලාපොරොත්තු වෙනවා.
දිපව්‍යාප්තව විදුලිය ලබාගන්න නොහැකිව සිටි අඩුආදායම්ලාභීන් අරමුණු කරගනිමින් විදුලි අත්වැල, ග‍්‍රාමශක්ති වැනි සංකල්පයන් අපි කරියාත්මක කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම රෝහල් වැනි සමාජ සේවා සපයන ආයතනයන්ගේ විශාල විදුලි වැයවීමක් තිබෙනවා. මෙවැනි ස්ථාන වලින් වන සේවය නිසාම ගෙවීම් නිසි පරිදි සිදු නොකරන අවස්ථා වලදී වුවත් විදුලිය විසන්ධි කිරීමකින් තොරව ලබාදෙනවා. නමුත් මේ තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යාම එතරම් යහපත් වෙන්නේ නැහැ. අපේ රට විදුලිබල සැපයීම අතින් පරමුඛස්ථානයේ සිටිනවා. හීන වන බලශක්ති පරභවයන් වෙනුවෙන් මිල අවම විකල්ප බලශක්ති ප‍්‍රභවයන් වෙත යොමුවිය යුතු කාලය දැන් එළඹිලා. සාම්පරදායික කරමයන්ගෙන් මිදී මිල අවම විකල්ප බලශක්ති පරභවයන් වෙත පිවිසීමත්, බලශක්ති සංරක්ෂණයත් තුළින් රට අඳුරේ තිබූ කාලය මුළුමනින් ඉවත් කිරීමට දායක වන්නයැයි පැවසීය.