Posted by in Latest News
ගමට විදුලිය දීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අනාගත පරපුරේ ඇස් පාදන්න.
අපේ අතිගරු ජනාධිපතිතුමන් දිව්රුම් දෙද්දි කිව්වා 2016 වෙද්දි මුළු දිවයිනම ආවරණය වන
පරිද්දෙන් විදුලිය ලබාදෙනවා කියලා. නමුත් එතුමාගේ කඩිනම් සංවර්ධන වැඩපිළිවෙල යටතේ අද
අපට පුළුවන් වෙලා තියෙනවා 2012 වෙද්දි ඒ කතාව යථාර්තයක් බවට පත්කරන්න. අතීතයේදී
විදුලිය සුඛෝපභෝගී සේවාවක්. නමුත් අද විදුලිය කියන්නේ අපේ අයිතියක්. ඉස්සර වගේ විදුලිය
කොළඹ 07ට විතරක් සීමා වෙලා නෑ අද. ඒ අයිතිය ග‍්‍රාමීය ජනතාවටත් හැකි ඉක්මනින් ලබාදෙන්න
අතිදුෂ්කර ග‍්‍රාමීය ප‍්‍රදේශයන් කරාද අද විදුලිය ව්‍යාප්ත කිරීමට පියවර ගන්නේයැයි විදුලිබල හා
බලශක්ති අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා එම අදහස් පළ කළේ
පසුගියදා ( 2011.10.15 ) මොණරාගල දිස්ත‍්‍රික්කයේ වෙහෙරගල ග‍්‍රාමීය විදුලි යෝජනා ක‍්‍රමය ජනතා
අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
රු. මිලියන 13.5ක මූල්‍ය ප‍්‍රතිපාදන මත නිම කළ මෙම විදුලි ව්‍යාපෘතිය මගින් ප‍්‍රදේශයේ පවුල් 200කට පමණ සෙත සැලසෙන බව විදුලිබල හා බලශක්ති අමත්‍යාංශය පවසයි. මෙම විදුලි යෝජනා ක‍්‍රමය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව රු. මිලියන 15.9ක වියදමකින් ඉදිකළ ඩෝසර්වීදිය ග‍්‍රාමීය විදුලි යෝජනා ක‍්‍රමය සහ රු. මිලියන 9.07ක විදමකින් වැඩනිම කළ රජකන්ඩිය විදුලි යෝජනා ක‍්‍රමය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවටද විෂයබාර අමාත්‍යවරයා එක්විය.
ඊට අමතරව ඌව උදාන ව්‍යාපෘති කාර්යාලය විවෘත කිරීම, බුත්තල ග‍්‍රැන්ට‍්‍රිය විදුලි යෝජනා
ක‍්‍රමය විවෘත කිරීම සහ දියතලාව ප‍්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාල හා පාරිභෝගික මධ්‍යස්ථානය
නිරීක්ෂණය කිරීමද විෂයබාර අමාත්‍යවරයා අතින් සිදු කෙරුන අතර මොණරාගල විදුලි ව්‍යාපෘති
සම්බන්ධයෙන් අමා්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රදේශයේ දේශපාලන සහ රාජ්‍ය නිලධාරීන්ගේ
සහභාගීත්වයෙන් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡුාවක්ද පැවැත්විණි.
විෂයභාර අමාත්‍යවරයා විදුලි ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කරමින් ………..,
මීට දශක කිහිපයකට ඉහත දවස් වල හවස 6 -7 වෙද්දි මිනිස්සු නිදාගත්තා. නමුත් අද තත්ත්වය
ඊට හාත්පසින්ම වෙනස්. තාක්ෂණික වශයෙන් අද විශාල දියුණුවක් ලබලා. ග‍්‍රාමීය මට්ටමෙන් පවා
කර්මාන්ත පවත්වාගෙන යනවා. එම කර්මාන්ත දියුණු කරන්න, අපේ අනාගත පරපුර වන
දරුදැරියන්ගේ කුසලතාවන් වර්ධනය කරන්න අද විදුලිය අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත් වෙලා.
ඉස්සර වගේ ගේ ළඟ තියෙන කණුව දිහා බලාගෙන කවදා අපිට එළියක් ලැබෙයිද කියලා අද
හූල්ලන්න ඕන නෑ. දැන් ඒ පසුතැවුන යුගය අවසන්. ඒ වගේම ඡුන්ද කාලෙට ගෙවල් වල ඇවිත්
කරන්ට් දෙන්නම් කියලා ඡුන්ද ඉල්ලන්නන්ට රැුවටෙන්න ඔනත් නෑ. විදුලිය පහසුකම සැම
ජනකොටසකටම ලබාදෙන්න අපි මේ වෙද්දි කටයුතු යොදලා තිබෙනවායැයි පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා,
විශේෂයෙන්ම අපි විදුලි පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගෘහස්ත පරිභෝජනයේදී විදුලි
සංරක්ෂණය කෙරෙහි සැලකිලිමත් වෙන්න කියලා. විදුලි උපකරණ මිලදී ගැනීමේදීත් තමාට සරිලන
දේ පමණක් ගත යුතුයි.සන්නිවේදන මාධ්‍යයන්ගෙන් අහන්න දකින්න ලැබෙන සෑම උපකරණයක්ම
මිලදී ගන්න තරම් අපි අනුවන වියයුතු නෑ. විදුලිය සම්බන්ධතා ලබාදෙන්න ආවම ලංවිම නිලධාරීන්
දෙවිවරු වගේ පේනවා. අනවශ්‍ය විදිහට විදුලිය පරිහරණය කරලා රතු බිල් ආවම නම් පේන්නේ
යක්කු වගේ. පසුගිය සමයේ කාලගුණික විපර්යාසයන් ඇති වුන අවස්ථා වලදි විදුලි කප්පාදු ඇති
උනා. නමුත් අද තාප විදුලිය නිසා එසේ කරන්න වෙන්නේ නැහැ. ආලෝකය ලබාදීම දෙනෙත්
ලබාදීමක් හා සමානයි කියලා බුදු බණෙත් තියෙනවා. ගමට විදුලිය ලබාදීමෙන් අප ප‍්‍රධාන වශයෙන්ම
අපේක්ෂා කරන්නේ අපේ අනාගත පරපුරේ ඇස් පාදන්නයි. අපි ඉගෙන ගත්තේ කුප්පි ලාම්පු
එළියෙන්. ඒත් අපේ දරුවො අපි වින්ද දුක් විඳින්න අවශ්‍ය නැහැ. කුප්පි ලාම්පුවට සමුදීලා විදුලි
එළියෙන් අධ්‍යපන කටයුතු කරගෙන යන අපේ ගැමි දරුවෝ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක්
වෙලා ගමට එන දවසට දෙමව්පියන්ට වගේම විදුලිය දුන්න අපටත් සතුටුවිය හැකියැයි පැවසීය.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |