Posted by in Latest News
අතිගරු ජනාධිපතිතුමන්ගේ ජන්ම දිනට සහ පදවි ප්‍රාප්තියට සමගාමීව මහින්ද චින්තන ඉදිරි දැක්ම සාර්ථකව ඉදිරියට ගෙනයමින්, සැමට සැමවිට විදුලිය යන්න සැබැවූ යථාර්තයක් බවට පත් කරමින්, මේ වනවිට මුළු දිවයින පුරාම විදුලි ව්‍යාපෘති රාශියක් ක්‍රියාවට නැංවේ. නැගෙනහිර පළාත මූලික කරගනිමින් සිදුකෙරෙන විදුලි ව්‍යාපෘති සහ එම පළාත් වල ලංවිම සේවා ස්ථානයන්හි ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා අද දිනයේ (2011.11.18) අමාත්‍ය රණවක මහතා කටයුතු කළේය. එම වැඩසටහනට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේමෙතෙක් විදුලිය නොලැබූ පවුල් වෙනුවෙන් නව විදුලි ව්‍යාපෘති 03ක් අද ජනතා සේවයට කැපකරන ලදී.
මේ යටතේ රු. 15,556.760.00ක වියදමකින් ඉදිකළ නිවාස 230කට විදුලිය සැපයිය හැකි මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරලේපත්තු උතුර අමදනවේලි විදුලි ව්‍යාපෘතිය, රු. 6,916,400.00ක වියදමකින් නිවාස 160ක් ආවරණය කළහැකි පරිදි ඉදිකළ වාලච්චේන කරුවාකර්නි විදුලි ව්‍යාපෘතිය සහ රු. 4,251600.00ක වියදමකින් නිවාස 36කට විදුලිය ලබාදිය හැකි පරිදි ඉදිකළ වාලච්චේන මාණිකපුරම් විදුලි ව්‍යාපෘතිය විෂයභාර අමාත්‍යවරයා අතින් ජනතා සේවයට කැපකරන ලදී. මෙම ව්‍යාපෘති වෙනුවෙන් ලංවිම කඩිනම් ග්‍රාමීය විදුලි ව්‍යාපෘති සහ ග්‍රාමීය විදුලි ව්‍යාපෘති අංක 08 යටතේ මූල්‍ය ප්‍රදිපාදන සපයාගෙන තිබේ.
අමාත්‍ය රණවක මහතා උත්සව අවස්ථාවන්ට සහභාගී වෙමින්….,
රජයක් හැටියට සෑම අවස්ථාවකම අපේක්ෂා කළ යුත්තේ ජනතා සුබසිද්ධියයි. ඒ නිසා තමයි අපි මේ තරම් විශාල මුදල් සම්භාරයක් වියදම් කරලා ජනතාවට විදුලිය ලබා දෙන්නේ. ජනතාව ඒ තත්ත්වය අවබෝධ කරගෙන විදුලියෙන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතුයි. අතීතයේදී විදුලිය සුඛෝපභෝගී සේවාවක්. නමුත් අද විදුලිය කියන්නේ අත්‍යාවශ්‍ය සේවාවක්. ඒ නිසා තමයි ලංවිම ලාභ අපේක්ෂාවෙන් තොරව, සේවයට මුල්තැන දීලා කටයුතු කරන්නේ. විදුලිය සුරක්ෂිතව පරිභෝජනය කරලා, රටටත් තම පසුම්බියටත් වාසි සහගත තත්ත්වයක් උදාකරගන්න පාරිභෝගිකයන් දැනගත යුතුයි. පසුගිය වකවානුව තුළ රටේ ආර්ථික සංවර්ධනය
8%ක්ව පවතිද්දි, නැගෙනහිර පළාතේ එම අගය 20%ක් ලෙස වාර්තා වුණා. ඇත්තෙන්ම මෙය ඉතාම යහපත් තත්ත්වයක්. අද මේ ලබාදෙන විදුලිය උපයෝගී කරගනිමින්, මෙම ආර්ථික සංවර්ධනය තව තවත් වර්ධනය කරන්න උත්සාහ ගතයුතුයි. මේ වනවිට නීතිවිරෝධී ලෙස සිදුවන විදුලි පරිහරණයන් වැඩි වශයෙන්ම වාර්තාවෙන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශයන්ගෙන්. අවුරුදු ගානක් ත්‍රස්ත ක්‍රියා හමුවේ පීඩා විඳි ජනතාවට අපි සෙත සලසන්න සැරසෙද්දි, එම කාර්යය පහසු කරගන්න මේ ප්‍රේදශ වල ජනතාවගෙත් සහාය අත්‍යාවශයයි. ඒ නිසා මම මේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, නීති විරෝධී ක්‍රියාවන්නේ වැළකිලා ගුණාත්මක සේවයක් සපයන්න ලංවිමට සහාය දෙන්න කියලා යැයි පැවසීය.
මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් මහඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්ත් මහතා ප්‍රමුඛ, පළාත් සහ
ප්‍රාදේශීය සභා දේශපාලන නායකයින් රැසක් සහභාගි විය.