Posted by in Latest News
විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගේ මඟපෙන්වීම යටතේ පසුගිය වසරක කාලය තුළ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන වල ප්‍රගතිය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් නිර්මාණය කරන ලද විදුලමු ලංකා, ත්‍රෛමාසික පුවත්පත් අතිරේකය එළිදැක්වීම, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ලේක්හවුස් සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන්, 2011.12.14 දින පස්වරුවේදී ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ශාලාවේදී සිදුකෙරිණි.
විදුලමු ලංකා අතිරේකය අද දින (2011.12.15) දිනමිණ පුවත්පත සමඟ නොමිලයේ ඛෙදාහරින අතර විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය ප්‍රගතිය වෙනුවෙන් අමාත්‍යාංශය ඇතුළු අනුබද්ධ ආයතන මඟින් සිදුකරන ලද මෙහෙවර මෙමඟින් එළිදැක්වේ.
මෙය සම්පාදනය අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය මඟින් සිදුකෙරිණ.