Posted by in Latest News
සාගර ජලය දූෂණය කළමණාකරණය සඳහා න්‍යෂ් ඨික හා සමස්ථානික තාක්ෂණය භාවිතා කිරීමේ
හැකියාව සහ ඒ තුළින් ලබාගත හැකි ප්‍රතිලාභයන් පිළිබඳව විද්‍යාඥයින්, කළමණාකරුවන්,
පර්යේෂකයන් මෙන්ම රජයේ උසස් නිලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් ඊයේ (2012.01.10)
පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා වැල්ලම්පිටිය, ඔරුගොඩවත්තේ, බේස්ලයින් මාවතේ අංක 60/460
දරන ස්ථානයේ පිහිටි පරමාණුක ශක්ති අධිකාරි ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. සාගර දූෂණ
වැළැක්වීමේ අධිකාරිය සමග එක්ව සංවිධාන කළ මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශක ලෙස
ජාත්‍යන් තර පරමාණුක ශක්ති ඒජන්සියේ විශේෂඥ ආචාර්ය රිෆාට් කුරේෂි මහතා සහභාගි විය.
මෑතභාගයේදි ඉතාමත් සී ග්‍ර වශයෙන් සමුද්‍ර දූෂණ තත් ත්වය ව්‍යාප් තව පවති න අතර මෙම තත් ත්වය
මැඩපැවැත්වීම ඉතාම අසීරු කරුණක්ව පවතී. නාගරික අපද්‍රව්‍ය, ගෘහස්ථ අපද්‍රව්‍ය, කාර්මික
අපද්‍රව්‍ය, කෘෂි අපද්‍රව්‍යද, නැව්, ධීවර යාත්‍රා තු ළින් මුහුදු ජලයට එක්වන්නාවූ තෙල්, නයිට්‍රජන්,
පොස්පරස්, කාබනික සංයෝග මෙන්ම කාබන්ඩයොක්සයිඩ් වැනි වායු වර්ගයන්ද මුහුදු ජලයට
එක්විම තුළි න් මුහුදු ජලය අධික ලෙස දූෂණ තත් ත්වයනට ගොදුරු වේ. දිගින් දිගටම මෙම
තත් ත්වය මේ ආකාරයෙන් පැවතීමෙන් සත්ව කොට්ඨාශයන්ට මෙන්ම සත් ව විශේෂයන්ගේ වඳවීම
තුළින් ජෛව විවිධත්වයටද බලපෑම් එල්ලකරනු ලබන බව සම්මන්ත්‍රණය ඇමතූ ආචාර්ය කුරේෂි
පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වු කුරේෂි මහතා විෂ රසායන ද්‍රව්‍ය ආහාරදාම ඔස්සේ ශරීරගතවීම
නිසා මිනි සා නොයෙක් ලෙස රෝගයන්ටද ගොදුරු වන බවත්, සාගරය අපවිත්‍රවීම තුළින් ඒ ආශ්‍රි තව
පැවතෙන්නාවූ සංචාරක කර්මාන්තයද අඩාලවී, ජාතික ආර්ථීකයේ පසුබෑමකට ලක්වන බවද
පැවසීය. මෙම තත්ත්වයන් සමනය කරගැනීම සඳහා වන යෝග්‍යතම මාර්ගය, සාගර දූෂණ
වැලැක්වීමට න්‍යෂ්ඨික හා සමස්ථානික තාක්ෂණය යොදාගැනීම බවත් ඒ ස\හා අදාල අංශ දැනුවත්
කිරීම පිණිස මෙවැනි සම්මන්ත්‍රණයන් පවත්වන බවත් පැවසීය.
මෙම සම්මන්ත්‍රණයට සමගාමීව සාගර ජල දූෂණය මැනබැලීම වෙනුවෙන් සාර්ථක ලෙස සාම්පල
ලබාගන්නා ආකාරය පි ළිබඳව පරමාණුක ශක්ති අධිකාරියේ සහ සාගර දූෂණ වැළැක්වීමේ
අධිකාරියේ නිලධාරීන්ට පානදුර, වාද්දුව මුහුදු තීරයේදී ප්‍රායෝගික පුහු ණුවක් ලබාදීමද ආචාර්ය
කුරේෂි මහතාගේ උපදේශකත්වය යටතේ අද (11) සිදුවේ. මෙසේ ලබා ගන්නා ජල සාම්පල කැළණිය
විශ්ව විද්‍යාලයේ සහායද ඇතිව කාබන් - 14 විශ් ලේශක ක්‍රම පිළිබඳව අධ්‍යයනය සඳහා අවශ්‍ය
උපකරණයක්ද නිර්මාණය කර නිරීක්ෂණය කිරීමට සැලසුම් කර තිඛෙන බව පරමාණුක බලශක්ති
අධිකාරිය පවසයි.