Posted by in Latest News
අමාත්‍ය රණවක සුහුරු මණු පුරෝගාමි ව්‍යාපෘතිය අරඹමින් පවසයි.
මුල් කාලීනව විදුලිය කියන්නේ සුඛෝපභෝගී සේවාවක්. නමුත් මෑත කාලය දෙස බලන විට අපට පැහැදිලි වෙනවා විදුලිය අත්‍යාවශ්‍ය සේවාවක් බව. නිවාස ආලෝකකරණයෙන් ඇරඹුන විදුලි සේවාව, අද මුළුමහත් ලෝකයක් වෙනස් කරන්න, පාලනය කරන්න පුළුවන් සාධකයක් වෙලා. ජපානයේ එක් ස්ථනයකින් පුළුවන් මුළු රට තුළම ක්‍රියාත්මක වන යම් විදුලි උපකරණයක ක්‍රියාකාරීත්වය නවත්වන්න. ඒ හැකියාව ලැබිලා තියෙන්නේ සුහුරු මණු වැනි තාක්ෂණික මෙවලම් භාවිතයෙන්. මුල්කාලීනව විදුලිය හසුරුවන ක්රමෝපායයන් අප සතු නොවූ නිසා විදුලිය අපව පාලනය කළා. නමුත් මේ සුහුරු මණු වගේ නවීන තාක්ෂණික මෙවලම් හේතුවෙන් අපට විදුලිය පාලනය කිරීමේ හැකියාව ලැබී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළකළේ අද (2012.01.20) පාර්ලිමේන්තු කමිටු ශලා අංක 1හි පැවති සුහුරු මණු නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි. මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාසයන්හි ස්ථාපනය කරනු ලැබූ සුහුරු මණු, පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් හැසිරවීම මෙහිදී සිදු කෙරිණි.
මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රකාරව, ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ එක් පියවරක් වශයෙන් ආරම්භ වු මෙම නියමු ව්‍යාපෘතිය තුළින්, විදුලිබල ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් සිදුවෙතැයි අපේක්ෂා කෙරේ. විදුලියට පෙර ගෙවුම් සේවයක් ආරම්භ වීම, කාර්යක්ෂම විදුලි පාරිභෝජන රටාවක් ඇතිවීම, බලශක්ති කළමණාකරණය මෙන්ම ජාලගත සම්බන්ධතාවය මගින් විදුලි බිල හා පරිභෝජනය කළ ධාරිතාවය ක්ෂණිකව දැනගැනීමට හැකිවීම වැනි සුවිශේෂී සේවාවන් රැසක් මෙමගින් හිමිවේ.
මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය රණවක මහතා ….,
අද විදුලිබල ඉතිහාසයට වැදගත් දිනයක්. විදුලි ක්ෂේත්රය අද වඩාත් කතාබහට ලක්වෙන යුගයක්. අප විසින් අද ගනු ලැබුවේ ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා ගෙනයන ගමනේ එක් පියවරක්. ලංකා විදුලි පුද්ගලික සමාගම බිහිවන අවස්ථාවේදී විදුලිය පුද්ගලීකරණය වුණා කියලා බොහෝ පිරිස් බියවුණා. නමුත් අද ලෙකෝ ආයතනයට හැකිවෙලා තිඛෙනවා, විදුලි ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් ඇති කරන්න. මුල්කාලීනව ගෘහ ආලෝකකරණයට පමණක් යොමුවු විදුලියට, වාණිජමය වටිනාකමක් දෙමින් විදුලි මීටර් එකතු වුණා. ඒ තත්ත්වය තවත් සංවර්ධනය කරමින් ස්වයංක්‍රීය විදුලි මීටර් ලබාදෙන්න හැකිවුණා. ඒ වගේම වසර 2010දී නෙට් මීටරින් ක්‍රමය හඳුන්වාදීමෙන්, තම නිවෙස් වලම විදුලිය නිපදවාගෙන, අතිරික්තය ලංවිමට හෝ ලෙකෝ ආයතනයට විකිŒමේ හැකියාව අපි පාරිභෝගික ජනතාවට ලබා දුන්නා. අද අපි මේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ මූලිකව ආරම්භ කළ
සුහුරු මණු ව්‍යාපෘතිය ඉදිරියේදී කොළඹ ඇතුළු දිවයිනේ සෙසු ප්‍රදේශයන්ටත් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. කොළඹ, මහනුවර, කුරුණෑගල. කිරිබත්ගොඩ, කැලණිය වැනි ප්‍රදේශයන් මේ තත්ත්වයට ගෙනඑන්න නවීකරණ කටයුතු මේ වනවිට සිදුකරනවා. අනාගත පරපුරට වඩාත් කාර්යක්ෂම ඵලදායි විදුලි සේවාවක් ලබාදීම සඳහා අද ආරම්ඵ වූ මෙම සුහුරු මණු ව්‍යාපෘතිය මහෝපකාරි වනු ඇතැයි පැවසීය.
මෙම සුහුරු මණු නියමු ව්‍යාපෘතියේ මංගල අවස්ථාව ගරු කතානායකතුමා නියෝජනය කරමින් ිනියෝජ්ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන්, සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පාර්ලිමේන්තු මැතිඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙහිදි සුහුරු මණු පිළිබඳ ජාත්‍යන්තර සම්මත අත්පොතේ නිර්මාතෘ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයන අංශ පීඨාධිපති කේ ලියනගේ මහතාගේ දේශනයක්ද පැවැත්විනි.