විදුලියේ අරුණළු දුටු මන්නාරම, වවුනියා ජනතාවගෙන් විදුලිබල ඇමතිට තුති.
10 0

Posted by  in Latest News

මන්නාරම දිස්ත්‍රික්කයට නව ප්‍රාදේශිය විදුලි ඉංජිනේරු කාර්යාලයක්
වවුුනියා දිස්ත්‍රික්කයේ නැවත පදිංචිකරුවන්ට නොමිලේ විදුලිය
මන්නාරම් දිස්ත්‍රික්කයට රු. මිලියන 39 ක වියදමින් සහ වවුනියා දිස්ත්‍රික්කයට රු. මිලියන 50ක වියදමින් විදුලිය
තිස් වසරක යුද්ධයෙන් පීඩා විඳි උතුරු පළාත් ජනතාවට විදුලියේ හිමිකම් ලබාදී, ඔවුන්ගේ අනාගත සංවර්ධන කාර්යයට පහසුකම් සලසාදීමේ අරමුණ පෙරදැරිව, විදුලිබල හා බලශක්ති ගරු අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ උතුරු පළාත් සංචාරයේ පළමු පියවර ඊයේ (05) මන්නාරම් දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.
මන්නාරම් දිස්ත්‍රික්කය තුළ පවතින ඉල්ලූමට සරිලන විදුලි සැපයුමක් ලබාදීම සඳහාත්, පවතින විදුලි සේවයේ ගැටළු පිළිබඳවත් පළාත් දේශපාලන අධිකාරිය සමඟ සාකච්ඡාවක්, ඊයේ (05) දින පැවැත්වූ අතර එහිදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, මන්නාරමට නව විදුලි ඉංජිනේරු කාර්යාලයක් ලබාදීමට පොරොන්දු විය. එමඟින් මන්නාරම දිස්ත්‍රික්කයේ මෙතෙක් විදුලිය නොලද පවුල් වෙනුවෙන් නව විදුලි ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේ පහසුව වර්ධනය වේ.
මන්නාරම් දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වූ කර්මාන්ත හා වාණිජ ගරු අමාත්‍ය රිෂාඩ් බතියුඩීන් මහතා ප්‍රකාශකළේ, නව විදුලිබල අමාත්‍යතුමාගේ පැමිණීමත් සමඟ වන්නි ප්‍රදේශයේ වංචනික විදුලි පරිභෝජනය 100% කින් තුරන්වූ බවත්, ප්‍රදේශයේ ජනතාවට කඩිනමින් විදුලියේ අයිතිය ලබාදීම වෙනුවෙන් ලංවවිම සේවකයින් කාර්යක්ෂමව ක්‍රියාකරන බවත්ය.
මන්නාරම් කච්චේරියේදී පැවැත්වූ මෙම සාකච්ඡාව සඳහා මන්නාරම මහ දිසාපති ෙජ්.ඒ. සරත් රවින්ද්‍ර, උනේෂ් ෆාරුක්, මුත්තල් බබා ෆාරුක් හා චන්ද්‍ර කුමාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ලංවිම නියෝජනය කරමින් අතිරේක සාමාන්‍යාධිකාරී (කලාප 01) රංජිත් ගුණවර්ධන, ලංවිම උතුරු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඇතුළු නිලධාරීන් සහභාගි විය.
ශාන්තපුරම් ප්‍රදේශයේ 1819 වසරේදී ඉදිකළ ශ්‍රි ස්වර්ණ බිම්බාරාම විහාරස්ථානය වැඳපුදාගත් විදුලිබල අමාත්‍යතුමන් වවුනියාව දිස්ත්‍රික්කයේ කායන්කුලම් ප්‍රදේශයේ පවුල් 48ක් විදුලියෙන් ස්වයංපෝෂිිත කරමින්, රුපියල් මිලියන 12 ක වියදමින් ඉදිකළ කායන්කුලම් විදුලි යෝජනා ක්‍රමය ඊයේ (05) ජනතා අයිතියට පත්කළේය.
දැනට 75% ක්ව පවතින වවුනියා දිස්ත්‍රික්කයේ විදුලියනය, වසර 2012 අවසන් වනවිට 100% දක්වා වර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 20ක වියදමින් කල්මඩු විදුලි යෝජනා ක්‍රමයත්, රුපියල් මිලියන 9.8 ක වියදමින් ඊශ්වරීපුරම් විදුලි යෝජනා ක්‍රමයත්, රුපියල් මිලියන 09 ක වියදමින් නාම්පන්කුලම් විදුලි යෝජනා ක්‍රමයත් ගරු විෂයබාර අමාත්‍යතුමන් ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. මෙම ව්‍යාපෘතීන් ඉදිවීම තුළින් බිහිවූ සමස්ත ප්‍රතිලාභි පවුල් සංඛ්‍යාව 520 කි.
වවුනියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීම ඇමතූ අමාත්‍ය රණවක මහතා…….
දැනට උතුරු පළාත වෙනුවෙන් නව විදුලි සබඳතා ලබාගැනීමට ඉල්ලූම්පත්‍ර 4000 ක් පමණ ඉදිරිපත් වෙලා තියෙනවා. ඔවුන්ට කඩිනමින් විදුලියේ අයිතිය ලබාදීමට ලංවිම නිලධාරීන් ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කළ යුතුයි. ලංකාව තුළ වැඩිම විදුලි වංචා සිදුවෙන්නේ වවුනියා දිස්ත්‍රික්කය තුළයි. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් මේ ප්‍රමාණය 26% ක් පමණ වෙනවා. මේ තත්ත්වයෙන් මිදීමට ප්‍රදේශයේ ජනතාව ලංවිමට සහයෝගය ලබාදිය යුතු යැයි පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා………
ත්‍රස්තවාදී පීඩා මධ්‍යයේ ප්‍රදේශය හැරගිය පදිංචිකරුවන්ට නැවත එම ප්‍රදේශය වෙත පැමිණෙන්නේ නම් ඔවුන්ට නොමිලේ විදුලිය ලබාදීමට පියවර ගන්නවා. මේ සඳහා දිසාපතිතුමාගේ හා ප්‍රාදේශිය ලේකම්තුමාගේ අනුමැතිය අත්‍යාවශ්‍යයි යනුවෙන් පැවසීය.
මෙම අවස්ථාවට වවුනියාව මහ දිසාපති පී.එම්.එස්. චාල්ස් මහත්මිය, වවුනියා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතරම නියෝජනය කරමින් දේශපාලනාධිකාරිය , ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සහභාගි විය.
මෙම වැඩසටහනට සමගාමීව මන්නාරම සහ වවුනියාවේ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන සහ විදුලි ඉංජිනේරු කාර්යාලයන්හි නිරීක්ෂණ චාරිකාවක යෙදුනු අමාත්‍යවරයා එහිදී ලංවිම සේවකයන් හමුවී ප්‍රදේශයේ විදුලිබල සංවර්ධනය සම්බන්ධව පවතින ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමටද අමතක නොකළේය.

විදුලියේ අරුණළු දුටු මන්නාරම, වවුනියා ජනතාවගෙන්විදුලිබල ඇමතිට තුති මන්නාරම දිස්ත්‍රික්කයට නව ප්‍රාදේශිය විදුලි ඉංජිනේරු කාර්යාලයක්වවුුනියා දිස්ත්‍රික්කයේ නැවත පදිංචිකරුවන්ට නොමිලේ විදුලියමන්නාරම් දිස්ත්‍රික්කයට රු. මිලියන 39 ක වියදමින් සහ වවුනියා දිස්ත්‍රික්කයට රු. මිලියන 50ක වියදමින් විදුලිය තිස් වසරක යුද්ධයෙන් පීඩා විඳි උතුරු පළාත් ජනතාවට විදුලියේ හිමිකම් ලබාදී, ඔවුන්ගේ අනාගත සංවර්ධන කාර්යයට පහසුකම් සලසාදීමේ අරමුණ පෙරදැරිව, විදුලිබල හා බලශක්ති ගරු අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ උතුරු පළාත් සංචාරයේ පළමු පියවර ඊයේ (05) මන්නාරම් දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය. මන්නාරම් දිස්ත්‍රික්කය තුළ පවතින ඉල්ලූමට සරිලන විදුලි සැපයුමක් ලබාදීම සඳහාත්, පවතින විදුලි සේවයේ ගැටළු පිළිබඳවත් පළාත් දේශපාලන අධිකාරිය සමඟ සාකච්ඡාවක්, ඊයේ (05) දින පැවැත්වූ අතර එහිදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, මන්නාරමට නව විදුලි ඉංජිනේරු කාර්යාලයක් ලබාදීමට පොරොන්දු විය. එමඟින් මන්නාරම දිස්ත්‍රික්කයේ මෙතෙක් විදුලිය නොලද පවුල් වෙනුවෙන් නව විදුලි ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේ පහසුව වර්ධනය වේ. මන්නාරම් දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වූ කර්මාන්ත හා වාණිජ ගරු අමාත්‍ය රිෂාඩ් බතියුඩීන් මහතා ප්‍රකාශකළේ, නව විදුලිබල අමාත්‍යතුමාගේ පැමිණීමත් සමඟ වන්නි ප්‍රදේශයේ වංචනික විදුලි පරිභෝජනය 100% කින් තුරන්වූ බවත්, ප්‍රදේශයේ ජනතාවට කඩිනමින් විදුලියේ අයිතිය ලබාදීම වෙනුවෙන් ලංවවිම සේවකයින් කාර්යක්ෂමව ක්‍රියාකරන බවත්ය. මන්නාරම් කච්චේරියේදී පැවැත්වූ මෙම සාකච්ඡාව සඳහා මන්නාරම මහ දිසාපති ෙජ්.ඒ. සරත් රවින්ද්‍ර, උනේෂ් ෆාරුක්, මුත්තල් බබා ෆාරුක් හා චන්ද්‍ර කුමාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ලංවිම නියෝජනය කරමින් අතිරේක සාමාන්‍යාධිකාරී (කලාප 01) රංජිත් ගුණවර්ධන, ලංවිම උතුරු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඇතුළු නිලධාරීන් සහභාගි විය. ශාන්තපුරම් ප්‍රදේශයේ 1819 වසරේදී ඉදිකළ ශ්‍රි ස්වර්ණ බිම්බාරාම විහාරස්ථානය වැඳපුදාගත් විදුලිබල අමාත්‍යතුමන් වවුනියාව දිස්ත්‍රික්කයේ කායන්කුලම් ප්‍රදේශයේ පවුල් 48ක් විදුලියෙන් ස්වයංපෝෂිිත කරමින්, රුපියල් මිලියන 12 ක වියදමින් ඉදිකළ කායන්කුලම් විදුලි යෝජනා ක්‍රමය ඊයේ (05) ජනතා අයිතියට පත්කළේය. දැනට 75% ක්ව පවතින වවුනියා දිස්ත්‍රික්කයේ විදුලියනය, වසර 2012 අවසන් වනවිට 100% දක්වා වර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 20ක වියදමින් කල්මඩු විදුලි යෝජනා ක්‍රමයත්, රුපියල් මිලියන 9.8 ක වියදමින් ඊශ්වරීපුරම් විදුලි යෝජනා ක්‍රමයත්, රුපියල් මිලියන 09 ක වියදමින් නාම්පන්කුලම් විදුලි යෝජනා ක්‍රමයත් ගරු විෂයබාර අමාත්‍යතුමන් ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. මෙම ව්‍යාපෘතීන් ඉදිවීම තුළින් බිහිවූ සමස්ත ප්‍රතිලාභි පවුල් සංඛ්‍යාව 520 කි. වවුනියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීම ඇමතූ අමාත්‍ය රණවක මහතා…….දැනට උතුරු පළාත වෙනුවෙන් නව විදුලි සබඳතා ලබාගැනීමට ඉල්ලූම්පත්‍ර 4000 ක් පමණ ඉදිරිපත් වෙලා තියෙනවා. ඔවුන්ට කඩිනමින් විදුලියේ අයිතිය ලබාදීමට ලංවිම නිලධාරීන් ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කළ යුතුයි. ලංකාව තුළ වැඩිම විදුලි වංචා සිදුවෙන්නේ වවුනියා දිස්ත්‍රික්කය තුළයි. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් මේ ප්‍රමාණය 26% ක් පමණ වෙනවා. මේ තත්ත්වයෙන් මිදීමට ප්‍රදේශයේ ජනතාව ලංවිමට සහයෝගය ලබාදිය යුතු යැයි පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා………ත්‍රස්තවාදී පීඩා මධ්‍යයේ ප්‍රදේශය හැරගිය පදිංචිකරුවන්ට නැවත එම ප්‍රදේශය වෙත පැමිණෙන්නේ නම් ඔවුන්ට නොමිලේ විදුලිය ලබාදීමට පියවර ගන්නවා. මේ සඳහා දිසාපතිතුමාගේ හා ප්‍රාදේශිය ලේකම්තුමාගේ අනුමැතිය අත්‍යාවශ්‍යයි යනුවෙන් පැවසීය. මෙම අවස්ථාවට වවුනියාව මහ දිසාපති පී.එම්.එස්. චාල්ස් මහත්මිය, වවුනියා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතරම නියෝජනය කරමින් දේශපාලනාධිකාරිය , ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සහභාගි විය. මෙම වැඩසටහනට සමගාමීව මන්නාරම සහ වවුනියාවේ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන සහ විදුලි ඉංජිනේරු කාර්යාලයන්හි නිරීක්ෂණ චාරිකාවක යෙදුනු අමාත්‍යවරයා එහිදී ලංවිම සේවකයන් හමුවී ප්‍රදේශයේ විදුලිබල සංවර්ධනය සම්බන්ධව පවතින ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමටද අමතක නොකළේය.