Posted by in Latest News
බලශක්ති අර්බුදයට තිරසාර විිසඳුමක් වශයෙන් බලශක්ති සංරක්ෂණ ක්‍රමෝපායන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කාර්යයේ නිරතවී සිටින විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනයක් වන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නව වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදාහැරීම, විෂයබාර අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (21) බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකෙරිණ.
ශ්‍රි ලංකාව තුළ ක්‍රියාත්මක වන්නාවූ ජාතික බලශක්ති වැඩසටහන් පිළිබඳව සම්පූර්ණ වූත්. සවිස්තරාත්මක වූත් දත්ත, රූපරාමු හා ඡායාරූප මෙම වෙබ් අඩවිය තුළ අන්තර්ගතය. ලංකා විදුලිබල මණ්ඩලයට, ලංකා විදුලි පුද්. සමාගමට, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට, ශ්‍රි ලංකා මහ බැංකුවට, පෞද්ගලික බලශක්ති නිෂ්පාදකවරුන්ට, බලශක්ති විශේෂඥයින්ට හා ගවේශකයන්ට, ව්‍යාපාර ප්‍රජාවට හා පොදු මහජනතාවට තම දෛනික කටයුතු වෙනුවෙන්, බලශක්ති ක්ෂේත්‍රයේ තොරතුරු සම්පාදනය වන ආකාරය, වාර්ෂිකව උපයෝගී වන බලශක්ති ප්‍රමාණය හා බලශක්ති මිලදීගැනීම් සිදුවන ආකාරය වැනි තොරතුරු ඉතා ඉක්මනින් ලබාගැනීමේ හැකියාව මෙම www.info.enrgy.gov.lk වෙබ් අඩවිය තුළින් හිමිවේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා……
සමස්ත ජනතාවම බලශක්ති ක්ෂේත්‍රයේ නවතම තොරතුරු පිළිබඳව දැනුවත් වී සිටීම ජාතික ආර්ථීකයේ පැවැත්මට අත්‍යාවශ්‍ය කරුණක්. වසර 2050 වනවිට අර්බුදයකින් තොරව බලශක්තිය භාවිතකිරීමට නම් වර්තමානයේදී දියුණූ තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින්, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් යොදාගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතුයි. එසේ නොවුනහොත් වසර 2020 දී විදුලි ඒකකයක මිල රු. 60 ක් දක්වා වර්ධනය වනු ඇතැයි අනාවැකියක් පලකරමින් අමාතත්‍යවරයා ප්‍රකාශ කළේය.
වැඩිවූ ඉන්ධන මිලත් සමඟම බලශක්ති සංරක්ෂණය වෙනුවෙන් අපේ අමාත්‍යාංශය තුළින්ම මුල්ම පියවර තබනවා. අද දින සිට මාගේ මාසික ඉන්ධන බිලෙන් 10% ක ප්‍රමාණයක් අඩුකිරීමට පියවර ගන්නවා. එමෙන්ම අප අමාත්‍යාංශයීය සමස්ත ඉන්ධන වියදම 10% කින් අඩුකිරීමටද කටයුතු කරන්නේ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂ ජෙනරාල්, අමාත්‍යාංශයීය ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්. පෙරේරා යන මහත්වරුන් ඇතුළුව බලශක්ති වෘත්තිකයින්, ගවේශකයින් සහ ව්‍යාපාරිකයින් විශාල පිරිසක් සහභාගි විය.