“රු. මිලියන 12,472 ක වියදමින්  කොළඹ නගරයට නව විදුලිබල පද්ධතියක්”
01 0

Posted by  in Latest News

විදුලිය විසන්ධි වී තත්පර 07 ක් ඇතුළත නැවත විදුලිය.

 කොළඹ නගරය මනරම් නගරයක් බවට පත්වෙමින් පවතින මෙවැනි වකවානුවක කොළඹ නගරයට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමේ වගකීම ලංකා විදුලිබල මණ්ඩලයට පැවරී ඇත. මේ වෙනුවෙන් ලංවිම විසින් ආරම්භ කරන ලද කොළඹ නගර විදුලි ඛෙදාහැරීම් සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ජනතාවට විශේෂ සේවාවන් ලබාගැනීමේ පහසුකම සලසමින්, එය නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා අතින් අද (23) ජනතා අයිතියට පත්විය.

 කැළණිතිස්ස එළිමහන් වහරු මධ්‍යස්ථානයේ භාවිත කළ පැරණී උපකරණ වෙනුවට නවීන තාක්ෂණයෙන් යුත් ගෘහස්ත ද.වො. 132 වායු පරිවාරක වහරු මධ්‍යස්ථානයක් සහ කොළොන්නාව වහරු මධ්‍යස්ථානයට නව උපකරණ හා අළුතෙන් වහරුවක් සවිකිරීම සිදුකර ඇත. කැළණිතිස්ස නව වහරු මධ්‍යස්ථානයේ සිට කි.මී. 02 ක් දුරට 132නඩ යටිබහන් (^underground cable&) පද්ධතියක් කොටහේන නව ප්‍රාථමික උපපොළ දක්වාත්, කොළොන්නාව වහරු මධ්‍යස්ථානයේ සිට කි.මී. 6.7 ක් දුරට 132නඩ යටිබහන් පද්ධතියක් කොටහේන නව ප්‍රාථමික උපපොළ දක්වාත් ඉදිකර ඇත. ද.වො. 11 නව යටිබහන් කි.මී. 52 ක් සංයුක්ත ඛෙදාහැරීම් උපපොළවල් 38 ක්,  අඩුසැර යටිබහන් කි.මී. 08 ක්, ඛෙදාහැරීම් පුවරු 72 ක් සහ 16 MVA තරාපැවියක් යොදා ප්‍රාථමික උපපොළ සංවර්ධනය කර ඇත. මෙම නව ව්‍යාපෘතිය මඟින් විදුලිය විසන්ධි වී තත්. 07 ක් වැනි කෙටි කාලයකදී විදුලිය නැවත ලබාදීමට හැකියාව ඇත.

 ගෘහස්ත ද.වො. 132 වායු පරිවාහක වහරු මධ්‍යස්ථානය නිසා අකුණු සැර වැදීම වැළකේ. ව්‍යාපෘතියේ විශේෂඥ උපදේශක සේවා කාර්යයන් කිහිපයක් වෙනුවෙන් දේශීය විශේෂඥ උපදේශකයින්ගේ සේවාවන් ලබාගැනීම විශේෂ වේ. දේශීය විදුලි ඉංජිනේරුවන්, ජපන් හා ජර්මානු විශේෂඥයින් සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය වසර 02 ක් ඇතුළත අවසාන කර ඇත. මේ සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයෙන්^JICA& ජපන් යෙන් මිලියන 5959 ක් සහ ලංකා විදුලිබල මණ්ඩලය මඟින් රු. මිලියන 6097 ක් යොදවා ඇත. මුළු වියදම වශයෙන් රු. මිලියන 12,452 ක්  වැයවී ඇතැයි ලංවිම පවසයි.

 කොළඹ නගර විදුලි ඛෙදාහැරීම් සංවර්ධන ව්‍යාපෘති කාර්යාලයද ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා අතින් අද දින ජනතා අයිතියට පත්විය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා……

 අද කොළඹ නගරයේ විදුලිබල පද්ධතිය නවීකරණය වූවා වගේම රටේ අනෙකුත් නගර වලත් විදුලි පද්ධති නවීකරණය විය යුතුයි. දැනටමත් අපේ දේශීය ඉංජනේරුවරුන් කිරිබත්ගොඩ ප්‍රදේශයේ මේ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. අද ලංකා විදුලිබල මණ්ඩලයට විශාල අභියෝගයකට මුහුණදෙන්න සිදුවෙලා තියෙන්නේ. අප අමාත්‍යාංශය මඟින් අමාත්‍යවරයාගේ සිට සියළුම නිලධාරීන්ගේ ඉන්ධන වියදම් 10% කින් කපාහැරීමට කටයුතු කරලා තියෙනවා. ලංවිම ඉහළ නිලධාරීන්ගේ සිට පහළටත් මේ ක්‍රමය අනුගමනය කළ යුතුයි. මේ තෙල් අර්බුදය ජයගන්න නම් අප සියළුදෙනාම එකට එක්ව ක්‍රියාකළ යුතුයි. ඉන්ධන මිල ඉහළ යාම නිසා පිරිවැය වැඩිවෙලා. වසර 02 ක් ඇතුළත 50% කට වැඩි වෙනසක් සිදුවුණා යැයි පැවසීය.

 මේ අවස්ථාවට ජපන් තානාපති නොබුහිටෝ හෝබෝ (Nobuhito Hobo), නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.