School power and energy societies will be an ideal solution to the power crisis as well as environmental pollution crisis.
02 0

Posted by  in Latest News

  • බලශක්ති සංරක්ෂණයට සිසු සහාය
    දීපව්‍යාප්තව බලශක්ති සමාජ 96ක් ස්ථාපිත කිරීමට පියවර
    බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමේ ස්ථිරසාර පියවරක්  වශයෙන් පාසල් ප‍්‍රජාව බලශක්ති කළමනාකරණය කෙරෙහි යොමු කිරීමට අපි අදහස් කළා. තවත් වසර 40 පමණ ඉදිරියට යද්දි රට විශාල බලශක්ති අර්බුදයකට මුහුණ දෙනවා. ඒ වගේම ගල්අඟුරු, ඞීසල් වැනි දේ යොදාගෙන විදුලිය නිපදවීමට සිදුවීම තුළින් පරිසර ෂණය වඩාත් වේගවත් වෙනවා. මේ පාසල් බලශක්ති සමාජ තුළින් එම ගැටළු වලට නිසි පිළියම් ලැබේවි. බලශක්ති සමාජ නම් වෘක්ෂය වර්ධනය වීමෙන් දැඩි රශ්මියෙන් දැවෙන බලශක්ති අර්බුදයටත්, පරිසර ¥ෂණයටත් මහත් සෙවනක් ලැබෙනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
    බලශක්ති අර්බුදයට සාර්ථක අන්දමින් මුහුණදීමත්, අනාගත පරපුර බලශක්ති අර්බුදයෙන් මුදවා ගැනීමත් සිය ඒකායන අධිෂ්ඨානය කරගත් විෂයබාර අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මහතා, ඒ වෙනුවෙන් අනාගත පරපුර බලගැන්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේද සහාය ඇතිව පාසල් බලශක්ති සමාජ පිහිටුවීම සඳහා ප‍්‍රතිපාදන ලබාදීම සඳහා අද (2012.03.01. දින * එතුමාගේ සහ අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සව අවස්ථාවේදී මේ බව අවධාරණය කළේය.
    අනාගත පරපුර ප‍්‍රායෝගිකව බලශක්ති කළමනාකරණය සඳහා යොමුකිරීමේ වැදගත් පියවරක් ලෙස හඳුන්වා දියහැකි මෙම පාසල් බලශක්ති සමාජ ක‍්‍රමය මගින් පාසල් සිසුන්ට බලශක්ති කළමණාකරණය පිළිබඳ දැනුම බෙදාදීම, බලශක්ති කළමනාකරණය සඳහා සිසුන් පෙළඹවීම සහ ඒ වෙනුවෙන් වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම, තම පාසලේ සහ නිවසේ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට කටයුතු කරවීම සහ අවට පාසල් බලශක්ති කළමණාකරණය සඳහා පෙළඹවීමත් කලාපය පුරා සාමාජිකයින් බඳවා ගැනීමටත් පාසල් සිසුන් යොමු කෙරෙනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. මෙම පාසල් බලශක්ති සමාජ පිහිටවූ එක් පාසලක් සඳහා රු. 25,000.00ක් බැගින් මෙහිදී අමාත්‍යවරයා විසින් ප‍්‍රදානය කරන ලදී.
    මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා,
    තවත් අවුරුදු 40ක් පමණ යද්දි, ඒ කියන්නේ 2052දී තෙල් සම්පත අවසන් වෙනවා. ඒ වගේම තවත් වසර 60කින් ගෑස් අවසන් වෙනවා. ගල්අගුරු තවත් වසර 80කින් අවසන් වේවි. මේ අනුව බලන කළ අනාගත පරපුර දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දෙනවා. මේ වෙද්දිත් තමිල්නාඩු ප‍්‍රාන්තයේ සතියට දින 02ක් කර්මාන්තශාලා වහනවා. චෙන්නායි වල පැය 8 – 16ත් අතර කාලයක් විදුලිය කපනවා. ජපානයේත් එහෙමයි. නමුත් අපේ රටේ පොඩි පොඩි විදුලි බිඳවැටීම් ඇති වුණත්, පැය 24ම විදුලිය සපයන ආසියාවේ එකම රට කියන තත්ත්වය තවමත් රැුකිලා තිබෙනවා. ඒ තත්ත්වය සදාකල් රැුකගන්න නම් අපි බලශක්ති කලමනාකරණයට හුරුවිය යුතුයි. සවස 6.30ත් 9.30ත් අතර කාලසීමාවෙදි හැකිතාක් දුරට විදුලි පරිහරණය අඩු කරනවා නම් ඒක අපට අපහසු වෙන්නේ නැතැයි පැවසීය.
    පසුගිය වසරේ විදුල්කා බලශක්ති සතියේදී ස්ථාපනය කළ බලශක්ති සමාජ වැඩසටහන මේ වනවිට සැලකිය හැකි මට්ටමකින් වර්ධනය වී ඇති අතර මේ වනවිට පාසල් බලශක්ති සමාජ 40ක් පමණ ස්ථාපනය කර තිබේ. විෂයභාර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් මුළු දිවයිනම ආවරණය වන පරිද්දෙන් අධ්‍යාපන කලාප 96ක් සඳහා පාසල් බලශක්ති සමාජ 96ක් ස්ථාපනය කිරීමට මේ වනවිට සියළු කටයුතු සූදානම් වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.