Posted by in Latest News
• ශ්‍රීදළදා මාළිගාවට ආරක්ෂාකාරී භූගත විදුලි ඛෙදාහැරීම් ජාලයක්
දේශීය ඉංජිනේරුවන්ගේ දැනුම, හැකියාව සහ පලපුරුද්ද උපරිම ලෙස භාවිත කරමින්, සමස්ත මහනුවර නගරයත් ඒ ආශ්‍රිත කලාපයත් ස්වයංක්‍රීයව පාලනය කළ හැකි භූගත විදුලිබල පද්ධතිය සහ පාලන මධ්‍යස්ථානය ඊයේ (09) විෂයභාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මධ්‍යම පළාත් ලංවිම සියළුම ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ඉංජිනේරුවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. මීට සමගාමීව විෂයභාර අමාත්‍යතුමන් විසින් මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේට දුන් පොරොන්දුවක් ඉෂ්ට කරමින්, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙතෙක් පැවති විදුලි ඛෙදාහැරීම් ජාලය වෙනුවට වඩාත් ආරක්ෂාකාරී භූගත ඛෙදාහැරීම් ජාලයක් ක්‍රියාත්මක කිරීමද ඊයේ (09) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මහනුවර නගරයත් ඒ ආශ්‍රිත කලාපය හා ශ්‍රී දළදා මාලිගාවේ විදුලි ඛෙදාහැරීම් ජාලය මෙතෙක් පැවතියේ උඩින් ඇදි රැහැන් භාවිතයෙනි. මෙම ක්‍රමය එතරම් ආරක්ෂාකාරී නොවන බැවින් වඩාත් ආරක්ෂාකාරී ක්‍රමෝපායයක් වශයෙන් භූගත රැහැන් මාර්ග ඉදිකිරීම සිදුකළ යුතු බවට අමාත්‍ය රණවක මහතා ගත් තීරණයකට අනුව, මේ වනවිට දිවයිනේ ජනාකීර්ණ ප්‍රදේශයන් ඉලක්ක කරගනිමින් මෙම භූගත සම්ප්‍රේෂණ පද්ධති ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. ඒ අනුව දිනපතා විශාල බැතිමතුන් පිරිසක් ගැවසෙන ශ්‍රී දළදා මාළිගාවටද මෙම භූගත රැහැන් ව්‍යාපෘතිය එක්කිරීමටද පියවර ගත්තේය. ලංකා විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිවු මහනුවර නගර ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 80ක්ද, ශ්‍රී දළදා මාළිගාවේ භූගත පද්ධතිය වෙනුවෙන් රු මිලියන 06ක්ද වැයවී තිබේ.
ලබන අප්‍රේල් මස වනවිට ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාරයෙන් මෙගාවොට් 150ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිතය. එහි භූගත උමං මාර්ගයට මංගල දියවර මුදාහැරීම පසුගිය ජනවාරි මස 17 දින ගරු විෂයපාර අමාත්‍යතුමන් අතින් සුබ මුහුර්තියෙන් සිදු කෙරිනි. මෙම අවස්ථාවේදී මුදාහල මංගල දියවරෙහිදී ලබාගත් මුල්ම ජල කොටස ශ්‍රී දළදා සමිදුන්ට පූජා කරමින්, වසර පුරාවටම හිගයකින් තොරව ජලය ලැබී, බලාගාරයේ විදුලි උත්පාදන කාර්යය සාර්ථක කරගැනීමට දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමත් මීට සමගාමීව සිදු කෙරිණි.
ඊයේ දින ලංවිම ඉංජිනේරුවන් සැලසුම් කර තිබූ අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගය සහ අමාත්‍යාංශය හා ලංවිම සම්බන්ධ වැඩසටහන් වලින් ඉවත්ව කටයුතු කිරිමත් අතහැර, සමස්ත මධ්‍යම පළාත් වැඩසටහනට එම කලාපයේ සියළුම ඉංජිනේරුවන් ඊයේ දිනත්, ඊට ප්‍රථමත් ලබාදුන් සහයෝගය සහ කැපවීම විෂයභාර ඇමතිවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය.