Posted by in Latest News
ලංකා විදුලිබල මණ්ඩලය කියන්නේ මේ රටේ තිබෙන වැදගත් වගේම බලවත් ආයතනයක්. මෙම ආයතනය ජනතාවට මහත් සේවයක් සපයන ආයතනයක්. නමුත් වැදගත්ම දේ වෙන්නේ ලංවිම යැපෙන්නේ පාරිභෝගික ජනතාවගේ මුදලින් වීමයි. එබැවින් පාරිභෝගිකයාට සුහදශීලී මෙන්ම කාර්යක්ෂම සේවාවක් සැපයීම අපේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වන්නේයැයි දුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ කළේ, විදුලි පාරිභෝගික ජනතාවගේ පහසුව සහ ඔවුනට වඩාත් කාර්යක්ෂම මෙන්ම ගුණාත්මක විදුලි සේවාවක් සැපයීම වෙනුවෙන් ගම්පොල නගරයේ ඉදිකළ ෑ- ක්‍සඑහ කාර්යාලය ජනතා සේවයට කැපකිරීමේ අවස්ථාවට එක් වෙමින් මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා,
පාරිභෝගික ජනතාව අපගේ කාර්යාල වලට පැමිණෙන්නේ ඔවුන්ගේ ගැටළු වලට නිසි පිළිතුරු අපේක්ෂාවෙන්. අපි ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් කඩිනමින් ඔවුන්ගේ අවශ්‍යතාවන් සපුරා දියයුතුයි. ඒ වගේම දුරකතන මාර්ගයෙන් හෝ විදුලි ගැටළුවක් සම්බන්ධයෙන් පාරිභෝගික විමසුමක් ලැබුණ වහාම අප ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මකවීම වැදගත්. අපි අපේ මිතුරන්ට සලකන ආකාරයට වඩාත් සුහදශීලිව පාරිභෝගිකයන්ට සලකන තරමට ඔවුන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය සහ සැලකීම වැඩිවෙනවා. මේ සමගම අප මුහුණදෙන්නාවු කරදර මෙන්ම අනපේක්ෂිත සිදුවීම් වලදී ඒ සැම දෙයක් පිළිබඳවම උපේක්ෂාවෙන් සිතීමට හුරු වියයුතුයි. එහෙම කරද්දි ඕනැම ගැටළුවක් පහසුවෙන් විසඳාගැනීමට හැකිවෙනවා. ලංවීම නිලධාරීන්ට රටේ අනෙකුත් ආයතන හා සංසන්දනය කරද්දි වඩාත් ඉහළ වැටුපක් හිිමිවෙනවා. අනෙකුත් වරප‍්‍රසාදත් එලෙසමයි. ඒ අතින් රැුකියා තෘප්තිය ඔවුනට අපි ලබාදීල තිබෙනවා. ලංවිම පහළම ශ්‍රේණියේ සේවකයාත් අවම වශයෙන් රු. 18,000.00ක පමණ වැටුපක්් ලබනවා. ආලෝකය ලබාදීම කියන්නේ නෙත් ලබාදීමක් හා සමානයි. එසේනම් වැඩි වරප‍්‍රසාද ප‍්‍රමාණයක් භුක්ති විඳින ලංවිම සේවකයින් වන අප, යම් සේවයක් බලාපොරොත්තුවෙන් පැමිණෙන පාරිභෝගික ජනතාවට උපරිම සේවයක් ඉටුකර දීම යුතුකමක් වගේම වගකීමක්ද වෙනවා.
තවත් අවුරුදු 40ක් පමණ යද්දි, ඒ කියන්නේ 2052දී තෙල් සම්පත අවසන් වෙනවා. ඒ වගේම තවත් වසර 60කින් ගෑස් අවසන් වෙනවා. ගල්අගුරු තවත් වසර 80කින් අවසන් වේවි. මේ අනුව බලන කළ අනාගත පරපුර දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දෙනවා. මේ වෙද්දිත් තමිල්නාඩු ප‍්‍රාන්තයේ සතියට දින 02ක් කර්මාන්තශාලා වහනවා. චෙන්නායි වල පැය 8 – 16ත් අතර කාලයක් විදුලිය කපනවා. ජපානයේත් එහෙමයි. නමුත් අපේ රටේ පොඩි පොඩි විදුලි බිඳවැටීම් ඇති වුණත්, පැය 24ම විදුලිය සපයන ආසියාවේ එකම රට කියන තත්ත්වය තවමත් රැුකිලා තිබෙනවා. ඒ තත්ත්වය සදාකල් රැුකගන්න නම් අපි බලශක්ති කලමනාකරණයට හුරුවිය යුතුයි. සවස 6.30ත් 9.30ත් අතර කාලසීමාෙවීදි හැකිතාක් දුරට විදුලි පරිහරණය අඩු කරනවා නම් ඒක අපට අපහසු වෙන්නේ නැතැයි පැවසීය. මෙම අවස්ථාවට දේශපාලනාධිකාරිය මෙන්ම ප‍්‍රදේශයේ විශාල පිරිසක් සහභාගී වූහ.