Posted by in Food
විදුලි ක්ෂේත්‍රයේ අර්බුදයක් පැවතුනත් කිසිදු ආකාරයක විදුලි කප්පාදුවකට යොමු වෙන්නේ නැහැ
විදුලි ක්ෂේත්‍රය අද අර්බුදකාරී තත්ත්වයකට මුහුණදීලා තිඛෙනවා. ඊට ප්‍රධානම හේතුව වන්නේ විදුලි උත්පාදනය සදහා වන අධික පිරිවැයයි. ඉල්ලූමට සරිලන මටටමේ විදුලි ධාරිතාවයක් අප සතු වුනත්, උත්පාදනය සදහා වැයවන මිල අධිකවීම හේතුවෙන් විදුලි ක්ෂේත්‍රය අද ගැටළු රාශියකට මුහුණදීලා. නමුත් ඒ ගැටළු විසදාගන්න කිසිදු ආකාරයක විදුලි කප්පාදුවකට යන්න අපි අදහස් කරන්නේ නැතැයි විිදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළකළේ අද 2012.03.20 දින විදුලි අර්බුදයට ස්තීරසාර විසදුමක් වශයෙන් ජනතාවගේ දෛනික විදුලි පාරිභෝජනය නිවැරදි රටාවකට අනුවර්ථනය කිරීම සදහා විිදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් දියත් කරනු ලැබු “හෙට වෙනුවෙන් අද” වැඩසටහනේ සමාරම්භක උළෙලට සහභාගී වෙමිනි. බණ්ඩාරනායක ජාත්‍යන්තර සමම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මෙම උත්සව අවස්ථාවේදී අමාත්‍යවරයා සියලූ මාධ්‍ය වෙතින් ඉල්ලා සිටියේ මෙම ජාතික වැඩපිළිවෙල තම මාධ්‍යයේ වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙසයි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා……………..
මේ වන විට අපි 93% පමණ ප්‍රමාණයකට විදුලි පහසුකම් සපයා තිඛෙනවා. මෙම වසර අවසාන වනවිට විදුලියනය 100% දක්වා පත්කරන්න සියළු කටයුතු මේ වනවිට සූදානම් කර තිඛෙනවා. ආසියානු කලාපීය රටවල් අතරින් පැය 24ම විදුලිය සපයන එකම රට ලංකාව බවට අපි පත් කරලා තිඛෙනවා. විදුලි ක්ෂේත්‍රය අර්බුදයකට පත්වෙලා කියලා අද දේශපාලන වාසි තකා සමහරුන් යොදා ගන්නවා. නමුත් මෙය දේශපාලන ගැටළුක් නෙමෙයි. විදුලි උත්පාදනයට අධික මුදලක් වැයවීමයි ගැටලූව. මේ සදහා අපට ගතහැකි ස්ථීරසාර විසදුම තමයි බලශක්ති සංරක්ෂණයට යොමු වීම. ඒ තුළින් විදුලිය ඉතිරිවීමෙන් අධික පිවැයක් සහිත ඩීසල් බලාගාර ක්‍රියාත්මකවීම නවත්වන්න පුළුවන්.
විශේෂයෙන් සවස 6.30ත් 9.30ත් අතර කාලසීමාව තුලදි විදුලි පරිභෝජනය අවම කිරීමට ජනතාව පෙළඹිය යුතුයි. මේ වනවිට ලංකාවේ විදුලි පාරිභෝගිකයෝ ලක්ෂ 50ක් පමණ සිටිනවා. මේ අතරින් ලක්ෂ 46ක් පමණ ගෘහස්ථ පාරිභෝගිකයින්. අනෙක් ඒවා කර්මාන්ත. මෙම පාරිභෝගිකයින් සියළු දෙනාම ප.ව. 6.30ත් ප.ව. 9.30ත් අතර කාලය තුළ වොට් 60ක එක් විදුලි පහනක් නිවා දැමීම තුළින් මෙගාවොට් 180ක් පමණ ඉතිරි කරගත හැකියි. ඒ වගේම ශීතකරණය පැය 2ක් පමණ නිවාදදැමීම තුළින් මෙගාවොටට් 214ක් ඉතිර කරගත හැකියි. ඇදුමම් මැදදීම මෙම කාලසීමාවෙන් බැහැරව සිදුකම තුළින් තවත් මෙගාවොට් 68ක් ඉතිරි කරගත හැකියි. ගෘහස්ත පාභෝගිකයින් මෙම කටයුතු නිසි පරිදි සිදු කරනවානම් අධික පිරිවැයක් සහිත ඩීසල් බලාගාර සම්පූර්ණයෙන්ම නවතා දමන්න පුළුවන්. එහෙම වුනොත් ඩීසල් ආනයනය සදහා යන වියදම් නවතා දමා වශාල ධනයක් ඉතිරි කරන්න පුලූවන්. ඒ වගේම මෙම තත්ත්වය පාරිභෝගික ජනතාවටත් යහපත් ආකාරයෙන් බලපානවා.
මෙම තත්ත්වය පිළිබදව අවබෝධයෙන් අද ආරම්භ වූ මෙම “හෙට වෙනුවෙන් අද” ජාතික සත්කායයට සියල්ලන්ගේම දායකත්වය ලබාදෙන්නේනම් ජාතියක් වශයෙන් එය ඉතා වැදගත් වන්නේයැයි පැවසීය.
