Posted by in Latest News
• ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහසකගේ සහභාගීත්වයෙන් ජාතික වැඩසටහන ආනන්ද විදුහලේදී.
• හෙට වෙනුවෙන් අද ළමුන් සකසුරුවමට හුරුකරවීම වැඩිහිටි කාගේත් වගකීමයි
ඇමති පාඨලි චම්පික කියයි.
• මාතෘභූමියේ හෙට වෙනුවෙන්, අද ලබාදුන් ප්‍රතිඥාව සැමදා සුරකින ලෙස අධ්‍යාපන
ඇමති සිසුන්ගෙන් ඉල්ලයි.
“හෙට වෙනුවෙන් අද” විදුලිබලය සුරැකීමේ ජාතික සත්කාරයේ පාසල් වැඩසටහන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව අද දියත් කෙරින. ජාතික උත්සවය අද පෙ.ව. 8.00ට බන්දුල ගුණවර්ධන හා පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්විණ. මෙම ජාතික වැඩසටහනට ශිෂ්‍යශිෂ්‍යාවන් 1000ක් සහභාගිවු අතර ඊට සමගාමීව අද උදෑසන 8.15ට දිවයිනේ සියළුම පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ලක්ෂ 40 ක් බලශක්ති සංරක්ෂණයට කැපවන මතු පරපුරක් උදෙසා වන ශිෂ්‍ය ප්‍රතිඥාවද ලබා දුන්හ.
බලශක්ති සංරක්ෂණ ප්‍රතිඥාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍ය තුනෙන්ම අද සිට මාස 06 ක කාලයක් දිවයිනේ සියළුම පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සෑම සතියකම සඳුදා දින උදෑසන
රැස්වීම් අවස්ථාවේදී ලබාදේ. ඒ සඳහා වන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කොට ඇත.
මෙම උත්සව අවස්ථාවට සහභාගී වූ විෂයභාර අමත්‍ය රණවක මහතා……………………
උදාවන හෙට ලෝකය බාර ගන්න ඉන්නේ අපේ දරු පරපුරයි. ඔවුන් වෙනුවෙන් හොඳම දේ ලබාදීම අප සැම දෙනාගේම යුතුකමක් මෙන්ම වගකීමක්. ඒ හේතුව නිසා තමයි හෙට වෙනුවෙන් අද බලශක්තිය සුරැකීමේ ජාතික සත්කාර්යයට අපි මුලපිරුවේ. මිනිසාගේ අවශ්‍යතා වලින් 80% වෙනුවෙන්ම බලශක්තිය අත්‍යාවශ්‍ය වෙනවා. ඉදිරි වසර කිහිපය තුළදී තෙල්, ගෑස් යන බලශක්ති ප්‍රභවයන් ලෝකයෙන් තුරන් වීමට නියමිතයි. මේ වනවිට ලෝකයේ තෙල් සංචිත පවතින්නේ බැරල් බිලියන 1200ක් වැනි ප්‍රමාණයක්. ඉන් දිනකට බැරල් මිලියන 90ක් භාවිත වනවා. මේ තත්ත්වය හමුවේ තවත් වසර 30කින් පමණ තෙල් අවසන් වීමට නියමිතයි. ඒ අනුව ඉදිරියේදී අපේ අනාගත පරපුරට බලශක්තියෙන් තොර ලෝකයක හිමිකාරයින් වීමට සිදු වනවා. ඒ වගේම තෙල්, ගල්අගුරු දහනය නිසා පරිසර දුෂණ තත්ත්වයන් මතුවනවා. මේ ගැටළු හේතුවෙන් 25%ක් පමණ ජීව වීශේෂ විනාශ වනවා. එම 25%ට මිනිසාද අයත් වනවා. මෙම හේතු නිසා තමයි අපි හෙට වෙනුවෙන් අද බලශක්තිය ඉතිරි කරන්න පෙළඹිය යුත්තේ. ඒ සඳහා පාසල් දරුවන් වශයෙන් ඔබගේ දායකත්වයත් ඉතාමත් වැදගත් වනවා. ප.ව. 6.30ත් 9.30ත් අතර කාලසීමාව තුලදි විදුලි පරිහරණයෙන් හැකිතාක් දුරට බැහැරවීමෙන් ඔබගේ දෙමව්පියන්ගේ පසුම්බියට සෑහෙන ඉතිරියක් වගේම රටටත් විශාල සේවයක් කරන්න දායක වෙන්න ඔබට හැකියාව ලැඛෙනවා. එලෙස නොවුනහොත් හයවන වතාවටත් මහා හායනයකට මුහුණ පාන්නට අපට සිදුවන්නවා. මේ ගැන අවදානය යොමු කරලා ඔබ සහ ඔබේ පවුල, රට සහ රටේ ආර්ථීකය මෙන්ම ලෝකය සහ ජීවියාගේ පැවැත්ම උදෙසා විදුලි සංරක්ෂණයට දායකත්වය ලබාදෙන්නැයයි පාසල් දරුදැරියන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට සහභාගී වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා………………
පවතින සීමිත සම්පත් හමුවේ මිනිසාගේ අසීමිත උවමනාවන් සපුරාලීමට යාමේදී ගැටළු ඇති වනවා. ඉල්ලූමට සරිලන සැපයුමක් ලබා දීමට වෙර දරන මොහොතක විදුලිය වගේ අත්‍යාවශ්‍ය සම්පත් සුරැකීමට අපි දායක වියයුතුයි. අපගේ පරිභෝජන වියදම් වලින් 4%ක් පමණ වැයවන්නේ විදුලිය සඳහායි. මිනිසා සාම්ප්‍රධායික ක්‍රමයන්ගෙන් බැහැරවී, මිල අවම වැඩි වාසිදායක ක්‍රම වෙත අනුගත වියයුතු කාලය දැන් එළඹිලා. ප.ව. 6.30ත් 9.30ත් අතර කාලසීමාවේදී වොට් 60ක පමණ එක් විදුලි පහනක් නිවා දැමීමෙන්, රෙදි මැදීමෙන් වැලකී සිටීමෙන්, ශීතකරණය එම කාලසීමාව තුල අක්‍රීය කර තැබීමෙන් ආදි සුළු ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන්, ශිෂ්‍යන් වශයෙන් ඔබටත් මෙම ජාතික සත්කාර්යයට දායක විය හැකියි. මේ තුළින් එක් වර්ෂයක් තුළ බිලියන 20ක් වැනි ප්‍රමාණයතක් ඉතිරි කරගත හැකියි. දරුවන් සැකසුරුවම් කමින් අනාගතයට මුහුණදීමට හුරුකිරීම තුළින් රටට ආදරය කරන, දරු පිරිසක් බිහිකිරීමට හැකිවන්නේයැයි පැවසීය.
පාසල් ප්‍රතිඥාව -
මේ මාගේ දේශයයි/මගේ දේශයේ/මතු අනාගතය වෙනුවෙන්/ එහි සම්පත් සහ පරිසරය සුරැකීම/ මගේ යුතුකමයි/හෙට වෙනුවෙන් අද/මම ඒ සඳහා කැපවෙමි/දිනපතා/සවස 06.30 ත් / රාත්‍රී 09.30 ත් අතර කාලයේ / මාගේ නිවසේ දැල්වෙන / එක විදුලි බුබුලක් හෝ නිවා දමන බවටත් / ඇඳුම් මැදීම / එම කාලය මඟහැර සිදුකරන බවටත්/ සැමවිට / සැමතැන/ විදුලිය කාර්යක්ෂමව භාවිත කරන බවටත් / හෙට වෙනුවෙන් අද /මම කැපවෙමි.
![]() |
![]() |
![]() |
![]() |