අඛණ්ඩ ජල විදුලි උත්පාදනයක් වෙනුවෙන් ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් අභියස විශේෂ ආශිර්වාද පිංකමක්.
18 0

Posted by  in Latest News

බලාගාර ආශ‍්‍රිත ජලාශයන්ගෙන් ලබාගත් ජලය, ශ‍්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කෙරේ. සතර වාහල්කඩ කිරි ඉතිරවීමේ මංගල්‍යයත් අමාත්‍යතුමන්ගේ සහභගීත්වයෙන්.

අඛණ්ඩ විදුලි සැපයුමක් ජලාශ ආශ‍්‍රයෙන් උපදවා ගැනීම වෙනුවෙන්  නිසි කලට වැසි පතා ලංකා විදුලිබල මණ්ඩලය මගින් වාර්ෂිකව ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් වෙත කෙරෙන විශේෂ පැන් පූජා මහෝත්සවය, ගරු විදුලිබල හා බලශක්ති අමත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (2012.03.29 දින* පස්වරුවේ ජයශ‍්‍රීමහා බෝධ්න්වහන්සේ අභියසදී පැවැත්විණි.

ජලාශ ආශ‍්‍රිත ජල පෝෂක ප‍්‍රදේශයන්හි සශ‍්‍රීකත්වය අඛණ්ඩව පවත්වාගනිමින්, වර්ෂය පුරා හිඟයකින් තොරව විදුලි උත්පාදනය සිදුකර ගැනීමට වැසි වසින ලෙසට ප‍්‍රාර්ථනා කිරීම මෙම පැන් පූජා මහොත්සවයේ අරමුණ බව විදුලිබල හා බලශක්ති අමත්‍යාංශය පවසයි.

මෙම විශේෂ පැන් පූජාව සඳහා දිවයිනේ ජල විදුලිබල උත්පාදනය සඳහා උපයෝගී කරගන්නා  මාඋස්සාකැලේ, කාසල්රි, වික්ටෝරියා. කොත්මලේ. රන්දෙනිගල, රන්ටැඹේ, බෝවතැන්න, ඉඟිනියාගල, සමනලවැව, කුකුළේගඟ, උකුවෙල සහ උඩවලවේ මෙන්ම ජාතික පද්ධතියට මෙගාවොට් 150ක දායකත්වයක් ලබාමදීට නියමිත අභිනවයෙන් ඉදිවූ ඉහළ කොත්මලේ ජලාශය යන සියළුම ජලාශයන්ගෙන් එක්රැුස් කරගන්නා ලද පැන් කල සහිත විශේෂ රිය පෙරහැරක්, මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයයේ රුවන්වැලි මහා සෑය වෙත සම්ප‍්‍රාප්ත විය. අනතුරුව එම පැන් කල රුවන්වැලි සෑරදුන් ඉදිරියේ ප‍්‍රදක්ෂිණා කරවා, ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන්ගේ උඩමළුවේදී නිරාවරණය කර, මහා සංඝරත්නය ප‍්‍රමුඛ සැදැහැවතුන් විසින් බෝ සමිඳුන්ට පූජා කරන ලද්දේ, වසර මුළුල්ලේ අඛණ්ඩව විදුලි සැපයුමක් ලබාගැනීම උදෙසා ආශිර්වාද පතමිනි. අනතුරුව විෂයබාර අමාත්‍යතුමන් විශේෂ පහන් පූජා පුණ්‍යකර්මයකටද සහභාගි විය.

ඊයේ පස්වරුවේ සංවිධානය කර තිබූ මෙම විශේෂ පුණේ‍යා්ත්සවයට සමගාමීව අද (2012.03.30 දින* අළුයම සතර වාහල්කඩ කිරිඋතුරවා, උඩමළුව විහාරවාසී මහාසංඝයාවහනසේ විෂයෙහි මහා සංඝගත දක්ෂාණාවක් පිරිනැමීමද අමාත්‍ය රණවක මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

මෙම අති උතුම්  පුණේ‍යා්ත්සවයන්ට ලංවිම සභාපති විමලධර්ම අබේවික‍්‍රම, සාමාන්‍යාධිකාරි නිහාල් වික‍්‍රමසූරිය යන මහත්වරුන් ඇතුළු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංවිම ජේ්‍යෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.