මාර්තු මාසයේ විදුලි හොරු 345ක් වටලති.
18 0

Posted by  in Latest News

• ලක්ෂ 213 කට අධික වැටලීම් ආදායමක්
• පසුගිය මසට සාපේක්ෂව වංචනික ක්‍රියාවන්ගේ වර්ධනයක්
ලංවිම හදිසි වැටලීම් අංශ නිලධාරීන් විසින් මේ වසරේ මාර්තු මස සිදුකළ වැටලීම් තුළින්  රු.21,351,084.47(ලක්ෂ213) ක ආදායමක් ලබා ඇති අතර එම මුදලින් රු.3,917,729.00 (ලක්ෂ39) ක් උසාවි දඩ වශයෙන්ද, රු.17,433,355.47 (ලක්ෂ174) විදුලිබල මණ්ඩලයේ අලාභය ලෙසද ගණන් බලා ඇත.
ඒ අනුව මීටර් වෙනස් කිරීම්, කොකු භාවිතා කර විදුලිය ලබාගැනීම් වැනි අයථා විදුලි පරිහරණයන් පිළිබඳ සිද්ධීන් 345ක් වාර්තා වී ඇති අතර ඒ අතරින් සිද්ධීන් 237ක් වංචා සහගත ලෙස මීටර් සැකසීම තුළින් විදුලිය ලබාගැනීම් වේ. ඉතිරි සිද්ධීන් 108 කොකු යොදා අයථා ලෙස විදුලිය ලබාගැනීම් ලෙස හදුනාගෙන තිබේ. මේ වසරේ ජනවාරි මස ලංවිම මගින් සිදුකළ හදිසි වැටලීම් තුළින් විදුලි සොරුන් 331ක් හදුනාගෙන ඇති අතර ඒ තුළින් රු. ලක්ෂ 215කට අධික ආදායමක් උපයාගෙන තිබේ. මෙම දත්තයන් පෙබරවාරි මස වැටලීම් දත්තයන් සමග සස\ බැලීමේදී ජනවාරි මසට වඩා පෙබරවාරි මස තුළ සිදුවී ඇති වංචාසහගත ලෙස විදුලිය ලබාගැනීම් යම් පමණකින් අඩුවී ඇති බව පැහැදිලි වේ. නමුත් එළඹි උත්සව සමයත් සමගින් විදුලි පරිහරණය විශාල වශයෙන් වර්ධනය වූ අතර ඊට සපේක්ෂව වංචාසහගත විදුලි පරිහරණයන්ගේද වර්ධනයක් සිදුවී ඇති බව පැහැදිළි වේ. ඉදිරියේදී එළඹෙන වෙසක් උත්සව සමයේද විදුලි පරිහරණය විිශාල වශයෙන් වර්ධනය වියහැකි බව පවසන විදුලිබල අමාත්‍යාංශය, මෙම වකවානුව තුළදී යම් විදුලි වංචාවක් සිදුවන්නේනම්, ඒ සම්බන්ධයෙන් ඉතා දැඩි පියවර ගන්නා බවද අවධාරණය කරයි.
මෙලෙස විදුලි මීටර් වංචනික ලෙස සකස් කිරීම්, කොකු භාවිතා කර විදුලිය ලබාගැනීම් වැනි ක්‍රියාවන් හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට විශාල මූල්‍ය අලාභයක් සිදුවන බව අවධාරණය කරන විදුලිබල අමාත්‍යාංශය, වංචාකාරී පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දීමට සහයොගය දක්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එවැනි යම් වංචාකාරී ක්‍රියාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව දුරකතන අංක 2422259 ඔස්සේ ලං.වි.ම. විමර්ශන අංශය දැනුවත් කරන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.