බලශක්ති සංරක්ෂණයට ආදර්ශයක් සපයමින්, මාසිකව වැයවන විදුලි ඒකක ප්‍රමාණය 13% කින් අඩුකරගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමත් වෙයි,
26 0

Posted by  in Latest News

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ  මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන ලද ලහෙට වෙනුවෙන් අදල බලශක්ති සංරක්ෂණ වැඩසටහනට සමගාමීවල අවවාදයට වඩා ආදර්ශය උතුම් යන්න පෙන්වාදෙමින්ල අමාත්‍යාංශයීය දෛනික සේවා කාර්යයන් නිසි පරිදි ඉටුකරමින්ල ජනවාරි මසට සාපේක්ෂව මාර්තු මස සඳහා වැයවූ විදුලි ඒකක ප්‍රමාණය 13්‍ර කින් අඩුකරගැනීමට හැකිවී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
පසුගියදා ලෝක ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවේ වැඩිවූ ඉන්ධන මිලට සමානුපාතිකව විදුලි බිල සඳහාද ඉන්ධන ගැලපුම් ගාස්තුවක් පැනවීමට මහජන උපයෝගිතා කොමිසම විසින් කටයුතු කරන ලද බැවින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේද විදුලි වියදම ඉහළයාමේ අවදානමක් පැවතිනිග එහිදී විෂයබාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අමාත්‍යාංශයේ එක් එක් අංශ වල ප්‍රධානීන්ට අවධාරණය කළෙල සමස්ත අමාත්‍යාංශයේම විදුලි බිල අවම වශයෙන් 10% කින් අඩුකිරීම සඳහා පියවර ගත යුතු බවයි.
ඒ සඳහා අමාත්‍යාංශ වායුසමීකරණ යන්ත්‍ර පෙරවරු 10.00 වනතුරු ක්‍රියාත්මක නොකරන ලද අතර පස්වරු 3.00 වනවිට නිවාදැමීමත්ල සමස්ත නිලධාරීන්ට අපහසුතාවයකින් තොරව තම දෛනික රාජකාරී කටයුතු ඉටුකරගත හැකිවන පරිදි විදුලි බුබුළු නිවාදැමීමත්, හැකි සෑම ස්ථානයකම කවුළු සහ තිර රෙදි නිරාවරණය කිරීමත් ඇතුළුව සංරක්ෂණ වැඩපිළිවෙලක් දියත් කෙරිණි.එමඟින් ඉතා සාර්ථක ලෙස 2012 ජනවාරි මස සඳහා වැයවී ඇති 17,694 ක් වූ විදුලි ඒකක ප්‍රමාණයල මාර්තු මස තුළදී 15,347 ක් දක්වා අඩුකරගැනීමට සමත්වී ඇත.
ඒ අනුව එක් මසක් වෙනුවෙන් විදුලි ඒකක 2347 ක් ඉතිරි කරගැනීමට හැකිවීමල විෂයානුබද්ධ අමාත්‍යාංශය වශයෙන් අප ලද මහත් ජයග්‍රහණයක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.මෙම වැඩපිළිවෙල දීර්ඝකාලීනව ක්‍රියාත්මක කරමින්ල රටේ ආර්ථීක සංවර්ධනයට අඛණ්ඩ දායකත්වයක් සැපයීමට ක්‍රියාකරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.විෂයබාර අමාත්‍යවරයා සහ නිල වාහන භාවිතකරන සියළු නිලධාරීන් විසින් පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව තම ඉන්ධන වියදම් ද අඩුකරගෙන ඇති බව අමාත්‍යාංශ ගිණුම් අංශයේ වාර්තා මඟින් පෙන්වාදෙයි.