මුළු රටම බලශක්ති කාර්යක්ෂමතාවයට කැපවූ නිසා රු. මිලියන 13,000ක් ඉතිරිකර ගැනීමට හැකි වුනා.
04 0

Posted by  in Latest News

විදුලිබලය කාර්යක්ෂමව හා නිවැරදි අවබෝධයකින් යුතුව භාවිත කිරීමට මහජනතාව හුරුකරවිම වෙනුවෙන්  ,හෙට වෙනුවෙන් අද, විදුලිබලය සුරැකීමේ ජාතික සත්කාර්යය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රමුඛ අනුබද්ධ ආයතන විසින්  දියත්කර ඇතග සැම විදුලි පාරිභෝගිකයෙකුම බලාපොරොත්තු වන්නේ විදුලිය වෙනුවෙන් අඩු මිලක් ගෙවිමට බව අමාත්‍ය චම්පික රණවක මහතා පවසයිග එහෙත්  පවතින  ගෘහස්ත පරිභෝජන රටාව අධ්‍යයනයේදී පෙනීයන්නේ බොහෝ පවුල් ඒකකයන් තම ගෘහ විදුලි උපකරණ මිලදී ගැනීමේදී හෝ භාවිතයේදී  විදුලි කාර්යක්ෂමතාව පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකරන බවයිග එහිදී මහජනතාව දැනුවත් කිරීමේ  පූර්ණ වගකීම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේයග ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ පසුගියදා 2012 04 30 ලංවිම ප්‍රධාන කාර්යාලයේ පැවති විධායක ඉංජිනේරුවරුන් දැනුවත් කිරමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
බලශක්ති කාර්යක්ෂමතාව සම්බන්ධ නිවැරදි අවබෝධයක් විදුලි පාරිභෝගිකයාට ලබාදීමට නම්  මේ සියළු පාර්ශව ඒකාබද්ධව දැනුවත් කිරීමේ  වැඩපිළිවෙලක් දියත් කිරීම අවශ්‍යව තිබේග ඒ සඳහා උපරිම හැකියාව ලංවිම නිලධාරීන් සතු වේග ඒ වෙනුවෙන් ගම් මට්ටමින්ල නාගරිකව මෙන්ම  පුද්ගලික සහ රාජ්‍යය ආයතන මූලික කරගත් වැඩපිළිවෙලක් දියත් කළයුතුව ඇතග ඒ සඳහා ලංවිම ඉංජිනේරුවරුන්ගේ පූර්ණ සහයෝගය අවශ්‍ය බව අමාත්‍යවරයා පවසයි.
විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ පසුගිය මාර්තු මාසයේ සිට මහජනතාව දැනුවත් කිරීමත්ල ඒ තුළින්  විදුලි කාර්යක්ෂමතාවය  මෙන්ම තම ගේ දොර විදුලි උපකරණ භාවිතයේදී අනුගමනය කළයුතු නිවැරදි ක්‍රමෝපායන් පිළිබඳව වන මූලික අවබෝධයක් ලබාදීමට කටයුතු කළ බව අමාත්‍ය රණවක මහතා  අවධාරණය කළේයග එමෙන්ම ලංවිම සතු සියළු බලාගාර උපරිම කාර්යක්ෂමතාවය දක්වා අවශ්‍ය කටයුතු  සිදුකර ඇතග නිලධාරීන්ගේ කැපවීමත්ල විදුලි පාරිභෝගික ජනතාව  විදුලි කාර්යක්ෂමතාව පිලිබඳව වැඩි අවධානයක් යොමු කිරීම නිසා  පසුගිය පෙබරවාරි සිට ලබන මැයි මස අවසානය දක්වා කාලසීමාවට පුද්ගලික අංශයෙන්  මිලදී ගැනීමට යෝජනාවී තිබූ අමතර මෙගාවොට් 100ක දාරිතාව මිලදී ගැනීමට අවශ්‍ය නොවූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීයග යම්හෙයකින් එම මෙගාවොට් 100ක දාරිතාව මාර්තුග අප්‍රේල්ල මැයි කාලසීමාවේදී මිලදී ගැනීමට සිදුවූවා නම්ල ඒ සඳහා ලංවිමට රුග මිලියන 13ල000ක අමතර මුදලක් අදාල පුද්ගලික ආයතන වෙත ගෙවීමට සිදුවන බවද පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුනිග රටේ සිදුවන දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියත් සමග වාර්ෂිකව මෙන්ම මාසිකවද  විදුලි ඉල්ලූමේ වැඩිවීමක් පවතීග මේ සියල්ල සලකා ක්‍රියාත්මක කල විදුලිබලය සුරැකීමේ ජාතික සත්කාර්යය හේතුවෙන් මේ ජයග්‍රහණය ලබාගැනීමට හැකිවී ඇත.
මෙම දැනුවත් කිරීමේ අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය රණවක මහතා……………………
1994 වර්ෂයේදී අපේ රටේ විදුලිය නිපදවුනේ 100්‍රක්ම ජල විදුලියෙන්ග නමුත් අද ජල විදුලිය 14්‍රක් වගේ අවම මට්ටමකට පත්වෙලාග 86්‍රක්ම තාප විදුලියග මෙවැනි තත්ත්වයක් හමුවේ මිල ඉහළයාම පුදුමයක්දග ඒ වගේම ආසියානු කලාපීය අනෙකුත් රටවල පැය ගණන් විදුලිය කප්පාදු කරනවාග දින ගණන් කර්මාන්තශාලා වසා තබනවාග නමුත් අපේ රටේ තවමත් පැය 24ම විදුලිය සපයනවාග මිනිසා ගල් යුගයේ සිට අද දක්වා පැමිණි දිගු ගමන්මගේදී ඔහුගේ අවශ්‍යතා අසීමිත වෙලාග එම අසීමිත අවශ්‍යතා සපුරාගැනීමට යාමේදී බලශක්තිය විශාල වශයෙන් වැයවෙනවාග තම අවශ්‍යතා සපුරා ගැනීමේදී හැකිතරම් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න පුරුදු වියයුතුයිග සවස 6ග30ත් රාත්‍රී 9ග30ත් අතර කාලසීමාව විදුලි උපකරණ භාවිතයෙන් හැකිතාක් දුරට මිදෙන්න උත්සාහ ගත යුතුයිග  මෙම කාලසීමාව තුළ එක් විදුලි පහනක් හෝ නිවා දැමීමෙන් රටේ දැවෙන ප්‍රශ්නයක් වන විදුලි ගැටළුවට නිසි පිළිතුරු ලබාදෙන්න අපටත් දායකවෙන්න පුළුවන්ග ලංවිම නිලධාරීන් වශයෙන් මේ පිළිබඳව සාමාන්‍ය පාරිභෝගික ජනතාව දැනුවත්කිරීමේ වගකීම ඔබට පැවරිලා තිඛෙනවාග ඒ වගේම මනුකියවන්ටත් මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් තිඛෙනවා ගෘහස්ත පාරිභෝගිකයන් දැනුවත් කිරීමටග බලශක්ති සංරක්ෂණයත් තුළින් රට අඳුරේ තිබූ කාලය මුළුමනින් ඉවත්කිරීමට දායක වන්නයැයි පැමිණ සිටි පිරිස අමතමින් පැවසීය.