Posted by in Latest News
සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී
සියළු අමාත්‍යාංශ, පළාත් සභා, රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ.
බලශක්ති සුරක්ෂිත ශ්‍රී ලංකාවක් සඳහා යන ගමනේදී බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය ඉතා වැදගත් යැයි හඳුනාගනිමින් සියළුම අමාත්‍යාංශ, පළාත් සභා, රාජ්‍ය දෙපාර්තමේන්තු,සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි සමස්ත රාජ්‍ය සේවකයන් ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයත්, ජනාධිපති ලේකම් කාර්යාලයත් ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙලක් දියත් කෙරිණ. එහි සමාරම්භක අවස්ථාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලිබල අමාත්‍යාංශ ලේකම් එම්.එම්. සී. ප්‍රදිනාන්දු යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (2012.05.11) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය රණවක මහතා …,
මේ වනවිට ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය සුවිශාල දියුණුවක් ලබලා තිඛෙනවා. ආසියානු කලාපයේ රටවල් අතරින් පැය 24ම විදුලිය ලබාදෙන එකම රට බවට පත්වෙන්න අද අපට හැකිවෙලා තියෙනවා. මේ වසර අවසන් වීමට ප්‍රථම සැමට සැමවිට විදුලිය යන්න යතාර්ථයක් බවට පත්කරමින් මුළු දිවයිනම විදුලියෙන් ඒකාලෝක කරන්න මේ වනවිට සියල්ල සූදානම්. වර්තමානයේ විදුලි උත්පාදනයෙන් 84%ක්ම සිදුවෙන්නේ ඉන්ධන යොදාගෙන. ඉන්ධන මිල ඉහළයාමේදී විදුලි බිල ඉහළයාම වළක්වන්න අපට බැහැ. අපිට මේ සඳහා ගන්න පුළුවන් එකම පියවර තමයි විදුලි සංරක්ෂණය. මේ වනවිට මේ සම්බන්ධයෙන් අපි පියවර ගෙන තිඛෙනවා. පාසල් සිසුන්, පුද්ගලික අංශයේ සේවක පිරිස් වගේම කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවනුත් අපි මේ සඳහා හවුල්කරගෙන තිඛෙනවා. අද ආරම්භ වූ මෙම වැඩසටහන තුළින් රාජ්‍ය අංශයේ දායකත්වයත් මේ සඳහා ලබාගන්නවා. ඉල්ලූමට සරිලන විදුලියක් ලබාදීම අපට ගැටළුවක් නෙමෙයි. අපි කුඩා උනත් හැමෝම එකතු වුනොත් ඒ තුළින් යෝධ ශක්තියක් ගොඩනැගෙනවා. මේ වනවිට මිලියන 20ක් ජංගම දුරකතන තිඛෙනවා. මේ මිලියන 20ම විදුලි සංරක්ෂණයට යොමුවුනොත් වොට් පැය මිලියන 200ක් ඉතිරි කරගන්න පුළුවන්. මේ විදිහට අපි හැමෝම මේ සත්කාර්යයට දායකත්වය සැපයුවොත් මේ විදුලි ගැටළුවට විසඳුම වැඩි ඈතක නොවේයැයි පැවසීය.