Posted by in Latest News
*පාරිභෝගික පහසුව වෙනුවෙන් ලෙකෝ කෙටි පණිවිඩ සේවාව ඇරඹේ.
*අපරාධකරුවන් අපරාධ කරකර නීතිය සොයනවා වගේ, එදා විදුලි බලාගාර හදනවට විරුද්ධ වුණ අයම අද විදුලි බිල වැඩියි කියලා චෝදනා කරනවා.
*මම ඕනම කෙනෙකුට අභියෝග කරනවා ආසියාතික රටවල් අතරින් අපේ රටේ වගේ අඛණ්ඩ විදුලි සැපයුමක් වගේම අවම මිලක් පවතින රටක් තවත් තියෙනවානම් පෙන්වන්න කියලා.
ලංකා විදුලි පුද්ගලික සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය කියන්නේ මේ රටේ තිඛෙන වැදගත් වගේම බලවත් ආයතනයන්. මෙම ආයතන ජනතාවට මහත් සේවයක් සපයනවා. නමුත් වැදගත්ම දේ වෙන්නේ මෙම ආයතනයන් යැපෙන්නේ පාරිභෝගික ජනතාවගේ මුදලින් වීමයි. එබැවින් පාරිභෝගිකයාට සුහදශීලී මෙන්ම කාර්යක්ෂම සේවාවක් සැපයීම අපේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වෙනවා. ඒ යුතුකම වඩාත් සාර්ථක අයුරින් ඉටුකරන්න තමයි අද අපි මේ ලෙකෝ ආයතනය මගින් කෙටි පණිවිඩ පාරිභෝගික සේවා ජාලයේ ලෙකෝ අඩහැරය මුළු රටටම කියාපාන්නේ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ කළේ, විදුලි පාරිභෝගික ජනතාවගේ පහසුව සහ ඔවුනට වඩාත් කාර්යක්ෂම මෙන්ම ගුණාත්මක විදුලි සේවාවක් සැපයීම වෙනුවෙන් ලංකා විදුලි පුද්ගලික සමාගම විසින් දියත් කරනුලබන කෙටි පණිවිඩ පාරිභෝගික සේවා ජාලය ජනතා සේවයට කැපකිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙම කෙටි පණිවිඩ සේවාව මගින් විදුලිය බිඳවැටීම්, ගිණුම් ශේෂ සහ සාරාංශය දැනගැනීම, විදුලිය සම්බන්ධ ඉල්ලීම්, පැමිණිලි, පෙර දැනුම්දී කරන විදුලි අත්හිටුවීම්, හදිසි විදුලි අත්හිටුවීම්, බිල්පත් නොගෙවීම මත විදුලි විසන්ධි කිරීම්, බිල්පත් නොගෙවීම සම්බන්ධ සිහිකැඳවීම් ලබාදීම මෙන්ම පාරිභෝගිකයාට තම සේවාව සඳහා බලපාන වෙනත් සිදුවීම් සියල්ලක් සම්බන්ධයෙන්ම සේවාවන් ලබාගැනීමේ අවස්ථාව සලසා තිබේ. මෙම කෙටි පණිවිඩ සේවාව සඳහා ලියාපදිංචි වීමට Reg <හිස්තැනක්> ගිණුම් අංකය ඝ සඳහන් කර 071-4643643 ට යොමුකළ යුතුවේ. ජංගම දුරකතන සඳහා ඇන්ඩ්‍රොයිට් මෘදුකාංගය ලබාගැනීමට www.leco.lk වෙබ් අඩවියට පිවිසෙන්න
කුකුළේගග හොලිඩේ රිසෝට්හිදී අද පෙරවරුවේ පැවති මෙම අවස්ථාවට එක්වෙමින්
සිය අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා…………..
සමහරු කියනවා ලෝකේ වැඩිම විදුලි බිලක් අයකරන රට ශ්‍රී ලංකාව කියලා. මේක හරියට අපරාධකරුවන් අපරාද කරකර නීතිය සොයනවා වගේ වැඩක්. මම අභියෝග කරනවා කාටහරි පුළුවන්නම් මට ඔප්පු කරලා පෙන්නන්න කියලා, පැය 24ම අඛණ්ඩව විදුලිය සපයන, ඒ වගේම ජල විදුලිය නැතත් මිල අධික ප්‍රභවයන් යොදාගෙන වුවත් අඛණ්ඩ සැපයුමක් ලබාදෙන තවත් රටක් තිඛෙනවද කියලා. මේ වෙද්දිත් තමිල්නාඩු ප්‍රාන්තයේ සතියට දින 02ක් කර්මාන්තශාලා වහනවා. චෙන්නායි වල පැය 8 – 16ත් අතර කාලයක් විදුලිය කපනවා. ජපානයේත් එහෙමයි. නමුත් අපේ රටේ පොඩි පොඩි විදුලි බිඳවැටීම් ඇති වුණත්, පැය 24ම විදුලිය සපයන ආසියාවේ එකම රට කියන තත්ත්වය තවමත් රැකිලා තිඛෙනවා. ඒ තත්ත්වය සදාකල් රැකගන්න නම් අපි බලශක්ති කලමනාකරණයට හුරුවිය යුතුයි. තවත් අවුරුදු 40ක් පමණ යද්දි, ඒ කියන්නේ 2052දී තෙල් සම්පත අවසන් වෙනවා. ඒ වගේම තවත් වසර 60කින් ගෑස් අවසන් වෙනවා. ගල්අගුරු තවත් වසර 80කින් අවසන් වේවි. මේ අනුව බලන කළ අනාගත පරපුර දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දෙනවා. සවස 6.30ත් 9.30ත් අතර කාලසීමාෙවීදි හැකිතාක් දුරට විදුලි පරිහරණය අඩු කරනවා නම් ඒක අපට මෙම අභියෝගයට මුහුණදීම අපහසු වෙන්නේ නැතැයි පැවසීය.
වැඩිදුරටත් දිය අදහස් දැක්වූ අමාත්‍යවරයා…
පාරිභෝගික ජනතාව අපගේ කාර්යාල වලට පැමිණෙන්නේ ඔවුන්ගේ ගැටළු වලට නිසි පිළිතුරු අපේක්ෂාවෙන්. අපි ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් කඩිනමින් ඔවුන්ගේ අවශ්‍යතාවන් සපුරා දියයුතුයි. ඒ වගේම දුරකතන මාර්ගයෙන් හෝ විදුලි ගැටළුවක් සම්බන්ධයෙන් පාරිභෝගික විමසුමක් ලැබුණ වහාම අප ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීම වැදගත්. අපි අපේ මිතුරන්ට සලකන ආකාරයට වඩාත් සුහදශීලිව පාරිභෝගිකයන්ට සලකන තරමට ඔවුන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය සහ සැලකීම වැඩිවෙනවා. ආලෝකය ලබාදීම කියන්නේ නෙත් ලබාදීමක් හා සමානයි. එසේනම් වැඩි වරප්‍රසාද ප්‍රමාණයක් භුක්ති විඳින සේවකයින් වන අප, යම් සේවයක් බලාපොරොත්තුවෙන් පැමිණෙන පාරිභෝගික ජනතාවට උපරිම සේවයක් ඉටුකර දීම යුතුකමක් වගේම වගකීමක්ද වෙනවා. ඒ නිසා තමයි පාරිභෝගික ජනතාව වෙහෙසන්නේ නැතිව ඔවුන්ගේ සේවාවන් කාර්යක්ෂමව ඉටුකරදීමේ පරමාර්ථයෙන් මේ කෙටිපණිවිඩ සේවාවක් ආරම්භ කළේයැයි පැවසීය.
මෙම අවස්ථාවට දේශපාලනාධිකාරිය මෙන්ම ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති චන්දන හපුතන්ත්‍රී මහතා ඇතුළු ෙජ්්‍යෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.