Posted by in Latest News
කොටුව දුම්රියපොල ඉදිරිපිටදී අමාත්‍ය චම්පික රණවක මහතා මගී ජනතාව දැනුවත් කිරීමට එක්වේ. දිවයිනේ ප‍්‍රධාන නගර 33 කදී දැනුවත් කිරීමේ වැඩසටහන්
මේ වීදි බැසීම සේවක අයිතිවාසිකම් ජයගන්නට කරනා වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් නොවන අතර මතු පරපුරේ අයිතිවාසිකම් සුරැුකීමට කරනා වෘත්තීය යුතුකමකි – අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.
මෙවර ලෝක පරිසර දින තේමාව බවට පත්වූයේ හරිත ආර්ථිකයයි. අනාගත ශ‍්‍රී ලංකාව තුළ හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමට නම් පුනර්ජනනීය බලශක්ති උත්පාදනය වෙනුවෙන් වැඩි වශයෙන් යොමුවිය යුත වේ. ඒ සඳහා රජය මේ වනවිට පියවර ගෙන ඇත. හරිත ආර්ථිකයක් මත ගොඩනැගෙන මතු පරපුර වෙනුවෙන් බලශක්ති සංරක්ෂණය කාලීන අවශ්‍යතාවයකි. මේ පිළිබඳව මහජන දැනුවත් කිරීම සඳහා ,හෙට වෙනුවෙන් අද, විදුලිබලය සුරැුකීමේ ජාතික සත්කාරය නමින් පුළුල් වැඩසටහන් මාලාවක් ක‍්‍රියාත්මක කොට ඇත.
එම වැඩසටහන් මාලාවේ තවත් සුවිශේෂී අංගයක් ලෙස නගරාශ‍්‍රිත මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ලංකා විදුලි පුද්ගලික සමාගම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කළේය. ඒ අනුව අද (06* ප‍්‍රධාන නගර 33 ක් කේන්ද්‍ර කරගනිමින්, මධ්‍යහ්න 12.00 සිට ප.ව. 1.00 දක්වා වන දහවල් කෑම වේලාවේදී මහජනතාව දැනුවත් කිරීමට ලංකා විදුලි පුද්ගලික සමාගමේ 2000 කට ආසන්න සේවක සේවිකාවන් පිරිසක් කටයුතු කළේය. මහජනතාව වෙනුවෙන් විශේෂ අත් පත‍්‍රිකාවක්ද මෙහිදී බෙදාදෙන ලදී. ප‍්‍රධාන දැනුවත්කිරීමේ වැඩසටහන කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වුණු අතර ඒ සඳහා ලංකා විදුලි පුද්ගලික සමාගමේ ප‍්‍රධාන කාර්යාලයේ නිලධාරීන් 200 කට ආසන්න පිරිසක් සහභාගි විය. එම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද සහභාගි විය. එහිදී අමාත්‍ය රණවක මහතා කොටුව දුමිරියපොළ ඉදිරිපස නවතා තිබූ බස් රථ වලට ගොඩවෙමින් මහජනතාව ඒ සම්බන්ධව දැනුවත් කොට, අත් පත‍්‍රිකාව බෙදාදීමට කටයුතු කළේය.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය චම්පික රණවක මහතා……
අද මුළු ලෝකයම බලශක්ති අර්බුදයකට මුහුණදෙමින් සිටිනවා. ලෝකයේ දියුණුවත් සමඟ පොසිල ඉන්ධන වල අධික භාවිතයක්, දෛනිකවම සිදුවෙනවා. මේ සඳහා ඇත්තේ එකම එක විකල්පයක් පමණයි. එනම් බලශක්ති ක්ෂේත‍්‍රය තුළද, බලශක්ති පරිභෝජනය තුළද සකසුරුවම ඇතිකරගැනීමයි. එය බලශක්ති සංරක්ෂණය ලෙස අපට හඳුන්වා දිය හැකියි. මෙවර ලෝක පරිසර දින තේමාව තුළද අපට ඒ සඳහා පණිවිඩයක් ලබාදී තිබෙනවා. එය තේමාවකට පමණක් සීමා නොවී යථාර්තයක් බවට පත්කිරීමට නම් සංරක්ෂණය ඉතා වැදගත්. ශ‍්‍රී ලංකාවත් දිනෙන් දින ආර්ථික සංවර්ධනයක් ළඟාකරගනිමින් කටයුතු කරන රටක්. එම සංවර්ධනය ස්ථාවර ලෙස පවත්වාගෙන, මතු පරපුර වෙනුවෙන් එහි ප‍්‍රතිලාභ ලබාදීමට නම් සමස්ත මහජනතාවම බලශක්ති සංරක්ෂණයට හුරුවීම කාලීන අවශ්‍යතාවක් බවට පත්වී තිබෙනවා. ඒ සම්බන්ධව නිවැරදි අවබෝධයක් මහජනතාව වෙත ලබාදීම අපි කාගේත් යුතුකමයි. ඒ වෙනුවෙනුයි අප අමාත්‍යාංශයත්, ලංකා විදුලි පුද්ගලික සමාගමත් එක්ව මේ වැඩසටහන සංවිධාන කළේ. එහි ආරම්භය ප‍්‍රධාන නගර 33 කට සීමා වුවත්, ඉදිරියේදී ලංකාවේ සෑම දිස්ත‍්‍රික්කයක් ආවරණය වන පරිදිම මහජනතාව වෙනුවෙන් අපි වීදි බැසීමට කටයුතු කරනවා. මේ වීදි බැසීම සේවක අයිතිවාසිකම් ජයගන්නට කරනා වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් නොවන අතර මතු පරපුරේ අයිතිවාසිකම් සුරැුකීමට කරනා වෘත්තීය යුතුකමක් බව අමාත්‍ය චම්පික රණවක මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
![]() |
![]() |
![]()
|
![]() |
![]() |
![]() |
![]() |