Posted by in Latest News
2020 වනවිට ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 20%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ( සූර්ය, සුළං, ජෛවස්කන්ධ ) ආශ්‍රයෙන් උත්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී. මේ සඳහා පින්ලන්ත රජයේද සහාය ලබාදීමට එරට තානාපතිනි (Terhi Hakala & ටර්හි හකාලා මහත්මිය පසුගියදා සිය එකගත්වය පළකළාය. ලෝකයේ පවතින බලශක්ති අර්බුදය හමුවේ තිරසාර විසඳුම පුනර්ජනනීය බලශතක්ති ප්‍රභවයන් බව හකාලා මහත්මිය සඳහන් කරයි. ඒ සඳහා පින්ලන්ත රජයේ විශේෂ අවධානය යොමුවී තිබේ. එම තාක්ෂණය සහ ඥානය තව දුරටත් ප්‍රචලිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදෙන බව එතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ පරිශ්‍රයේදී පසුගියදා විෂයභාර අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මහතා හමුවූ පින්ලන්ත තානාපතිනිය දෙරට අතර පවතින්නාවූ ද්විපාර්ශ්වීය සබඳතා තවත් තහවුරු කරගැනීමේ පියවරක් වශයෙන් මෙරට තුළ යොදාගනු ලබන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පිළිබඳව සිය රටේ බලශක්ති ක්ෂේත්‍රයද දැනුවත් කර, එම ක්‍රමෝපායයන් අනුගමනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පැවසීය. එසේම බලශක්ති අර්බුදයට පිළියම් සොයනු වස් දේශීය වශයෙන් අනුගමනය කරන්නාවූ බලශක්ති සංරක්ෂණ ක්‍රමෝපායයන් පිළිබඳව තානාපතිනිය විෂයබාර අමාත්‍යවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.
මෙම කරුණු වලට අමතරව දෙරට අතර මිත්‍රත්වය තහවුරු කරගැනීම පිළිබඳවද විෂයභාර අමාත්‍යවරයා සමග වැඩිදුර කරුණු සාකච්ඡා කළ තානාපතිනිය, මෙරටේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්තියට මෙන්ම ද්වීපාර්ශවීය මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා සිය රට වෙතින් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට තමා පොරොන්දු වන බවද පැවසීය.
![]() |
![]() |
![]() |
![]() |