Posted by in Latest News
ලංකා විදුලි පුද්ගලික සමාගමේ වසර 25කට අධික කාලයක් සම්පූර්ණ කළ සේවක මහත්ම මහත්මීන්ට උපහාර දැක්වම සඳහා සංවිධානය කරන ලද දීර්ල සේවා තිළිණ ප‍්‍රදානය පසුගියදා කොළඹ. සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ලංකා විදුලි පුද්ගලික සමාගමේ වසර 25කට අධික සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක මහත්ම මහත්මීන් 63ක් පමණ අමාත්‍යවරයා අතින් රන් තිළිණ ලබාගත්හ. මෙම දීර්ඝ සේවා තිළිණ ප‍්‍රධානයට සමගාමීව සමාගමේ සේවක දරුදැරියන්ගේ අධ්‍යාපන දක්ෂතා ඇගයීමක්ද සිදු කෙරිණි. 2009 වසරේ පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 144ට වඩා ලබාගත් දරුවන් වෙනුවෙන් සහ 2010 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 148ට වඩා ලබාගත් දරුවන් වෙනුවෙන්, මහජන බැංකුවේ රු. 10,000.00ක් වටිනා සිසු උදාන ගිණුමක්, ත්‍යාග සහ සිහිවටන ඵලක පිරිනැමීම අමාත්‍යවරයාගේ අතින් සිදු කෙරිණි.
තවද 2008,2009 සහ 2010 වසර වල අපොස සා/පෙළ විභාගයන්හිදී විශිෂ්ඨ ලෙස සමත්වූ දරුවන් වෙනුවෙන් රු. 25.000ක් වටිනා මහජන බැංකු ගිණුම් හා තවත් ත්‍යාග පිරිනැමීමද, 2008 සහ 2010 වසර වල අපොස උ/පෙළ විෂයන් තුනටම ඒ සමාර්ථයන් ලබාගත් සිසුන් වෙනුවෙන් රු. 50,000ක් ටිනා බැංතු ගිණුම් සහ වෙනත් ත්‍යාග පිරිනැමීමක්ද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් එම්.එම්.සී. ප‍්‍රදිනාන්දු මහතා ඇතුළු අමාත්‍යාංශයේ සහ ලෙකෝ ආයතනයේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |