සෑම නිවසක්ම ජන විදුලි බලාගාරයක් කරන්න. නිවසේ එක් අයෙක් විදුලිබල ඇමති බවට පත්වෙන්න. අපේ ඉරණම, අනාගතය වෙනුවෙන් අපි සැවොම එක්වෙම
18 0

Posted by  in Latest News

විදුලිබල ඇමති සමස්ත ජාතියට ඉල්ලීමක් කරයි.

මේ වනවිට මුළු රටම බලශක්ති සංරක්ෂණය වෙනුවෙන් සුළු හෝ කැපකිරීමක් කර තිබෙන බව පැහැදිලිව  දක්නට තිබෙනවා. පසුගිය 2011 වර්ෂයේ සමස්ත දෛනික විදුලි ධාරිතාව බවට පත්වූයේ  මෙගාවොට් 1900 – 2100ත් අතර අගයක්. එදා සිට මේ දක්වා නව සබඳතා ලක්ෂ 2 1/2ක්  පාරිභෝගික ජනතාව වෙනුවෙන් ලබාදි තිබෙනවා. නව සබඳතා පද්ධතියට එක් වුවත් උපරිම දෛනික ධාරිතාව මෙගාවොට් 1950 මට්ටමේ රැුඳීමම විශේෂත්වයක්. කප්පාදු කිරීමකින් තොරව මහජනතාවගේ සහ ලංවිම සමස්ත සේවකයන්ගේ කැපවීම මත මෙම ජයග‍්‍රහණ ලබාගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයටත් ලංකා විදුලිබල මණ්ඩලයටත් හැකිවි තිබෙන්නේ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

විෂයබාර අමාත්‍ය රණවක මහතා මෙම අදහස් පලකළේ ලක්ෂයකට අධික විදුලි පාරිභෝගික සංඛ්‍යාවක් සිටින කෑගල්ල දිස්ත‍්‍රික්කයේ විදුලි පාරිභෝගික පහසුව සහ කාර්යක්ෂම මෙන්ම ගුණාත්මක විදුලි සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් මුළු දිස්ත‍්‍රික්කයම ආවරණය වන පරිද්දෙන් ප‍්‍රදේශ කිහිපයක විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථාන සහ විදුලි ඉංජිනේරු කාර්යාල කිහිපයක් ස්ථාපනය කර ජනතා සේවයට කැපකිරීම වෙනුවෙන් අද (2012.06.13* දින පැවති උත්සව අවස්ථාවන්ට එක්වෙමිනි.

මේ යටතේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ මොරොන්තොට ප‍්‍රදේශයේ 11,000ක් පමණ වූ පාරිභෝගික ජනතාවක් ඉලක්ක කරගනිමින්, ලංවිම මූල්‍ය ප‍්‍රතිපාදන රු. ලක්ෂ 12ක් පමණ වැය කර ඉදිකළ නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, කෑගල්ල ප‍්‍රදේශයේ අවම පහසුකම් මත පවත්වාගෙන යනු ලැබූ ලංවිම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය රු.ලක්ෂ 25ක මූල්‍ය ප‍්‍රතිපාදන මත නවීකරණය කර එස්5 සංකල්පය යටතට පත්කර අටදහසක් පමණ වූ පාරිභෝගක සංඛ්‍යාවකට සේවා සැපයීම වෙනුවෙන් විවෘත කිරීම, මාවනැල්ල ප‍්‍රදේශයේ පනස් දහසක් පමණ වූ  විදුලි පාරිභෝගික පිරිසකට  ලක්ෂ 35ක් පමණ වැය කර ඉදිකරන ලද  නව ප‍්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය ජනතා සේවයට කැපකිරීම සහ හෙම්මාතගම පවුල් 6000කට පමණ සෙත සැලසෙන ලංවිම  මූල්‍ය ප‍්‍රතිපාදන ලක්ෂ 12ක් පමණ වැයකර ස්ථාපනය කරන ලද  නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීම, විෂයබාර අමාත්‍ය රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද සිදුවිය.

මෙම අවස්ථාවන්ට සහභාගී වූ අමාත්‍ය රණවක මහතා ….,

විදුලිය වෙනුවෙන්  සමෘද්ධි සහනාධාරය වගේ දෙගුණයක් අපි සහන ලබාදී තිබෙනවා. කර්මාන්ත ක්ෂේත‍්‍රයට බිලියන 7කුත්, ඒකක 120ට අඩුවෙන් භාවිත කරන්නන් වෙනුවෙන් බිලියන 17කුත් වශයෙන් අපි එය ලබාදී තිබෙනවා. විදුලිබලය මහජන සේවාවක් වන බැවින් එය අඛණ්ඩව ලබාදිමට අප බැඳී සිටිනවා. සැම පවුල් ඒකකයකම, ගමකම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් මුළු රට පුරා අඛණ්ඩ විදුලි සබඳතාවක් පවත්වාගෙන යායුතුයි. ලෝකයේ පවතින බලශක්ති අර්බුදය හමුවේ එඩිතරව නැගී සිටීමට අප සැවොම පෙල ගැසිය යුතුයි. අනාගත ශ‍්‍රී ලංකාව සංවර්ධනය කරමින් ආසියාවේ ආශ්චර්යය බවට පත්කිරීමට නම් හරිත බලශක්තියෙන් පිරි රටක් බවට මේ රට පත්කළ යුතුයි. මම මුළු ජාතියෙන්ම ඉල්ලා සිටින්නේ ඒ වෙනුවෙන් එකා මෙන් එකතුවන ලෙසයි. සෑම නිවසක්ම ජන විදුලි බලාගාරයක් කරන්න. නිවසේ එක් අයෙක් විදුලිබල ඇමති බවට පත්වෙන්න. අපේ ඉරණම, අපේ අනාගතය වෙනුවෙන් අපි සැවොම එක්වෙමු. ඒ මත කාටවත් යටත් නොවන,සමස්ත ලෝකයටම ආඩම්බර වියහැකි රටක පුරවැසියන් බවට පත්වෙමු යැයි පැවසීය.

ලක්ෂය ඉක්මවාගිය පාරිභෝගික සංඛ්‍යාවක් සිටින සියළු විදුලි ඉංජිනේරු කාර්යාල, සේවා සහ කළමණාකරන පහසුව වෙනුවෙන් ඉංජිනේරු කාර්යාල 2ක් බවට පත්කිරීමටත්, 25,000 ඉක්මවූ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන ඇති ප‍්‍රදේශ වෙනුවෙන් තවත් පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරිමටත් ලංවීම ඉදිරියේදී කටයුතු කරනු ඇත.

මෙම අවස්ථාවට ග‍්‍රාමීය කටයුතු පිළිබඳ ජේ්‍යෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලනාධිකාරියත්, ලංවිම ජේ්‍යෂ්ඨ නිලධාරීන් විශාල පිරිසකුත් සහභාගී වූහ.