Posted by in Latest News
මුළු ලෝකයම මේ වනවිට මුහුණපා සිටින පාරිසරික අර්බුදයට ප‍්‍රධානතම ගැටළුව වන්නේ ඛනිජ තෙල්, ගල්අගුරු ආදි පොසිල ඉන්ධන වැඩි වශයෙන් භාවිත කිරීමයි. රටවල සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය බලශක්ති උත්පාදනය සඳහා වැඩි වශයෙන් පොසිල ඉන්ධන භාවිතයට ගැනේ. මේ තත්ත්වයන් මත ඉදිරියේදී මිනිස් ජීවිතයට අහිතකර බලපෑම් රැුසක් එල්ල්විය හැක. මේ වනවිට ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ ලැබීමට නියමිත මෝසම් වර්ෂාවන් දෙකම නිසි පරිදි නොලැබීම හේතුවෙන් දැඩි නියං කාලගුණ තත්ත්වයකට මුහුණදෙමින් සිටී. මෝසම් වැස්ස අඩාලවීමත් සමග ශ‍්‍රී ලංකාවේ ජල විදුලි උත්පාදනයටද බාධා එල්ලවී ඇත. මේ වනවිට රටේ දෛනික බලශක්ති උත්පාදනයෙන් ජල විදුලිය භාවිතයට ගැනෙන්නේ 14%ක් වැනි අඩු අගයකිනි. ඉතිරි අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම ලබාගැනීමට සිදුව ඇත්තේ ගල්අගුරු සහ ඛනිජතෙල් ආශ‍්‍රයෙනි. එය දෛනික විදුලිබල අවශ්‍යතාවයෙන් 86%කි. අනාගතයේ පවතින තත්ත්වයන් ගැන පවතින දේශගුණික, කාලගුණික විපර්යාසත් සමග වැඩි විශ්වාසයක් තබාගත නොහැකිය. එහෙයින් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභේද ආශ‍්‍රයෙන් ස්ථාවර බලපද්ධතියක් ගොඩනැගීමට සැලසුම් සකස්කළ යුතුව ඇත.
පසුගියදා නිමාව දුටු රියෝූ20 ජාත්‍යන්තර සමුළුවේදී ලෝක නායකයින්ගේ අවධානය යොමුවූයේද තිරසර සංවර්ධනයක් වෙනුවෙන් හරිත ආර්ථිකය සහ පුනර්ජනනීය බලශක්තිය දෙසට යොමුවීමේ කාලීන අවශ්‍යතාවය පිළිබඳවයි. ඒ අනුව 2015 සිට 2030 දක්වා වසර 15ක කාලයක් එම සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන්කිරීමට ජාත්‍යන්තරය විසින් තීරණය කර ඇත. මුළු ලෝකයම සූර්ය, සුළං සහ ජීව ඉන්ධන ආශ‍්‍රිත පුනර්ජනනීය බලශක්තිය මත ගොඩනැගෙන හරිත ආර්ථිකයක් වෙත යොමුවෙද්්දී, අප රටද ඒ සඳහා ඉදිරිපත් වියයුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. පුනර්ජනනීය බලශක්ති පද්ධතිය වෙත සම්පේ‍්‍රෂණය කරද්දී ප‍්‍රධාන ගැටළු 2කට මුහුණ දෙයි. ඉන් ප‍්‍රධානතම ගැටළුව වන්නේ අවශ්‍ය වේලාවට බලශක්තිය උත්පාදනය කරගැනීමට ඇති නොහැකියාවයි. සූර්ය ශක්තිය ඇති විටදී, සුළං බලය ඇති අවස්ථා වලදී, බලශක්ති උත්පාදනය කරගත හැකි වුවත්, ඒවා ගබඩා කොට, සම්පේ‍්‍රෂණය කිරීමේ තාක්ෂණික ගැටළු රැුසක් පවතී. එමෙන්ම එම ව්‍යාපෘති සඳහා වන මූලික ආයෝජනය සහ නිෂ්පාදන ක‍්‍රියාවලියට යන වැඩි වියදම හේතුවෙන් විදුලි ඒකකයක මිල ඉහල අගයක පවතී. එහෙත් ලෝක මට්ටමින් වැඩි වශයෙන් පුනර්ජනනීය බලශක්තිය ප‍්‍රචලිත කිරීමේී වැඩි තාක්ෂණික ක‍්‍රමවේදත් වැඩි නිෂ්පාදන ධාරිතාවකුත් ඇතිවීම හේතුවෙන් එම තත්ත්වයන් අවම කරගැනීමට හැකිවනු ඇත. ආයෝජකයින් හට ලැබෙන ප‍්‍රතිලාභ වැඩිකර ගැනීමට සහ හරිත බලශක්තිය වැඩි වශයෙන් භාවිතයට යොමුකිරීමට නම් ජාත්‍යන්තර වශයෙන් හරිත තැන්පතු ක‍්‍රමවේදයක් ( Green International Bank) සෑම කලාපයකම සෑම රටකම ස්ථාපත කිරීමේ අවශ්‍යතාවක් ඇති බවද අමාත්‍ය චම්පික රණවක මහාත මෙම සමුළුවේදී අවධාරණය කළේය.
සමුළුවට සහභාගීවූ දේශ්ීය සහ විදේශීය වෘත්තිකයන්ගෙන් අමාත්‍ය චම්පික රණවක මහතා ඉල්ලා සිටියේ සමාජයීය ආර්ථික, මූල්‍ය සහ දේශපාලනික තත්ත්වයන් වටහාගෙන රටට ගැලපෙන, කලාපයට ගැලපෙන සැලසුම් සහ ප‍්‍රතිපත්ති නිර්මාණය කර ජාත්‍යන්තරයට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව දේශීය තාක්ෂණික දැනුම මත පදනම්වූ තිරසර සංවර්ධනයක් අප රටට ළගා කරගත හැකි වේ.
2012.06.25 දින ගලධාරි හෝටලයේ බෝල්රූම් ශාලාවේ පැවති මෙම පුනර්ජනනීය බලශක්ති සමුළුවේ සභාපති වශයෙන් ආරක්ෂක හා නාගරික සංනර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රොහාන් සෙනෙවිරත්න මහතා ඇතුළු ක්ශෙත‍්‍රයේ විද්වතුන් විශාල පිරිසක් සහභාගී වූහ.