You are here:

HomeLatest Newsබලශක්ති සංරක්ෂණයට කැපවන මතු පරපුරක් වෙනුවෙන් ජන විදුලි බලාගාර වැඩසටහන ක්‍රියාත්මක කෙරේ
බලශක්ති සංරක්ෂණයට කැපවන මතු පරපුරක් වෙනුවෙන් ජන විදුලි බලාගාර වැඩසටහන ක්‍රියාත්මක කෙරේ
13 0

Posted by  in Latest News

ජාතික පාසල් සහ ද්වීතියික පාසල් 1500 ක් පළමු අදියර සඳහා තෝරාගැනේ.

වැඩසටහන වෙනුවෙන් ස්වයංක්‍රීය සේවා දුරකතන අංක දෙකක්. 07 1910 1910 හා 07 1901 1901

2012 මාර්තු මස 20 වන දින ආරම්භ කළ හෙට වෙනුවෙන් අද ජාතික බලශක්ති සංරක්ෂණ වැඩපිළිවෙලේ පළමු අදියර අවසන් කෙරුනේ විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 19 ක් බලශක්ති සංරක්ෂණයට හුරු කරවමිනි. එමගින් ගිගාවොට් පැය 83 ක ඉතිරියක් සහ ඒ වෙනුවෙන් වැයවන ඛනිජ තෙල් මිලදීගැනීම සඳහා රු.මිලියන 433 ක් ඉතිරි කරමිනි. මෙම වැඩපිළිවෙලේ ඊළඟ උත්සාහය බලශක්ති සංරක්ෂණයට කැපවන මතු පරපුරක් බිහිකිරීමයි. දිනෙන් දින වැඩිවන විදුලි ඉල්ලූම සපුරාලීම සඳහා වැඩි වැඩියෙන් විදුලිය නිපදවන්නේ කෙසේද යන අභියෝගයට මුහුණදී සිටින සමස්ත ලෝකයම, බලශක්ති සංරක්ෂණය තුළින් ඉදිරි අනාගතය ජයගැනීමට අපේක්ෂා කරයි. ලෝකයේ පවතින තෙල් නිධි අවසන් වන බැවින් දිනෙන් දිනම අපට මිලදීගැනීමට බැරි තරමට තෙල් මිල ඉහළ යමින් පවතී. ඊළඟ විකල්ප බලශක්තිය වන්නේ ගල් අඟ=රුයි. එහෙත් ලෝකයේ මතුවී ඇති දේශගුණික විපර්යාස හේතුවෙන් ගල් අඟ=රු භාවිතයද නුදුරේදීම සීමාකිරීමට සිදුවේ. දැනටමත් සිදුවී ඇති වර්ෂා රටාවන්ගේ වෙනස්කම් නිසා වෙනදා ලැඛෙන ජල විදුලියද උපරිම මට්ටමෙන් ලබාගැනීමට නොහැකිවී ඇත. මේ සියළු තත්ත්වයන් තුළ විදුලිය සහ සෙසු බලශක්ති ප්‍රභවයන් අරපිරිමැස්මෙන් භාවිතකිරීමට අප හට සිදුවේ. එම නිසා බලශක්ති සංරක්ෂණය මානව වර්ගයාගේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වී ඇත. මතු පරපුර නවීන ලෝකයට සූදානම් කිරීම අප හට පැවරී ඇති අත්හල නොහැකි වගකීමකි.

ඒ සඳහා මතු පරපුර සූදානම් කිරීම පාසැලෙන් ආරම්භ විය යුතු බව නොරහසකි. ඒ උදාරතර කාර්යය ඉටුකිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒකාබද්ධව ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් අනුග්‍රාහකත්වය යටතේ අද විශේෂ වැඩසටහනක් ආරම්භ කෙරිණි. බලශක්ති සංරක්ෂණයට කැපවන මතු පරපුරක් වෙනුවෙන් ඔබේ පාසලේත්, නිවසේත් ජන විදුලි බලාගාරයක් හදමුයන තේමාව ඔස්සේ මෙය පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහන, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර තරඟයක් ලෙස පැවැත්වේ. ඒ සඳහා වන දැනුවත් කිරීම්, සියළුම විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිදුකර ඇති අතර තරඟය සඳහා වන අයදුම්පත්‍ර, පෝස්ටර, බලශක්ති සංරක්ෂණ අත් පත්‍රිකා සහ ශිෂ්‍ය ප්‍රතිඥාව, පාසල් වෙත ඛෙදාහැරීම සිදුකර ඇත. තරඟය සඳහා වන කොන්දේසි හා ජයග්‍රාහි තිළිණ පිළිබඳවද එහි සඳහන් වන අතර ඒ වෙනුවෙන් මොබිටෙල් ආයතනය මඟින් විශේෂ ක්ෂණික දුරකතන අංක 02 ක් වෙන්කර ඇත. 07 1910 1910 සහ 07 1901 1901 අංක ඔස්සේ ස්වයංක්‍රීයව සේවා සහයෝගය ලබාගත හැක. මේ පිළිබඳ වැඩි විස්තර අඅඅගචදඇරපසබගටදඩගකන  අමාත්‍යාංශ වෙබ් අඩවිය ඔස්සේද ලබාගත හැකිය.

මෙම අවස්ථාවට එක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා,

පසුගිය මාර්තු මාසයේදී රාජ්‍ය මෙන්ම පුද්ගලික ආයතන සම්බන්ධ කරගනිමින් විදුලි සංරක්ෂණ වැඩසටහනක් ආරම්භ වුණා. ගෘහස්ත පාරිභෝගිකයන් හතලිස් හත් ලක්ෂයකින්, ලක්ෂ විස්සකට අධික ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වුණා. අපි ඔවුන්ව මේ සඳහා යොමු කරගත්තේ බලහත්කාරයෙන්වත්, නීතීරීති දාලවත් නෙමෙයි. අපි කරපු පැහැදිලි කිරීම් හමුවේ ඔවුන් තමන්ගේ විදුලි පාවිච්චිය අවම කරගත්තා. මාස 03 ක් ඇතුළතදී ගිගාවොට් පැය 95 ක් ඔවුන් අපට ඉතිරි කළා. මේ තත්ත්වය වසරක් පැවතුණා නම් ගිගාවොට් පැය 400 ක්. ඒ කියන්නේ අපේ විශාලතම ජල විදුලි බලාගාරය වන වික්ටෝරියා බලාගාරයේ ධාරිතාවයට සමාන ධාරිතාවයක්. මේ තුළින් අපට පැහැදිලි වෙනවා ජල විදුලිය හිඟ වුණත්, ජන විදුලි බලාගාර සංකල්පය තුළින් විදුලි අර්බුදයට මහඟ= පිටිවහලක් වන බව යැයි පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ, දරුවන් තුළින් සංරක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳව නවීන ක්‍රමෝපායයන් ඉදිරිපත් විය හැකි බවත්, පාසල් දරුවන් හරහා ඔවුන්ගේ පවුල් මෙම සංරක්ෂණ වැඩපිළිවෙලට යොමුකරගැනීම පහසු බවත්, විශේෂයෙන් ඒකක 120 ට වඩා පරිහරණය කරන පාරිභෝගිකයන් දසලක්ෂයක් විදුලිබල සංරක්ෂණයට යොමුකරගැනීම පාසල්  දරුවන් හරහා සිදුකිරීම ප්‍රධානතම ඉලක්කය බවත්ය.

මෙම උත්සව අවස්ථාවට සහභාගී වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ අද ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය, රටක් ජාතියක් වශයෙන් විශාල ජාතික මෙහෙවරක් බවයි. එසේම දෙමව්පියන් තමන්ට යා නොහැකිවූ තැනට දරුවන්ගේ කර මත්තෙන් යාමට මෙන්ම, තමන්ට උරුම නොවූ ඔටුනු දරුවන් හිස මත පළඳවන්නට වෙරදරන නිසා දරුවන්ගේ හ~ට සවන් දෙන බැවින්, දරුවන් සන්නිවේදක වාහකයන් බවට පත්කරමින් විදුලිබල සංරක්ෂණය සමාජගත කිරීම වඩාත් ඥානාන්විත බවත්ය. එසේම පාසල් තුළ පවතින්නාවූ ප්‍රධානතම විභාගයන් තුනට බලශක්ති සංරක්ෂණ වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද ප්‍රශ්න ඇතුළත් කිරීමටද තමා කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.