You are here:

HomeLatest Newsතාවකාලික වාසි හමුවේ ගිජුලිහිණින්ට ලංවිම අයිතිකර ගන්න අපි ඉඩදුන්නේ නැහැ
තාවකාලික වාසි හමුවේ ගිජුලිහිණින්ට ලංවිම අයිතිකර ගන්න අපි ඉඩදුන්නේ නැහැ
12 0

Posted by  in Latest News

  • ලංවිම සහ චීන ඉංජිනේරුවන් කණ්ඩායමක් වශයෙන් එකතුවී ස්ථාවර බලාගාරයක් ස්ථාපිත කිරීමට කටයුතු කරයි.ලෝකයේ පවතින බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව ස්ථාවරයි. එය ඉදිරියටත් පවත්වාගන්න පියවර.
  • ලංවිම පාලනය කරන්න බැරි අසාර්ථක ඇමතිවරයෙක් වශයෙන් හංවඩු ගැසුවත්, දේශපාලනික මඩ ගැසුවත්, වැඩි මුදලට විදුලිය මිලදී ගැනීමේ තීරණයෙන් වැළකී, රටට, මහජනතාවට සුබදායි අනාගතයක් වෙනුවෙන් තීරණ ගන්නට අපට හැකියාව ලැබුණා වගේම, ඒ වෙනුවෙන් මහජනතාව අපිත් එක්ක එකතුවුන එක මුළු රටටම ආදර්ශයක් බව අමාත්‍ය චම්පික රණවක මහතා අවධාරණය කරයි.

1990 සිට 2004 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ දියුණුවට කිසිඳු තීරණයක් ගැනීමට එවකට පැවති රජයන් කටයුතු කර නැහැ. ගල් අඟ=රු බලාගාරයක් හදන්න තීරණය වූ අවස්ථාවේ පවා ඒ පිළිබඳ විශාල වශයෙන් විරෝධතා ව්‍යාපාර දියත්කළා. ඒ වෙනුවෙන් අනුමත වුන කැබිනට් තීන්දු පවා අවසානෙ අයින්කර දැම්මා. එහෙම කරපු අයම තමයි අද විදුලි අර්බුදය ගැන මහා ලොකුවට මත පලකරන්නේ. 2005 වර්ෂයේදී නොරොච්චෝල බලාගාරය ඉදිකරන්න කැබිනට් තීරණයක් ගනිද්දි, ජනතා විමුක්ති පෙරමුණත් ඒ කැබිනට් මණ්ඩලයේ හිටියා. ඒ අයගෙත් අනුමැතිය, කැමැත්ත මත තමයි නොරොච්චෝලේ හදන්න තීරණය කළේ. ඉතින් කොහොමද එයාලා නොරොච්චෝලෙ හැදුව එක ගැන දැන් දොස් කියන්නේ. සමහරු මාධ්‍ය ඉදිරියේ අපට පහර එල්ල කරනවා, අසාර්ථක ඇමතිවරු ගෙදර යන්න කියලා. නමුත් ඒ අයට මම ආඩම්බරයෙන් කියන්න කැමතියි වැඩි මුදලට විදුලිය මිලදී ගෙන, අතීතයේ ලංවිම ගිජුලිහිණින්ට පාවලා දීලා, අද ලංවිම මෙන්ම සමස්තයක් වශයෙන් මුළු රටම ණයකාරයෝ කළාට, අපි ඒ වගේ හදිිසි තීරණ නොගෙන, අද වනවිට දහනවලක්ෂයක් විදුලි පාරිභෝගිකයෝ විදුලි සංරක්ෂණයට යොමු කර තිඛෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) දින, ලෝක විදුලිබල අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා……………………

අගෝස්තු 08 දා ලක්විජය බලාගාරයේ ගැටළුවක් ඇති වුණා. නමුත් කර්මාන්ත වලට, වාණිජ කටයුතු වලට මෙන්ම උසස් පෙළ සිසුන්ට කිසිඳු අපහසුතාවක් වෙන්න අපි ඉඩතිබ්බේ නැහැ. පසුගිය 07 දින සිට නැවතත් ලක්විජය බලාගාරය සක්‍රීයයි. ඕනැම බලාගාරයක තාක්ෂණික දෝෂ ඇතිවෙන්න පුළුවන්. ලක්විජය බලාගාරයේ ඇතිවූ තත්ත්වයත් සාමාන්‍ය දෙයක්. නමුත් මේ තත්ත්වය අපට වැඩිපුර දැනුනේ ජල විදුලි හිඟය නිසායි. පසුගිය වසරේ මැයි සිට මේ වසරේ මැයි දක්වා ලැබීමට නියමිතව තිබූ නිරිත දිග සහ ඊසාන දිග මෝසම් වැසි ලැබුණේ නැහැ. මේ තත්ත්වය ලංකා ඉතිහාසයේ ඇති නොවුන තත්ත්වයක්. සමහරු අහනවා 96 වගේ කරන්න බැරිද කියලා. එදා තිබුනේ අද තිඛෙන විදුලි ඉල්ලූමෙන් 1/4 යි. ඒ වගේම එදා මාස 07ක් පුරාවට පැය 7ක් විදුලි කප්පාදු කලා. 2002 වසරේදී තිබුණේ අද ඉල්ලූමෙන් හරි අඩයි. ඒ කාලසීමාවෙදිත් පැය 7 ක් 8 ක් විදුලිය කප්පාදු සිදුකළා. ඊට අමතරව පාලකයන්ගේ හිතුමනාපෙට වැඩි මුදලට පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගත්තා. එදා ඒ ගත්ත අනුවණ තීරණ වල විපාක තමයි අද ලංවිම විඳින්නේ. ඒ වෙනුවට අපි කළේ රටේ ජනතාව විදුලි සංරක්ෂණයට යොමුකරලා, ඒ තුළින් අර්බුදය ජය ගැනීමයි.

මැයි, ජුනි සහ ජූලි මාස තුනේ හෙට වෙනුවෙන් අද විදුලි සංරක්ෂණ තරඟයට සමගාමීව ලංවිම පාරිභෝගිකයන් ලක්ෂ 42 න් ලක්ෂ 19 ක්ම විදුලිය ඉතිරි කර තිඛෙනවා. එය රටටම ආදර්ශයක්. මෙමගින් ඒ මාස තුනේ පමණක් ගිගාවොට් පැය 84 ක විදුලි ඉතිරියක් වගේම ලංවිම තෙල් වලට වැය කරන්න තිබුණ රු.බිලියන 4.33 ක මුදලක් ඉතිරි කරගන්න අපට හැකිවුණා. මේ ගමන අපි ඉදිරියටත් ගෙන යායුතුයි. ඒ වෙනුවෙන් අවශ්‍ය සියළු කටයුතු අප සිදුකර තිඛෙනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාවට ලක්විජය බලාගාරයේ ඉදිකිරීම් සිදුකරන චීනයේ සිමෙක් සමාගමේ උපසභාපති ලී චැඕයංග් සහ ව්‍යාපෘති කළමණාකාර වැන්ග් ලුඩොන්ග් මහතාද සහභාගී විය. මාධ්‍යවේදීන් අමතා කතා කළ වැන්ග් ලුඩොන්ග් ප්‍රකාශ කර සිටියේ, පවතින සෑම තත්ත්වයක් හමුවේම ලංවිම සහ චීන ඉංජිනේරුවන් එකමුතුවෙන් කටයුතු කරන බවයි. ඒ මගින් ඉදිරියේදී ස්ථාවර බලාගාරයක් සහ බල පද්ධතියක් නිර්මණය කර ගැනීමට තම සමාගමට හැකිවන බවද වැඩිදුරඑත් සඳහන් කළේය.