You are here:

HomeLatest Newsපවුල් 590 කට සෙත සලසමින් පොළොන්නරුවේ විදුලි යෝජනා ක‍්‍රම 04 ක් විවෘත කෙරේ.
පවුල් 590 කට සෙත සලසමින් පොළොන්නරුවේ විදුලි යෝජනා ක‍්‍රම 04 ක් විවෘත කෙරේ.
26 0

Posted by  in Latest News

* ආයෝජනය රු. මිලියන 52.97

* 2010 වසරේ 70% ක්ව පැවති පොළොන්නරුවේ විදුලියනය 2011 වසර අවසානයේ 75% කි. මේ වනවිට පොළොන්නරුවේ විදුලියනය 82% යි.
* අද දිනයේ රු. මිලියන 37.76 ක් වැයකොට, අනුරාධපුරයේ පවුල් 265 ක් වෙනුවෙන් විදුලි යෝජනා ක‍්‍රම 05 ක් විවෘත කෙරේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උතුරුමැද හා උතුරු පළාත් සංචාරය ඊයේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කෙරිණ. පොළොන්නරුව, අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මෙන්ම කිලිනොච්චි සහ යාපනය දිස්ත‍්‍රික්ක වල විදුලිබල ක්ෂේත‍්‍රයේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය සහ විදුලි යෝජනා ක‍්‍රම 13 ක් විවෘතකිරීම, මෙම සංචාරයේ අරමුණයි. ඊයේ දිනයේ පොළොන්නරුවේ මැදිරිගිරිය ප‍්‍රදේශයේ මීගස්වැව, පතොක්වැව සහ වඩිගවැව විදුලි යෝජනා ක‍්‍රම අමාත්‍යවරයාගේ අතින් විවෘත කෙරිණ. ඇළහැර, පුවක්ගහඋල්පත විදුලි යෝජනා ක‍්‍රමයද ඊයේ සන්ධ්‍යාවේදීි විවෘත කෙරිණ.
රු. මිලියන 52.97 ක ලංවිම ප‍්‍රතිපාදන මත ඉදිකළ මෙම විදුලි යෝජාන ක‍්‍රම හතර මඟින් ප‍්‍රදේශයේ පවුල්590 කට විදුලි ආලෝකය හිමිවිය. මැදිරිගිරියේ පවුල් 250 ක් වෙනුවෙන් ඉදිකළ මිරිස්වැව විිදුලි යෝජනා ක‍්‍රමය සඳහා වැයකළ මුදල රු. මිලියන 19.5 කි. පතොක්වැව විිදුලි යෝජනා ක‍්‍රමය මඟින් පවුල් 110 කට සෙත සැලසේ. ඊට වැයකළ මුදල රු. මිලියන 10.11 කි. මැදිරිගිරියේ වඩිගවැව විදුලි යෝජනා ක‍්‍රමය මඟින් පවුල් 80 ක් ප‍්‍රතිලාභීත්වය දරණ අතර ඊට වැයකර ඇති මුදල රු. මිලියන 10.28 කි. පොළොන්නරුවේ ඇළහැර, පුවක්ගහඋල්පත විිදුලි යෝජනා ක‍්‍රමයට වැයකළ මුදල රු. මිලියන 12.7 කි. එම ව්‍යාපෘතිය මඟින් ප‍්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව 150 කි.
අද දිනයේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ කාටුපුලියන්කුලම, පණ්ඩුකාභයපුර, රඹෑව, මැදවච්චිය සහ තන්තිරිමලේ ප‍්‍රදේශ වල පවුල් 265 ක් වෙනුවෙන් රු. මිලියන 37.76 ක වියදමින් ඉදිකළ විදුලි යෝජනා ක‍්‍රම 04 ක් අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් විිවෘතකිරීමට නියමිතය.
තම ප‍්‍රදේශ වලට විදුලියේ ආලෝකය හිමිවීමෙන් සතුටට පත්ව සිටි පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ මැදිරිගිරිය සහ ඇළහැර ප‍්‍රදේශවාසීන් ඇමතූ අමාත්‍ය චම්පික රණවක මහතා…….
අපි මේ විදුලිය ගමට ගෙනැවිත් ඔබේ ජනජීවිතය යහපත් කරන්නේ ඔබේ පුංචි පැටවු වෙනුවෙන්. විදුලි ආලෝකයෙන් ඔවුන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගන්න දැන් ඔබ තමුන්නාන්සේලා හැමෝම කටයුතු කළ යුතුයි. ඒ මත හැදෙන වැඩෙන දරුවා මතු අනාගතයේ ඔබේ ගමේම වෛද්‍යවරයා, ඉංජිනේරුවා, නීතීඥවරයා බවට පත්වෙලා එනකොට මේ අද ලැබුණු විදුලියේ උපරිම ප‍්‍රතිලාභ ඔබ ලබාගත්තා යැයි සතුටු විය හැකියි. එවන් අනාගත ලෝකයක් දකින්න, සංවර්ධනය වූ රටක අනාගත හිමිකරුවන් බවට පත්වන්න නම් ඒ සංවර්ධනයට කැපවී කටයුතු කරන රජයට මේ පළාත් පාලන මැතිවරණයෙන් ඔබ සහයෝගය දැක්විය යුතුයි. මේ ඡුන්දය රට විතරක් නොවෙයි, මුළු ලෝකයම බලාගෙන ඉන්න පුංචි ඡුන්දයක්. ඒ පුංචි ඡුන්දයේදී ඔබේ යුතුකම උපරිමයෙන් ඉටුකරන්න කියලා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.