You are here:

HomeLatest Newsත්‍රිකුණාමලයේ විදුලි බලාගාර දෙකක් ස්ථාපිත කිරීමට පියවර.
ත්‍රිකුණාමලයේ විදුලි බලාගාර දෙකක් ස්ථාපිත කිරීමට පියවර.
05 0

Posted by  in Latest News

01. නැගෙනහිර පළාත් සංචාරයට සමගාමිව විදුලි යෝජනා ක්‍රම 08ක් විවෘත කෙරේ.
02. දිවයිනේ 4 වන කාර්මික ප්‍රදේශය බවට ත්‍රිකුණාමලය පත්කිරීමට සැලසුම්.
03. ති්‍රකුණාමල විදුලි පාරිභෝගික ජනතාව වෙනුවෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කාර්යාලයක්,
04. පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් සහ විදුලි ඉංජිනේරු කාර්යාලයක්.
නැගෙනහිර පළාතේ විශේෂ සංචාරයකට එක්වූ අමාත්‍ය චම්පික රණවක මහතා, පදවි ශ්‍රී පුර, ගෝමරංකඩවල, මොරවැව, කන්තලේ, සේරුවිල, තඹලගමුව සහ කන්තලේ ප්‍රදේශ වල පවුල් 775 ක් වෙනුවෙන් ලක්ෂ 639ක් වැය කොට ස්ථාපිත කල විදුලි යෝජනා ක්‍රම 08ක් පසුගිය සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ විවෘත කෙරිණ.
මෙම සංචාරයට සමගාමීව ඊයේ (2012.09.04) කන්තලේ අග්‍රබෝධි මහා විද්‍යාලයේ පැවති විදුලි ජංගම සේවයට සහභාගී වූ අමාත්‍ය රණවක මහතා ….
ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මිදුන ජනතාවට විදුලිය ලබාදීලා, අනෙකුත් යටිතල පහසුකම් සපයලා දීලා, සිය ජීවිත වඩාත් යහපත් කරගන්න අපි ඉඩ සලස්වනවා. ත්‍රීකුණාමල දිස්ත්‍රික්කය මේ වනවිට 80% ක් විදුලියෙන් ආවරණිතයි. මේ වසර අවසන් වීමට මත්තෙන් ඉතිරි 20% ක් සම්පූර්ණ කරලා, මුළු දිස්ත්‍රික්කයම අපි විදුලියෙන් ඒකාලෝක කරනවා. ඒ වගේම ඉතාමත් නුදුරේදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනතාවට යෝධ විදුලි බලාගාර දෙකක හිමිකාරීත්වය ලැඛෙනවා.  මේ වනවිට අපි ඒ සඳහා අවශ්‍ය සියළු කටයුතු සූදානම් කර තිඛෙන්නේ.වසර ගණනාවක් කුරිරු ත්‍රස්තයන්ට නතුවෙලා, අඳුරු වෙලා තිබුණ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය, දිවයිනේ  හතරවන කාර්මික නගරය වන දිනය වැඩි ඇතක නොවේ යැයි පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා,
මුළු දිවයිනට විදුලියෙන් ඒකාලෝක කිරීමට සැලසුම් සකස් කරලා තිබුණේ 2017 දී. නමුත් අපි ඒ කාලසීමාව කඩිනම් කරලා 2012 වසර අවසන් වීමට ප්‍රථම ඒ කාර්යය නිමකිරීමට සැලසුම් සකස්කළා. එක් නිවසකට විදුලිය දෙන්න අපිට ලක්ෂ ගණනක් වැයවෙනවා. නමුත් අපි ගෘහස්ත පාරිභෝගිකයින්ට විදුලිය ලබාදෙන්න අයකරන්නේ ඉතාමත් අවම මිලක්. ඒ වගේම විදුලියේ හිමිකම ලබන්න තිබුණ බාධක ලිහිල් කළා. සමෘද්ධිය තුළින් රු. 30,000.00ක ණය මුදලක් ලබාදීම තුළින් ආර්ථීකය ශක්තිමත් නැති ජනතාවට විදුලිය ලබාගන්න පහසුකම් සැලසුවා. ඒ වගේම වසරක් වැනි කෙටි කාලයක පදිංචිය තහවුරු කිරීම තුළින් විදුලිය ලබාගත හැකි තත්ත්වයට නීති ලිහිල් කළා. මේ දිනවල විදුලි ක්ෂේත්‍රයේ පවතින්නේ කාලගුණික තත්ත්වයන් මත පැනනගින තාවකාලික ගැටළු සහගත තත්ත්වයක්. ඉතින් අපි මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා විශේෂයෙන් සවස 6.30 ත් රාත්‍රී 9.30 ත් අතර කාලසීමාවේ අවම පරිහරණයක් තුළින් විදුලි සංරක්ෂණයට උරදීලා, අඛණ්ඩ විදුලි සැපයුමක හිමිකරුවන් වෙන්න කියලා යැයි පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ..,
විදුලිය කියන්නේ ජනතාවගේ ජීවිතේ කොටසක්. අපි විදුලිය ලබාදීමේ මූලික අරමුණ තමයි අපේ දරු පරපුරේ ඇස් පාදලා, ඔවුන් රටේ යම් තැනකට ගෙනඒම. මේ ගැමි දරුවෝ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වෙලා ගමට සේවයක් කරන්න ගමට එනදාට තමයි අපේ මේ දුෂ්කර කාර්යයේ නියම ඵල නෙලාගන්න අපට පුළුවන් වෙන්නේ. විදුලිය ලැබුණා කියලා අපි වෙළඳ ප්‍රචාර වලට රැවටිය යුතු නැහැ. අපිට ගැලපෙන දේ පමණක් මිලදී ගත යුතුයි. ගෙදර ස්වයං රැකියාවක් කරන තරුණ තරුණියන්ට එය ව්‍යාප්ත කරගන්න, පුංචි කඩේ ග්‍රොසරියක් කරගන්න, දර මඩුව යාන්ත්‍රික ලී මෝලක් කරගන්න තමයි අපි විදුලිය දෙන්නේ. ඒ වගේම දේශපාලඥයො පස්සේ වැටිලා රජයේ රැකියා හිඟා නොකා, රටට සරිලන ව්‍යවසායකත්වයක් ගොඩනගන ලෙසට මේ ප්‍රදේශයේ තරුණ තරුණියන්ට මම ආරාධනා කර සිටිනවා. අපට තෝරාගන්න මාවත් 02 ක් තිඛෙනවා. ඉන් එකක් තමයි ලේ, කඳුළු මත්තෙන් සුසානයට යන මාවත. අනෙක තමයි සංවර්ධනය, සෞභාග්‍ය මත්තෙන් දියුණුව කරා යන මාවත. මේ දෙකෙන් තමා ගමන් කරන මාවත තෝරාගැනීම ජනතාවගේ අයිතියක් යැයි පැවසීය.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලනාධිකාරිය. ලංවිම නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වූහ.