You are here:

HomeLatest Newsයාපනය අර්ධද්වීපයට නව තාප විදුලි බලාගාරයක් මෙගාවොට් 24 ක ධාරිතාවක් ලබන ජනවාරියේ යාපනයට. ලංවිම ආයෝජනය රු.මිලියන 4000 යි. දැනට උතුරේ විදුලියනය 72%
යාපනය අර්ධද්වීපයට නව තාප විදුලි බලාගාරයක්  මෙගාවොට් 24 ක ධාරිතාවක් ලබන ජනවාරියේ යාපනයට.  ලංවිම ආයෝජනය රු.මිලියන 4000 යි. දැනට උතුරේ විදුලියනය 72%
04 0

Posted by  in Latest News

යාපනය අර්ධද්වීපයේ විදුලිබල සැපයුම ස්ථාවර කිරීමට සහ කිලිනොච්චි, චුන්නාකම් අධි සම්පේ‍්‍රෂණ මාර්ගය බලගැන්වීමෙන් පසු කිලිනොච්චිය සහ සෙසු ප‍්‍රදේශවල අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් මෙගාවොට් 24ක උත්පාදන ධාරිතාවක් සහිත දැවි තෙල් : ්‍යත්‍ධ* බලාගාරයක් ස්ථාපිත කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත. විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් පරිදි මෙම බලාගාරය යාපනය චුන්නාකම් ප‍්‍රදේශයේ ඉදි කෙරේ.

මෙගාවොට් 8.6 බැගින් වූ දැවි තෙල් ආශ‍්‍රිත තාප විදුලි ජනක යන්ත‍්‍ර 03ක් මේ අනුව ස්ථාපිත කෙරේ. ලංවිම සතු මෙම බලාගාරය නිර්මාණය කිරීම සහ ඉදි කිරීම ලංවිමට අනුබද්ධ දේශීය සමාගමක් වන ලක්දනවි සමාගම විසින් සිදු කරනු ලබයි. සමස්ත ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල රු. මිලියන 4000කි. මේ වනවිට ජනන යන්ත‍්‍ර ස්ථාපිත කිරීම ආරම්භ කර ඇත. මාස 04ක් වැනි කෙටි කාලයකින් මෙගාවොට් 24ක ධාරිතාවක් යාපනය අර්ධද්වීපය වෙනුවෙන් පද්ධතියට සම්බන්ධ කරන බව ලක්දනවි සමාගම පවසයි.

මේ සඳහා ආනයනය කරන ලද ප‍්‍රධාන ජනක යන්ත‍්‍ර 03 පසුගිය සෙනසුරාදා ත‍්‍රිකුණාමල වරාය දක්වා හෙවි ලිෆ්ට් වර්ගයේ විශේෂ නෞකාවකින් රැුගෙන විත් ඇත. යුද්ධයෙන් පසු ත‍්‍රිකුණාමල වරායට සේන්දු වූ විශාලතම නෞකාව මෙය වේ. ති‍්‍රකුණාමලයේ සිට කන්කසන්තුරේ දක්වා බත්තල් ආධාරයෙන් රැුගෙන ආ ජනන යන්ත‍්‍ර 03, ඊයේ දිනයේ චුන්නාකම් බලාගාර පරිශ‍්‍රයට ලඟා විය. ඊයේ දිනයේදීම තාක්ෂණික සහ යාන්ත‍්‍රික කටයුතු ආරම්භ කල බව ලක්දනවි සමාගම පවසයි. මෙම ව්‍යාපෘතිය මගින් යාපනයේ තරුණ තරුණියන් 150කට සෘජු රැුකියා අවස්ථා නිර්මාණය වී ඇත. නවාතැන්, ආහාර පාන, ප‍්‍රවාහන ඇතුළු තවත් ක්ෂේත‍්‍ර කිහිපයක වක‍්‍ර රැුකියා අවස්ථා 100ක් පමණ මෙම ව්‍යාපෘතියෙන් බිහිවී ඇති බව ලංවිම පෙන්වා දෙයි.

යාපනයේ ජනතාවගේ ජන ජීවිතය ඉහළ නැංවීම සඳහා අකණ්ඩ විදුලිබල සැපයුමක අවශ්‍යතාවය පවතී. ඒ වෙනුවෙන් දියත් කරන රජයේ ප‍්‍රමුඛතම ව්‍යාපෘතියක් බවට මෙය පත්වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. ජනන කටයුතු ආරම්භ කිරීම ලබන ජනවාරියේ සිදු කිරීමට අපේක්ෂා කරන අතර අනතුුරුව උත්පාදනය කරන විදුලිය යාපනය ප‍්‍රධාන විදුලි උප පොළටත්, චුන්නාකම් කිළිනොච්චි සම්පේ‍්‍රෂණ මාර්ගය හරහා කිළිනොච්චිය දක්වා ගෙනඒමටත් සැලසුම් සකස් කර ඇත. එමගින් මේ වනවිට 72%ක්ව පවතින උතුරු පළාතේ විදුලියනය 100%ක් දක්වා වර්ධනය කරගත හැකිවන බව අමාත්‍යාංශය අවධාරණය කරයි.