You are here:

HomeLatest Newsදිවයින අවට පිහිටි දූපත් 4 කට විදුලිය ලබාදිමට කොරියානු සහාය.
දිවයින අවට පිහිටි දූපත් 4 කට විදුලිය ලබාදිමට කොරියානු සහාය.
29 0

Posted by  in Latest News

ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ මාර්ගයට ළඟාවිය නොහැකි, දිවයිනට ආසන්නයේ උතුරේ පිහිටා ඇති දූපත් 04 කට පුනර්ජනනීය බලශක්තිය ආශ්‍රයෙන් 2013 වසර අවසානයට පෙර ස්ථාවර විදුලි පද්ධතියක් ඉදිකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරයි. මේ සඳහා තාක්ෂණික සහ
මූල්‍ය ආධාර කොරියානු රජයෙන් ලබාදේ. මේ අනුව ඩෙල්ෆ්, නයිනතිව් හෙවත් නාගදීපය, අනලතිව් සහ එළිවතිව් යන දූපත් හතරේ වෙසෙන පවුල් 2967ක් වෙනුවෙන් පුනර්ජනනීය විදුලියේ හිමිකම පිරිනැමේ. අද වනවිට මෙම දූපත් හතරේ අවම විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නේ ඩීසල් විදුලි ජනක
යන්ත්‍ර මගිනි. එමගින් ඩෙල්ෆ් දූපතේ වෙසෙන පවුල් 1331 න්, පවුල් 293 කට (22%) පමණ මේ වනවිට විදුලිය හිමිවේ. නාගදීපයේ වෙසෙන පවුල් 874 න්, පවුල් 481 කට (55%) පමණක් ඩීසල් ජනන යන්ත්‍ර මගින් උත්පාදිත විදුලිය ලබාගත හැකිය. එසේම එළිවතිව් දූපතේ වෙසෙන පවුල් 177 කින් මේ
වනවිට විදුලිය පහසුකම් ලබා ඇත්තේ පවුල් 80ක් (45%) පමණ වන අතර අනලතිව් දූපතේ වෙසෙන පවුල් 585ක් අතරින් පවුල් 164 කට (28%) මේ වනවිට ඩීසල් ජනන විදුලිය පහසුකම් සැපයේ. අද උදෑසන ඩෙල්ෆ් දූපතේ විශේෂ සංචාරයකට  එක්වුණ අමාත්‍ය චම්පික රණවක මහතා සහ ශ්‍රී
ලංකාවේ කොරියානු තානාපති චොයි ජොන්ග් මුන් මහතා එම දූපතේ ක්‍රියාත්මක වැඩසටහන් නිරීක්ෂණය කළේය. දැනට ඩීසල් විදුලිය භාවිතයෙන් නාවික හමුදාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක ඇඟළුම් කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණයට එක්වූ කොරියානු තානාපතිතුමා සඳහන් කර සිටියේ,
පුනර්ජනනීය බලශක්තිය ආශ්‍රයෙන් ඩෙල්ෆ් දූපත  බලගැන්වීම මගින් නිෂ්පාදන පිරිවැය අවම වශයෙන් 25% කින් වත් අඩුකර ගතහැකි බවයි. එහි ප්‍රතිලාභ, එහි සේවය කරන 120 ක් පමණ වන ඇඟළුම් සේවිකාවන්ට  අනාගතයේදී ලබාගත හැකි බවද සඳහන් කලේය. මෙම ඇඟළුම කර්මාන්ත
ශාලාවෙන් නාවුක හුමදාවට අවශ්‍ය නිල ඇඳුම් නිෂ්පාදනය කෙරේ. ඩෙල්ෆ් දූපත් වැසියන් හමුවීමට එක්වුණ අමාත්‍ය චම්පික රණවක මහතා සහ කොරියානු තානාපතිතුමා විසින් ජංගම සූර්ය බල කට්ටල 25 ක් සංකේතාත්මක ලෙස පිරිනමා ඇත. එමගින් නිවසේ විදුලි බුබුළු 02 ක් දැල්වීමට සහ ජංගම දුරකතනය චාර්ජ් කර ගැනීමට හැකියාව ඇත. මෙය කෙටිකාලීන පිළියමක් බව අවධාරනය කළ අමාත්‍ය  රණවක මහතා පෙන්වා දුන්නේ, රටේ පොදු ජනතාවට සේම මේ දූපත්වල වෙසෙන අපේ සහෝදර ජනතාවටත් සෑම පහසුකමක්ම ලබාගැනීමේ අයිතියක් ඇති බවයි. මෙම දූපත් වලට ප්‍රධාන රැහැන් පද්ධතිය සම්බන්ධ කිරීමට හැකියාවක් නැත. එහෙත් ඔවුන්ට විදුලියේ අයිතිය තහවුරු කිරීම සඳහා සූර්ය සහ සුළං බලය ආශ්‍රයෙන් මෙම දූපත් හතරෙහි පුනර්ජනනීය බලශක්තිය ස්ථාපිත කිරීමට වසර ඇතුළත කටයුතු කරන බව අමාත්‍ය චම්පික රණවක මහතා පෙන්වාදෙයි. ඒ සඳහා කොරියානු රජයේ මැදිහත්වීම සහ ඔවුන්ගේ තාක්ෂණය ලබාදීම පිළිබඳව කොරියානු රජයට ස්තුතිවන්ත වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

දිවයින අවට පිහිටි දූපත් 4 කට විදුලිය ලබාදිමට කොරියානු සහාය  ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ මාර්ගයට ළඟාවිය නොහැකි, දිවයිනට ආසන්නයේ උතුරේ පිහිටා ඇති  දූපත් 04 කට පුනර්ජනනීය බලශක්තිය ආශ්‍රයෙන් 2013 වසර අවසානයට පෙර ස්ථාවර විදුලි පද්ධතියක් ඉදිකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරයි. මේ සඳහා තාක්ෂණික සහ මූල්‍ය ආධාර කොරියානු රජයෙන් ලබාදේ. මේ අනුව ඩෙල්ෆ්, නයිනතිව් හෙවත් නාගදීපය, අනලතිව් සහ එළිවතිව් යන දූපත් හතරේ වෙසෙන පවුල් 2967ක් වෙනුවෙන් පුනර්ජනනීය විදුලියේ හිමිකම පිරිනැමේ. අද වනවිට මෙම දූපත් හතරේ අවම විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නේ ඩීසල් විදුලි ජනක යන්ත්‍ර මගිනි. එමගින් ඩෙල්ෆ් දූපතේ වෙසෙන පවුල් 1331 න්, පවුල් 293 කට (22%) පමණ මේ වනවිට විදුලිය හිමිවේ. නාගදීපයේ වෙසෙන පවුල් 874 න්, පවුල් 481 කට (55%) පමණක් ඩීසල් ජනන යන්ත්‍ර මගින් උත්පාදිත විදුලිය ලබාගත හැකිය. එසේම එළිවතිව් දූපතේ වෙසෙන පවුල් 177 කින් මේ වනවිට විදුලිය පහසුකම් ලබා ඇත්තේ පවුල් 80ක් (45%) පමණ වන අතර අනලතිව් දූපතේ වෙසෙන පවුල් 585ක් අතරින් පවුල් 164 කට (28%) මේ වනවිට ඩීසල් ජනන විදුලිය පහසුකම් සැපයේ. අද උදෑසන ඩෙල්ෆ් දූපතේ විශේෂ සංචාරයකට  එක්වුණ අමාත්‍ය චම්පික රණවක මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති චොයි ජොන්ග් මුන් මහතා එම දූපතේ ක්‍රියාත්මක වැඩසටහන් නිරීක්ෂණය කළේය. දැනට ඩීසල් විදුලිය භාවිතයෙන් නාවික හමුදාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක ඇඟළුම් කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණයට එක්වූ කොරියානු තානාපතිතුමා සඳහන් කර සිටියේ, පුනර්ජනනීය බලශක්තිය ආශ්‍රයෙන් ඩෙල්ෆ් දූපත  බලගැන්වීම මගින් නිෂ්පාදන පිරිවැය අවම වශයෙන් 25% කින් වත් අඩුකර ගතහැකි බවයි. එහි ප්‍රතිලාභ, එහි සේවය කරන 120 ක් පමණ වන ඇඟළුම් සේවිකාවන්ට  අනාගතයේදී ලබාගත හැකි බවද සඳහන් කලේය. මෙම ඇඟළුම කර්මාන්ත ශාලාවෙන් නාවුක හුමදාවට අවශ්‍ය නිල ඇඳුම් නිෂ්පාදනය කෙරේ.  ඩෙල්ෆ් දූපත් වැසියන් හමුවීමට එක්වුණ අමාත්‍ය චම්පික රණවක මහතා සහ කොරියානු තානාපතිතුමා විසින් ජංගම සූර්ය බල කට්ටල 25 ක් සංකේතාත්මක ලෙස පිරිනමා ඇත. එමගින් නිවසේ විදුලි බුබුළු 02 ක් දැල්වීමට සහ ජංගම දුරකතනය චාර්ජ් කර ගැනීමට හැකියාව ඇත. මෙය කෙටිකාලීන පිළියමක් බව අවධාරනය කළ අමාත්‍ය  රණවක මහතා පෙන්වා දුන්නේ, රටේ පොදු ජනතාවට සේම මේ දූපත්වල වෙසෙන අපේ සහෝදර ජනතාවටත් සෑම පහසුකමක්ම ලබාගැනීමේ අයිතියක් ඇති බවයි. මෙම දූපත් වලට ප්‍රධාන රැහැන් පද්ධතිය සම්බන්ධ කිරීමට හැකියාවක් නැත. එහෙත් ඔවුන්ට විදුලියේ අයිතිය තහවුරු කිරීම සඳහා සූර්ය සහ සුළං බලය ආශ්‍රයෙන් මෙම දූපත් හතරෙහි පුනර්ජනනීය බලශක්තිය ස්ථාපිත කිරීමට වසර ඇතුළත කටයුතු කරන බව අමාත්‍ය චම්පික රණවක මහතා පෙන්වාදෙයි. ඒ සඳහා කොරියානු රජයේ මැදිහත්වීම සහ ඔවුන්ගේ තාක්ෂණය ලබාදීම පිළිබඳව කොරියානු රජයට ස්තුතිවන්ත වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.