රට වටා තැන් 05 ක න්‍යෂ්ටික පූර්ව සංඥා පද්ධති ස්ථාපිත කෙරේ
21 0

Posted by  in Latest News

තවත් ස්ථාන 03 ක පද්ධති ස්ථාපිත කිරීමට සැලසුම් ඉන්දියාවේ කූඩන්කුලම් බලාගාරය,  ලබන සැප්තැම්බරයේ සිය ක‍්‍රියාකාරකම් අරඹන විට ඊට හොඳ සූදානමක් රට තුළ පවතින බව පරමාණු ශක්ති අධිකාරිය අවධාරණය කරයි

න්‍යෂ්ටික ආපදාවකදී ශ‍්‍රී ලංකාවට යම්කිසි අයුරකින් බලපෑමක් හෝ පාරිසරික විකිරණශීලීතාවය ඉහළ යාමක් සිදුවේ නම් ඒ සඳහා ප‍්‍රතිචාර දැක්වීමට හෝ එවැන්නක් හැකි ඉක්මනින් හඳුනාගැනීම සඳහා වන සුදුසු පද්ධතියක් ස්ථාපිත කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක පරමාණු ශක්ති අධිකාරිය කටයුතු කරයි. එහි පළමු අදිියර වශයෙන් ජාත්‍යන්තර පරමාණු බල නියෝජිත ආයතනය මඟින් යුරෝ 72,000 ක් (රු. මිලියන 12 කට නොඅඩු* පමණ වටිනා පූර්ව සංඥා පද්ධති 08 ක් ලබාගන්නා ලදී. මෙම පද්ධති ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සම්බන්ධව පරමාණු ශක්ති අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ශ‍්‍රී ලංකා නාවික හමුදාව එක්ව ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තැබුවේ පසුගිය ජුනි මස 28 වනදාය.

එම ගිවිසුමට අනුව රට වටා පිහිටි නාවික කඳවුරු 06 ක, බස්නාහිර පළාතේ සහ රට මධ්‍යයේ, මහනුවර ප‍්‍රදේශයේ මෙම න්‍යෂ්ටික පූර්ව සංඥා පද්ධති ස්ථාපිත කිරීමට අපේක්ෂිතය. එහි ප‍්‍රධාන පාලන මධ්‍යස්ථානය ඔරුගොඩවත්තේ පිහිටි ශ‍්‍රී ලංකා පරමාණු ශක්ති අධිකාරියේ ක‍්‍රියාත්මක වේ. දෙවන අදිියර යටතේ හඳුනාගත් ස්ථාන 05 ක මෙම විකිරණ මැනීමේ උපකරණ ස්ථාපිත කිරීම පසුගියදා සිදුකෙරිණ. ඒ අනුව පරමාණු ශක්ති අධිකාරියේ ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේ පාලන මධ්‍යස්ථානය නිර්මාණය කිරීමත්, එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පළමු සංඥා පද්ධතිය ස්ථාපිත කිරීමත් සිදුවිය. දෙවන සංඥා පද්ධතිය පුත්තලම ලක්විජය තාප විදුලි බලාගාර පරිශ‍්‍රයේ ස්ථාපිත කර ඇත. තෙවන සංඥා පද්ධතිය තෙලෙමන්නාරම ඌරමෙලෙ ප‍්‍රදේශයේත්, සිව්වන සහ පස්වන පූර්ව සංඥා පද්ධති ඩෙල්ෆ් ¥පතේ සහ කන්කසන්තුරේ නාවික හමුදා කේන්ද්‍රස්ථාන වල ස්ථාපිත කර ඇත. ඉදිරියේදී ත‍්‍රිකුණාමල සහ ගාල්ල නාව්ක වරාය කේන්ද්‍ර කරගනිමින්ද, රට මධ්‍යයේ මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින්ද න්‍යෂ්ටික ආපදා පූර්ව සංඥා පද්ධති ස්ථාපිත කරන බව ශ‍්‍රි ලංකා පරමාණු ශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විජයවර්ධන මහතා පවසයි.

පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කටයුතු කරන එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විද්‍යාත්මක නිලධාරි අනුරුද්ධ ජයලත් මහතා පවසන්නේ ස්ථාපිත කර ඇති සංඥා පද්ධති, ප‍්‍රධාන පාලන පද්ධතිය සමඟ සම්බන්ධ වන්නේ දුරකතන පද්ධතියක් ඔස්සේ බවයි. මෙම ක‍්‍රියාවලිය පැය 24 පුරා ක‍්‍රියාත්මක වන අතර යම් ආපදාවක් සිදුවුවහොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සක‍්‍රිය කොට, විකිරණ අනතුරකදී ගත යුතු කඩිනම් ක‍්‍රියාමාර්ග අනුගමනය කරන බවද ඒ මහතා සඳහන් කරන අතර මේ වනවිට සිදුකර ඇති පූර්ව පරීක්ෂණ සියල්ල සාර්ථක බවද පෙන්වාදෙයි. මේ දිිනවල ඉදිරි ක‍්‍රියාකාරී සැලැස්ම සකසන අතර ඒ අනුව ගත යුතු කඩිනම් ක‍්‍රියාමාර්ග පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, නාවික හමුදාව සහ තම අධිකාරියේ නිලධාරින් දැනුවත් කොට පුහුණුකරන බව අනුරුද්ධ ජයලත් මහතා වැඩිදුරටත් පවසයි.

ජාත්‍යන්තර පරමාණු බල ඒජන්සියේ අනුග‍්‍රහයෙන් ලබාදුන් මෙම පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා ඒවා නිර්මාණය කළ ජර්මනියේ සැෆිමෝ (ී්චයහපද* ආයතනයේ කළමනාකරු වොල්ෆ් හේගල් මහතා සහ තාක්ෂණික උපදේශක ක‍්‍රිස්ටියන් සයිඩල් මහතා ශ‍්‍රී ලංකාවට පැමිණ, පසුගිය සතියක කාලයක් දේශීය විද්‍යාත්මක නිලධාරීන් සමඟ කටයුතු කර ඇත.

ඉන්දීය වාර්තා සඳහන් කරන අන්දමට ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය ලබන සැප්තැම්බර් මාසයේදී න්‍යෂ්ටික උත්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. එමඟින් සුළු හෝ විකිරණ බලපෑමක් ශ‍්‍රි ලංකාවට එල්ලවන්නේ නම්, එය කල් තියා හඳුනාගැනීමට, ස්ථාපිත පද්ධතිය වඩාත් උපකාරී වන බව අනුරුද්ධ ජයලත් මහතා පෙන්වාදෙයි.