අම්පාරේ විදුලියනය 100% ක් කරන්න තවත් අවශ්‍ය වන්නේ විදුලි යෝජනා ක‍්‍රම 20 ක් පමණයි
22 0

Posted by  in Latest News

x දැනට දිස්ත‍්‍රික්කයේ විදුලියනය 90% යි
x දින 02 ක් තුළ අම්පාර දිස්ත‍්‍රික්කයේ අම්පාර, දමන, මහඔය සහ පදියතලාව ප‍්‍රදේශ වල රු. මිලියන 156 ක ආයෝජනයකින්, විදුලි ව්‍යාපෘති 08 ක් සහ විදුලි දිගු 06 කින්, පවුල් 1341 කට නව විදුලි සබඳතා

අම්පාරේ ඔබ තීරණය කළ යුතුයි, ලේ කඳුළු භීෂණය වැපිරුණු මරණය කරා යන මාර්ගයක් තනාගන්නවාද, නැතිනම් රජය සමඟ එක්වී සංවර්ධන කටයුතු වලට සහාය දක්වා ජලය, විදුලිය මත්තෙන් ගොඩනැගෙන අනාගත සෞභාග්‍යයේ මාවත තනාගන්නවාද කියන එක.
අමාත්‍ය පාඨලී චම්පික රණවක - උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල රජය ගෙනයනු ලබන සංවර්ධන ක‍්‍රියාදාමයට සමගාමීව විදුලිබල ක්ෂේත‍්‍රයේද ප‍්‍රමුඛ වැඩ කොටසක් සිදුකෙරේ. කුරිරු ත‍්‍රස්තවාදයෙන් බැට කෑ අඳුරු යුගයක සිරවූ අම්පාර දිස්ත‍්‍රික්කයේ අම්පාර, දමන, මහඔය සහ පදියතලාව ප‍්‍රදේශ වල පවුල් 1341 ක් වෙනුවෙන් රු. මිලියන 156 ක මුදලක් වැයකර, ඉදිකළ විිදුලි ව්‍යාපෘති 08 ක් සහ විදුලි දිගු 06 ක් පසුගිය 22 සහ 23 යන දෙදින තුළ විිවෘත කෙරිණ. විදුලි ආලෝකය හිමිවීමත් සමඟ ප‍්‍රදේශයේ ඉදිරි සංවර්ධන කටයුතු සහ ජන ජීවිිතය යහපත් කරගත හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වාදෙයි.

අමාත්‍යවරයා අම්පාරේ ජනතාව අමතමින් අවධාරණය කර සිටියේ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොන්ග‍්‍රසය ඇතුළු බොහෝ අන්තගාමී දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ කාර්යභාරය බවට අද පත්ව ඇත්තේ ඡුන්දෙ කාලෙට ගමට ඇවිත් දුක සැප විමසා රජය විිවේචනය කිරීම බවයි. කොළඹ සැප විඳිමින්, අම්පාරේ අහිංසක ජනතාව කඳුළට ඇද දමන්න ඔවුන් කටයුතු කරනවා. තවත් සමහරෙක් ආයෙමත් රට අතීතෙට ඇදගෙන යන්න උත්සාහ කරනවා. ඔබ තීරණය කළ යුතුයි, එවන් අන්තගාමී පටු දේශපාලනික අරමුණු මත පදනම්ව ක‍්‍රියාත්මක වන දේශපාලන පක්ෂ වලට ඔබේ වටිනා ඡුන්දය දී, ලේ කඳුළු භීෂණය වැපිරුණු මරණය කරා යන මාර්ගයක් තනාගන්නවාද, නැතිනම් රජය මේ වනවිට ගෙනයන සංවර්ධන කටයුතු වලට සහාය දී ජලය, විිදුලිය මත්තෙන් ගොඩනැගෙන අනාගත සෞභාග්‍යයේ මාවත තනාගන්නවාද කියන එක. මේ ගැන ඔබ තමුන්නාන්සේලා ඉතා හොඳින් අවධානය යොමුකොට, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තම ඡුන්දය භාවිත කළ යුත්තේ කාටද යන්න තීරණය කළ යුතු යැයි අමාත්‍ය පාඨලි චම්ිපක රණවක මහතා අම්පාර දිස්ත‍්‍රික් ජනතාවට පෙන්වා දුන්නේය.