You are here:

HomeLatest Newsබලශක්ති සංරක්ෂණ පාගමන.
බලශක්ති සංරක්ෂණ පාගමන.
28 0

Posted by  in Latest News

දේශගුණික මෙන්ම කාලගුණික විපර්යාසයන්ගේ හේතුවෙන් මේ වනවිට රට මුහුණදී තිබෙන බලශක්ති අර්බුදය ජය ගැනීම උදෙසා, ජනතාව බලශක්ති සංරක්ෂණය කෙරෙහි යොමුකිරීම වෙනුවෙන් වන බලශක්ති සංරක්ෂණ පාගමනක්, පසුගියදා විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පාර්ලිමේන්තු මැතිඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

අපේක්ෂිත මෝසම් වර්ෂාව නොලැබීම හේතුවෙන් ජලවිදුලි උත්පාදනය ඉතා සීග‍්‍රයෙන් පහත බැද තිබේ. ඒ හේතුවෙන් තාප විදුලිය වැඩි වශයෙන් භාවිත කරයි. මේ තත්ත්වය මත බලශක්ති සංරක්ෂණයට හුරුවීම ජාතික යුතුකමකි. ඉදිරියේදී සමස්ත ලෝකයේම ඇතිවිය හැකි බලශක්ති අර්බුදය නිසි පරිදි හඳුනාගෙන ඒ සඳහා මුහුණ දියහැකි  අයුරින් ක‍්‍රියාත්මක වීමට විවිද වැඩසටහන් දියත්කර ඇත. එහි සුවිශේෂී අංගයක් ලෙස සියළු කාණ්ඩ ඒකරාශී කරගනිමින් මෙම බලශක්ති සංරක්ෂණ පා ගමන සංවිධානය කර තිබිනි.

එක්වෙමු …… පෙළගැසෙමු ….. බලශක්ති සුරක්ෂිත අනාගතයකට පියනගමු …… යන්න තේමා කරගනිමින්, සඟ,වෙද,ගුරු,ගොවි, කම්කරු යන පංචමහා බලවේගයන් ඒකරාශී කරගනිමින් පැවැත්වූ මෙම පාගමන, ගාළු මුවදොරින් ආරම්භ වී ලේක්හවුස් වටරවුම, ලංවිම මූලස්ථානය ඉදිරිපසින් විහාරමහාදේවි උද්‍යානය දක්වා ගමන් කෙරිණි.