විෂ්‍යයන් හා කර්තව්‍යන්

  • රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ප්‍රතිපත්තීන් මත පිහිටා බලශක්ති විෂයයට සහ II වැනි තීරුවෙහි දැකිවෙන දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන හා රජ්‍ය සංස්ථාවන්හි විෂයයන්ට අදාළ ප්‍රතිපත්ත, උපාය මාර්ග, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරීම, පසුවිපරම් කිරීම හා ඇගයීම.
  • අමාත්‍යාංශ විෂයය පථයට අයත් වන මහජන සේවාවන් කාර්යක්ෂමව හා මහජන හිතකාරි අයුරින් ලබා දීම.
  • නාස්තිය හා දූෂණය පිටු දකිමින් අමාත්‍යාංශයේ කාර්යභාරය ඉටු කිරීම සහතික කිරීමට ඉවහල් වන අකාරයට නවීන කළමණාකරණ ක්‍රම හා තාක්ෂණය යොදා ගනිමින් සියළුම ක්‍රම සහ විධි ප්‍රතිසංස්කරණය කිරීම.
  • සූර්ය, ජලය, තාපය, ගල් අඟුරු, අපද්‍රව්‍ය සහ සුළං යනාදි මූලාශ්‍රයන් මඟින් පුනර්ජනනීය බලශක්ති විදුලිය සහ අනෙකුත් බලශක්තිය නිපදවීම සම්බන්ධ කටයුතු ගවේශණය, සැලසුම්කරණය, සංවර්ධනය සහ අධීක්ෂණය
  • ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාවය සපුරාලීම සහ බලශක්ති සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම.
  • බලශක්ති කාර්යක්ෂමතාවය ඇති වන පරිදි ඉල්ලුම කළමනාකරණය කිරීම.
  • දිගුකාලීන අවශ්‍යතා පදනම් කරගත් විදුලි ජනන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම.
  • බලශකිත් සම්ප්‍රේෂණය හා බෙදාහැරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම.
  • ජනනය කරනු ලබන විදුලි බලය උපරිම කාර්යක්ෂමතාව සහිතව භාවිතා කිරීම සහතික කිරීම සඳහා සුහුරු ජාලයක් නිර්මාණය කිරීම.
  • විදුලිජනනය සඳහා දරණු ලබන පිරිවැය අඩු කිරීම සහ ජනනයේදී ඇතිවන අවිනිශ්චිතතා ඉවත් කිරීම
  • පවතින අධික වියදම් සහිත විදුලි උත්පාදන ප්‍රභවයන් අඩු වියදම්, පරිසර හිතකාමි, පුනර්ජනනීය ප්‍රභවයන් සමඟ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • ජාතික පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වල අයෝජනය සඳහා දේශීය සමාගම් වලට සමාන අවස්ථා ලැබෙන බව සහතික කිරීම.
  • කාර්මික අපද්‍රව්‍ය භාවිතයෙන් බලශක්ති උත්පාදනය වැඩි කිරීම.
  • සමුපකාර මූලධර්ම මත පදනම්ව බලශක්ති ඒකක ලෙස ක්ෂුද්‍ර ජාල ස්ථාපිත කිරීම
  • බලශක්ති කේෂේත්‍රයේ උපායමාර්ගික හවුල්කාරිත්වයන් සහ ආයොජන අවස්ථා ඇති කිරීම.
  • විශේෂයෙන් පවතින ගිවිසුම් අළුත් කිරීම මඟින් කුඩා පරිමාණ ජල විදුලි උත්පාදනය සඳහා නැවත ආයෝජනය කිරීම දිරිමත් කිරීම.
  • විදුලි බිල යාවත්කාලීන කිරීම සහ ඛනිජ තෙල් සහ ගෑස් සඳහා මිල සූත්‍රය යෙදීම සඳහා වඩාත් සධාරණ හා විනිවිද ක්‍රමයක් හදුන්වා දීම.
  • දිගුකාලීන අවශ්‍යතා මත බලශක්ති උත්පාදන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම.
  • ආයතනික කළමනාකරණ මට්ටමින් සිදුවන පාඩු සහ විදුලි ජනන හා බෙදාහැරීමේ පද්ධතියට සිදුවන තාක්ෂණික හානි අවම කිරීමට අවශ්‍ය පියවර ගැනීම.
  • විදුලි වාහන භාවිතයට පහසුකම් සැලසීම සහ දිරිගැන්වීම.
  • ශ්‍රී ලංකා බලශක්ති වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා කටයුතු කිරීම.
  • හරිතාගාර වායු විමෝජනය පාලනය කිරීම.
  • ග්‍රාමීය විද්‍යුතය
  • ඛනිජ තෙල් ආශිත නිෂ්පාදනය හා ස්භාවික ගෑස් ආනයනය කිරීම, පිරිපහදු කිරීම, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවි කිරීම සම්බන්ධීකරණය හා ක්‍රියාත්මක කිරීම
  • ඛනිජ තෙල් නිෂ්පාදනය හා පිරිපහදුව සම්බන්ධ කටයුතු
  • ඛනිජ තෙල් හා ස්භාවික ගෑස් ගවේෂණය හා ඒ ආශිත කටයුතු.
  • ඛනිජ තෙල් නිෂ්පාදන ප්‍රභවයන්ගෙන් ගෑස් සහ අතුරු නිෂ්පාදන වලට අදාළ කටයුතු, තොග පවත්වා ගැනීම හා නිෂ්පාදනය හා බෙදාහැරීම.
  • ඉන්දන සැපයීම හා බෙදාහැරීමට අදාළ වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.
  • බලශක්ති සම්පත් පාලනය, නියාමනය හා උපයෝගිකරණය උදෙසා උචිත බලශකිති ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම.
  • තෙල් පිරිපහදු කිරීමේ ධාරිතාව වැඩිදියුණු කිරීම සහ පෙට්‍රෝලියම් ද්වි නිෂ්පාදන ආශිත කර්මාන්ත දිරිමත් කිරීම.
  • ඉන්ධන සැපයීමේ විශ්වාසනීයත්වය, අඛණ්ඩව සහ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම.
  • ll වැනි තීරුවෙහි දැක්වෙන ආයතනයන්ට පැවරී ඇති අනෙකුත් සියළුම විෂයන්ට අදාළ කටයුතු
  • ll වැනි තීරුවෙහි දැක්වෙන සියළුම ආයතනයන් අධීක්ෂණය කිරීම.
 

ව්‍යවස්ථාපිත ආයතන


බලශක්ති අමාත්‍යාංශ විෂය පථය යටතේ පවත්නා ප්‍රධාන ආයතන පහත පරිදි වේ:

විදුලිබල අංශය

  • ලංකා විදුලිබල මණ්ඩලය සහ එහි පාලිත සමාගම්.
  • ලංකා විදුලිබල සමාගම
  • සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම
  • සීමාසහිත එල්. ටී. එල් හෝල්ඩින්ස් (පුද්ගලික) සමාගම
  • ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
  • සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තය
  • ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය
  • සීමාසහිත පොලිප්ටෝ ලංකා (පුද්ගලික) සමාගම
  • ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය
  • සීමාසහිත පරමාණුක බලශක්ති මණ්ඩලය
  • ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව
 

අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක අංශ


  • ආයතන හා පරිපාලන අංශය
  • සංවර්ධන අංශය
  • ප‍්‍රතිපත්ති තාක්ෂණික හා පර්යේෂණ අංශය
  • විදුලි උත්පාදන, සම්පේ‍්‍රෂණ හා බෙදාහැරීම් අංශය
  • සැලසුම් අංශය
  • ප‍්‍රසම්පාදන අංශය
  • මූල්‍ය අංශය
  • අභ්‍යන්තර විගණන අංශය