මොරගොල්ල ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය (මෙගා වොට් 31)
මොරගොල්ල යනු මහවැලි ගංගා ද්‍රෝණියේ ඉදිකරන ලද අවසන් ජල විදුලි ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතිය මහනුවර දිස්ත්‍රික්කයේ උලපනේ ප්‍රදේශයේ පිහිටා ඇත. ව්‍යාපෘතියේ අපේක්ෂිත වාර්ෂික බලශක්ති උත්පාදනය ගිගා වොට් පැය 100 කි. වේල්ල ඉදිකිරීම, උමං කැණීම, බලාගාරය ඉදිකිරීම සහ බලාගාර පිරිසැකසීම සිදු වෙමින් පවතී. සමස්ත ප්‍රගතිය 59% කි. 2024 දෙසැම්බර් වන විට ව්‍යාපෘතිය අවසන් කර විදුලිය උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ. ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 114 කි.
